දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
DIG මාරු කරන්න ගියොත් මේ රටක් අපි ඉතුරු කරන්නෙ නෑ ! - රතන හිමි
Homeප්‍රවෘත්ති

DIG මාරු කරන්න ගියොත් මේ රටක් අපි ඉතුරු කරන්නෙ නෑ ! - රතන හිමි

PropellerAds

අ ත්අඩංගුවේ පසුවන වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව සිදු කෙරෙන විමර්ශනවලට ඇමතිවරුන් බාධා කළහොත් ඉතාම බරපතළ තත්වයක් මතුවිය හැකි බවට පාර්ලිමේන්තු...

ඡන්දය තවත් කල්දාන්න සැලසුම් සහගත උප්පරවැට්ටියක්
ඇමැති දයාගේ මාධ්‍ය ලේකම් හදිසියේ ඉල්ලා අස්වෙයි
මහින්දගේ පක්ෂය ආපසු හරවන්න ශ්‍රීලනිපයේ වෑයමක්
ත්අඩංගුවේ පසුවන වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව සිදු කෙරෙන විමර්ශනවලට ඇමතිවරුන් බාධා කළහොත් ඉතාම බරපතළ තත්වයක් මතුවිය හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඊයේ (27) දැඩි ආවේගශීලී සහ ප්‍රකෝපකාරී ලෙස අනතුරු හඟවා සිටියේය.

මෙම විමර්ශනවලට බාධා නොකරන ලෙසත් දුරකථන ඇමතුම් ලබා නොදෙන ලෙසත් පැවසූ රතන හිමි "ඇමතිවරු හිතං ඉන්නවා නම් ඒ ගොල්ලො මේ රට පලනය කරන්නෙ කියලා, එහෙම පාලනය කරන්න දෙන්නෙ නෑ අපි මින් පස්සෙ. මින් පස්සෙ මේ රට පාලනය කරන්නෙ මහපාරෙ ඉඳගෙන අපි කියන එක මං මේ අවස්ථාවෙ කියන්න කැමතියි" යනුවෙන් සඳහන් කළේය.

අමාත්‍යාංශ ලේකම්වරුන්ට අවශ්‍ය ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාව මාරු කිරීමට හෝ වැඩ තහනම් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ රතන හිමි මේ පිළිබඳ විමර්ශනය ජාතික මට්ටමෙන් මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් ද කළ යුතු බව අවධාරණය කළේය.

එසේම, අදාළ වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි භාරගැනීම පමණක් සිදු කෙරෙන, පරීක්ෂණ ආරම්භ වී නොමැති මට්ටමකදී රතන හිමියන් මාධ්‍යවෙත ප්‍රකාශ කළේ වෛද්‍යවරයාට එරෙහි චෝදනා 99%කින්ම තහවුරු වී ඇති බවකි. එසේ පවසා ජනතාවට කුපිත නොවන්නැයි ද එහිමි ප්‍රකාශ කළේය.

එසේම ඇමතිවරුන් මීට බලපෑම් කිරීමට පැමිණියහොත් ලක්ෂ ගණන් මහජනතාව සමඟ පැමිණ ඇමතිවරුන්ගේ නිවාස වටළන බව කී රතන හිමි " DIG ට්‍රාන්සර් කරන්න, DIGට දඬුවම් දෙන්න පටං ගත්තොත් මතක තියාගන්න, මේ රටක් අපි ඉතුරු කරන්නෙ නෑ !" යනුවෙන් තර්ජනයක් ද කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා දිනක් තුළ ඉල්ලා අස්විය යුතු බව ද එහිමි අවධාරණය කළේය.

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (27) කුරුණෑගල රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

අප මුල පටන්ම සටහන් කළේ මෙම සහාබ්දීන් වෛද්‍යවරයා නීතිවිරෝධී යමක් කර ඇත්නම් ඔහුට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතු නමුත් වෙනත් පාර්ශ්ව නීතිය අතට ගැනීමට උත්සාහ කිරීම, නීතිය නැවීම සහ ජාතිවාදය අවුස්සා නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කිරීමට තැත් දැරීම බරපතළ තත්වයක් බවයි.

මේ වනවිට රට පාලනය කරන්නේ තමන් බව කියමින් "රටක් ඉතුරු නොකරන බවට" තර්ජනය කරන භික්ෂුන් වහන්සේ නමක් ද මේ වනවිට අපට හමුවී තිබේ.


Loading...
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: DIG මාරු කරන්න ගියොත් මේ රටක් අපි ඉතුරු කරන්නෙ නෑ ! - රතන හිමි
DIG මාරු කරන්න ගියොත් මේ රටක් අපි ඉතුරු කරන්නෙ නෑ ! - රතන හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEPD4OdYzFluNI9be4IjD5KXllhZnIuSp0CI27vBH_ytAwY4DtYFX9WJEBSfrD3Nju6uHdok6WU2irAPKjQ3iZqh_3ciu-pfKZ9UeyghgNUUcnbm29eStflSeZgOevOhyphenhyphenn0YAdNBiQIAej/s320/athuraliye-rathana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEPD4OdYzFluNI9be4IjD5KXllhZnIuSp0CI27vBH_ytAwY4DtYFX9WJEBSfrD3Nju6uHdok6WU2irAPKjQ3iZqh_3ciu-pfKZ9UeyghgNUUcnbm29eStflSeZgOevOhyphenhyphenn0YAdNBiQIAej/s72-c/athuraliye-rathana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/dig_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/dig_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy