දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරටට ගෙන්වූ කසල ආපසු යවන්න බෑ.. යවන කතා බොරු…
Homeප්‍රවෘත්ති

මෙරටට ගෙන්වූ කසල ආපසු යවන්න බෑ.. යවන කතා බොරු…

PropellerAds

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙරටට ගෙන්වූ කසළ නැවත කසළ ගෙන්වූ රටට හරවා...

''සිරිසේන මහත්තයා දැන් කියන එක නෙවෙයිනේ තව ටිකකින් කියන්නේ'' අත්සන් 21000 කතාව ගැන හිරුණිකා කියපු දේ !
''සිරිසේන මහත්තයා දැන් කියන එක නෙවෙයිනේ තව ටිකකින් කියන්නේ'' අත්සන් 21000 කතාව ගැන හිරුණිකා කියපු දේ !
රනිල් ක‍්‍රියාත්මකයි.. දුරකතනය විසන්දි වෙන්න ආසන්නයි… සජිත් පිලට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෙරටට ගෙන්වූ කසළ නැවත කසළ ගෙන්වූ රටට හරවා යවන්න බෑ. එසේ යැවීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස්දීම නීති විරෝධීයි! බාසල් සම්මුතිය උල්ලංඝණය කිරීමක්!
පසුගිය වසර කිහිපයතුළ මෙරටට ආනයනය කරන ලද කසල කන්ටේනර් අතරින් කටුනායකදී හමුවූ කසල කන්ටේනර් මෙරටින් පිටකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාල සමාගමට කරන ලද නියෝගය මෙරට ජනතාව හා මාධ්‍ය නොමග යැවීම සදහා ගන්නා ලද උත්සහයක් ලෙස අප සංවිධානය හදුන්වන්නෙමු.

කසල ගෙන්වූ මහාපරිමාණ ව්‍යාපාරිකයා බේරා ගැනීමේ අදහසින් මධ්‍යම පරිසර අධිකාරිය හා ඊට වගකිවයුතු ආයතන දැඩි වෙහෙසක් ගන්නා ආකාරය අප සංවිධානයට නිරීක්ෂණය වෙමින් පවතී. යහපත් පරිසරයක ජීවත්වීම පාරිභෝගික අයිතීන්ගෙන් ඉතා වැදගත් අයිතිවාසිකමක් බව අවධාරණය කරමින් කසළ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වන සියලුම කරුණු හෙළිදරව් කිරීමට අප කටයුතු කරන බව මෙරට පාරිභෝගික ජනතාවට දැනුම්දෙමු.

1989 මාර්තු 22 දින අත්සන් කිරීම සඳහා විවෘත කරන ලද  1992 මැයි 5 දින සිට බලාත්මක්මක වූ බාසල් සම්මුතියට අනුව කිසිම රටකින් තවත් රටකට උපද්‍රවකාරී අපද්‍රව්‍ය යෑවීම කෙසේවත් කල නොහැක. 2018 ඔක්තෝබර් වන විට ප්‍රාන්ත 186 ක්  මෙම සම්මුතියට අත්සන් කර ඇත.

උපද්‍රවකාරී අපද්‍රව්‍යවල අන්තර්වාර්‍ගික චලනයන් පාලනය කිරීම සහ ඒවා බැහැර කිරීම පිළිබඳ වන සම්මුතිය  බාසල් සම්මුතිය ලෙස හැඳින්වේ. මෙය ජාතීන් අතර අන්තරායකර අපද්‍රව්‍ය සංචලනය අවම කිරීම සඳහා සහ විශේෂයෙන් සංවර්ධ වූ අන්තරායකර අපද්‍රව්‍ය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා නිර්මාණය කරන ලද ජාත්‍යන්තර  ගිවිසුමකි.අඩු සංවර්ධිත රටවල  උත්පාදනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය හා විෂවීම අවම කිරීම, පරිසර හිතකාමී ලෙස කළමණාකරණය උත්පාදනය කිරීමේ ප්‍රභවයට හැකි තරම් සමීපව සහතික කිරීම  හා අන්තරායකර සහ අනෙකුත් අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමට සහාය වීම ද මෙම සම්මුතියේ අරමුණයි.

උක්ත සම්මුතියට අනුව කිසිම රටකින් තවත් රටකට එම රටේ නිසි අවසරයකින් තොරව කසළ අපනයනය කල නොහැක. ලංකාවට කසළ ගෙන ඒමට නම් මධ්‍යම පරිසර අධිකාරියේ කැමැත්ත අනිවාර්යෙන්ම ලබා ගත යුතුය. මෙරටට කසළ ගෙන්වූ සමාගම් මධ්‍යම පරිසර අධිකාරියෙන් කසළ ගෙන්වීම සදහා නිසි අවසරයක් ලබා ගෙන නැත.

කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් හා දුප්පත් මහජනතාවගෙන් සුලු වැරුද්දකදී වුවද උරණව කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙරට කසළ ගෙන්වූ මහාපරිමාණ සමාගමට විරුද්ධව උපදෙස් දෙනු ලබන්නේ මෙරටට ගෙනආ කසළ නැවත එම රටට යවන ලෙස පමණි. එසේ උපදෙස්දීම ද නිති විරෝධිය. මෙසේ කසළ රදාවා තැබීම නීති විරෝධී බව හා එදේ රදවා තැබීමෙන් පරිසරයට විෂ දව්‍ය මුදා හැරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කලත් එම හානිය වලක්වා ගැනීම සදහා තවම කටයුතු කර නැත.

මධ්‍යම පරිසර අධිකාරියේ මෙම අංශය භාරව සිටින පුද්ගලයාගේ නීති විරෝධි ක්‍රියාකළාපය පිළිබදව  අප සංවිධානය විසින් මීට පෙර හෙලිදරව්කලද මෙරට පාලකයින් ඔහුට එරෙහිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. නීති විරෝධීව 2015 සිට මෙරටින් තඔ අපනයනය කිරීම සදහාද ඔහු විසින් එක් සමාගමකට  අනුග්‍රහය දක්වා ඇත.තවද අප සංවිධානය කරණ ලද පැමිණිල්ලකට අනුව ජා ඇල ප්‍රදේශයේ පවත්ගෙන යනු ලබන නීතිවිරෝධී විද්‍යුත් අපද්‍රව්‍ය  එක් රැස් කරන ස්ථානයක් පොලිසිය විසින් වැටලූ අතර එම සමාගමට විරැද්ධවද මෙම නිළධාරීයා නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැත.

මෙරටට කසළ ගෙන්වා ඇත්තේ එංගලන්තයෙන් පමණක් නොව වෙනත් රටවලින් කසළ ගෙන්වූ බවට වන කරුණුද අප සංවිධානය සතුව ඇත. ඉදිරියේදී අප එම කරුණු හෙළිදරව් කිරීමට බලාපපොරොත්තුවෙමු.

කෙසේ වෙතත් මෙරටට කසළ ගෙන්වීම බාසල් ගිවිසුමට අනුව නීතිවිරෝධී වීම හා එම කසළ නැවත එම රටට යැවීමට උපදෙස් දීම බාසල් ගිවිසුම කඩකිරීමක් වන නිසා අප සංවිධානය ඒ පිළිබදව බාසල් ගිවිසුම භාර කටයතු කරන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයතු කරන බවද දන්වන අතර මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙරටට කසළ ගෙන්වූ සමාගම හා එම සමාගම ආරක්ෂා කිරීමට කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාමාර්ගයක්  කරන ලෙසයි.



රංජිත් විතානගේ

සභාපති

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරටට ගෙන්වූ කසල ආපසු යවන්න බෑ.. යවන කතා බොරු…
මෙරටට ගෙන්වූ කසල ආපසු යවන්න බෑ.. යවන කතා බොරු…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0G-di9RaY8NyfWV_6LRGwHbNoechwTrWvQOW92mGQOk7SGUbIcuSqJGS371kI-mGjTygvxxRBMxezspf6ph7hYWJ48jxfL_lktLiS4Ox_zRZYMCZ2HjlAczpEEs-qoSWFD-GN8h0RCerf/s320/kunu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0G-di9RaY8NyfWV_6LRGwHbNoechwTrWvQOW92mGQOk7SGUbIcuSqJGS371kI-mGjTygvxxRBMxezspf6ph7hYWJ48jxfL_lktLiS4Ox_zRZYMCZ2HjlAczpEEs-qoSWFD-GN8h0RCerf/s72-c/kunu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_819.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_819.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy