දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්දය තවත් කල්දාන්න සැලසුම් සහගත උප්පරවැට්ටියක්
Homeප්‍රවෘත්ති

ඡන්දය තවත් කල්දාන්න සැලසුම් සහගත උප්පරවැට්ටියක්

PropellerAds

සීමා නිර්ණය කමිටුව හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව සිතා මතා ඡන්දය කල් දැමීමේ දුෂ්ඨ ක්‍රියා පිළිවෙතකට යොමු වී ඇති බැවින් එයට වග...

රුහුණු සරසවියෙන් නව ඉන්ධනයක් සොයාගනී (PHOTOS)
සතියකදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් 427ක්
'මිහින් ලංකා' වෙනුවෙන් ශ්‍රිලනිපය ඉදිරිපත් වෙයි
ඡන්දය තවත් කල්දාන්න සැලසුම් සහගත උප්පරවැට්ටියක්

සීමා නිර්ණය කමිටුව හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව සිතා මතා ඡන්දය කල් දැමීමේ දුෂ්ඨ ක්‍රියා පිළිවෙතකට යොමු වී ඇති බැවින් එයට වගකිවයුතු සියළු දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග කරා යොමුවීමට කටයුතු කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ඊයේ (27) සීමා නිර්ණය පිළිබද කමිටු වාර්තාව අමාත්‍යාංශය වෙත බාරදීමට නියමිතව තිබූ නමුත් කමිටුව විසින් අදාළ වාර්තාව බාරදීමෙන් වැලකී සිට ඇති බවත් පරිවර්ථන කටයුතු අවසන් නොවීම එයට හේතු වශයෙන් දක්වා ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

සීමා නිර්ණය කමිටුව 2016 මාර්තු මස සිය වාර්තාව ලබා දෙන බව මුලින්ම ප්‍රකාශ කළේය. ඉන් පසුව අප්‍රේල් 30, අගෝස්තු 31, ඔක්තෝබර් 31 ලෙස කමිටු වාර්තාව බාරදීම දින ප්‍රකාශ විය. තම කමිටුවේ ඉල්ලීමක් පවා නොමැතිව එහි කාලය දීර්ඝ කොට ඇතැයි ප්‍රකාශ කළ එහි සභාපති අශෝක පීරිස් මහතා තමන් නොවැම්බර් 30 දින වාර්තාව බාර දෙන බව වරක් ප්‍රකාශ කළේය. එයින් දින කිහිපයට පසුව, මාධ්‍ය සාකච්ඡාවක දී අශෝක පීරිස් මහතා ප්‍රකාශ කළේ දෙසැම්බර් 15 දින වාර්තාව බාරදෙන බවයි. ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා එයට ප්‍රතිචාර දැක්වුවේ, තමන්ට දෙසැම්බර් 15 වාර්තාව ලැබෙන්නේ නම් එය දෙසැම්බර් 16 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. පසුව ඒ සදහා ඊයේට (දෙසැ. 27) දින නියම විය. 

මැතිවරණය කල් දැමීමට උත්සහ දරන දුෂ්ඨ බලවේගයන්ට සීමා නිර්ණය කමිටුව නතුව ඇති බව බැලූ බැල්මට පෙනී යයි. වාර්තාවේ පරිවර්ථන කටයුතු සිදු කිරීමට අවශ්‍ය මානව සම්පත් ලබාදීම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඔහුගේ නිලධාරීන් විසින් පැහැර හැර ඇත්නම් ජනතා පරමාධිපත්‍යයට බාධා කිරීම සම්බන්ධයෙන් ඔවුහු සෘජුව වගකිව යුතුය. එය වෘත්තීය වගකීම් පැහැර හැරීමක් ද වේ. 

තම වගකීම් හා කාර්ය පටිපාටියෙන් බැහැරව, වාර්තාව අගමැතිවරයා වෙත යොමු කොට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඡන්දය කල් දමා ගැනීමේ උත්සාහයක් මේ වන විට දියත්ව තිබේ. ඒ තුලින් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමේ දේශපාලන වාසිය ලබාගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක් උත්සහ දරමින් සිටී. 

සීමා නිර්ණය කමිටුව, අමාත්‍යාංශය සහ මැතිවරණය කල් දැමීමට හෝ සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම සදහා උත්සහ දරණ කණ්ඩායම් හි දුෂ්ඨ උපක්‍රමය පරාජයට පත් කිරීමට මෙරට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන පෙරමුණ ගත යුතුව ඇතැයි ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ පුවත්පත් නිවේදනයේ දැක්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්දය තවත් කල්දාන්න සැලසුම් සහගත උප්පරවැට්ටියක්
ඡන්දය තවත් කල්දාන්න සැලසුම් සහගත උප්පරවැට්ටියක්
http://ift.tt/2hMsVFt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_376.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_376.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy