ප‍්‍ර වීණ රංගනවේදී ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ එ්...
ප්රවීණ රංගනවේදී ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.
කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ එ් මහතා 68 හැවිරිදි වියෙහි පසු විය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘රත්තරන්’’ වේදිකා නාට්‍යයට රංගන දායකත්වය ලබාදෙමින් රංගනයට අත්පොත් තැබූ ඒ මහතා වේදිකා, ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට රැසක සිය රංගන ප‍්‍රතිභාව විදහාලූ එ් මහතා දඩබිම, ටෙලි නාට්‍යයෙහි රඟ පෑ මයිකල් නම් වූ මන්ද බුද්ධික පුද්ගලයාගේ චරිතය වෙනුවෙන් 1991 වසරේදී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමිකරගත්තේය.
අනතුරුව සෙක්කුව, මී පුර වැසියෝ, ඇසළ සඳ, වෙඩික්කාරයා, විනිශ්චය ඇතුළු වේදිකා නාට්‍ය 100කට පමණ රංගනයෙන් එක්වූ එ් මහතා මෙරට රූපවාහිනි පේ‍්‍රක්ෂක හදවත් දිනා ගත් යශෝරාවය, සිහිනපුරය, මිල්ලෑව වලව්ව ආදී ටෙලි නාට්‍ය ගණනාවකටද සිය රංගන දායකත්වය එක් කළේ සුවහසක් වූ පේ‍්‍රක්ෂක ජනතාව අමන්දානන්දයට පත් කරමිණි.
සිනමාව වෙනුවෙන් ද සිය රංගන දක්ෂතා විද්‍යාමාන කළ ගාමිණි හෙට්ටිආරච්චි මහතා අස්වැසුම, සිංහාවලෝකනය, බහුබූතයෝ, අයෝමා, කොස්තාපල් පුඤ්ඤසෝම ඇතුලූ චිත‍්‍රපට රැුසකටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය
කොළඹ නාලන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඒ මහතා කලක් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙකු ලෙස ද සේවය කළේය.
රංගන ශිල්පිනී ප‍්‍රතිභා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු දරුවන් දෙදෙනකුගේ පියකු වූ ගාමිණි හෙට්ටිආරච්චි මහතා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වන සුභාෂිනී හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමි පුරුෂයා විය.
අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ රංගනවේදී ගාමිණි හෙට්ටිආරච්චි මහතාගේ දේහය රාජගිරියේ පිහිටි එ් මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.
සුජීව තත්සර

COMMENTS