දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රට තුළ ගිණි අවුලවන්නන් මාතෘභූමියේ ද්‍රෝහීන්' - කතානායක
Homeප්‍රවෘත්ති

'රට තුළ ගිණි අවුලවන්නන් මාතෘභූමියේ ද්‍රෝහීන්' - කතානායක

PropellerAds

ර ට තුළ ගිණි ඇවිලවීමට උත්සාහ දරණ හෝ කිසියම් සහයක් දක්වන හෝ පුද්ගලයන් නිසැකවම අප මාතෘභූමියට ද්‍රෝහි වන්නන් බවත් ඔවුන් තවමත් හය හතර නොදත් කුඩ...

කොළඹ පැල්පත්වාසීන් ඉවත් කරයි
රුපියල් 2000කට ළදරුවා අළෙවි කිරීමට ගිය මව අත්අඩංගුවට
ශ්‍රිලනිපයෙන් කොළඹට ආසන සංවිධායකවරයෙක්
ට තුළ ගිණි ඇවිලවීමට උත්සාහ දරණ හෝ කිසියම් සහයක් දක්වන හෝ පුද්ගලයන් නිසැකවම අප මාතෘභූමියට ද්‍රෝහි වන්නන් බවත් ඔවුන් තවමත් හය හතර නොදත් කුඩා දරුවන්ගේ මෙන්ම නූපන් පරපුරේ අනාගතය පවා අවධානමකට ඇද දමනු ඇති බවත් කතානායක කරු ජයසූරිය මහතා කියා සිටියි.

කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරකම් සහ සිතාමතා සිදුකරනු ලබන සාමයට හානිකර ප්‍රචාරණයන් පිළිබඳව මෙම මාතෘභූමියට සහ අනාගත පරපුරට ආදරය කරන පුරවැසියන් ලෙස ඔබ සැමගේ අවධානය යොමුකරවමි.

ත්‍රස්ථවාදයේ අමිහිරි අත්දැකීම යටපත් කර නැවතත් සමගි සම්පන්නව එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සාමය ගොඩනැගීමට කැපවිය යුතු බවට සියළු ආගමික නායකයන් සහ බුද්ධිමත් ජනතාව එකම මතයකට පැමිණ ඇති මෙම අවස්ථාවේ දී කවර අන්දමක හෝ ජාතිවාදී, ආගම්වාදී ක්‍රියා එක හෙළා ප්‍රතික්ෂේප කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමය.

එම යුතුකම මේ මොහොතේ පැහැර හැරීම නැවතත් මකාදැමිය නොහැකි කැළලක් ඉතිහාසයට එක්කරනු නොවැලැක්විය හැක.

මෙම අවස්ථාවේ දී එවැනි ක්‍රියාවන්ට කිසියම් හෝ සහයක් දක්වන පුද්ගලයන් නිසැකවම අප මාතෘභූමියට ද්‍රෝහි වන්නන්ය.

නූපන් පරපුරේ අනාගතය:

ඔවුන් තවමත් හය හතර නොදත් කුඩා දරුවන්ගේ මෙන්ම නූපන් පරපුරේ අනාගතය පවා අවධානමකට ඇද දමයි.

රට තුළ ගිණි ඇවිලවීමට උත්සාහ දරණ එම ජාතිවාදීන් සහ සිය නොදරුවන්ද බිලිදෙමින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගත් ත්‍රස්ථවාදීන් අතර කිසිඳු වෙනසක් නොමැත.

එම දෙපිරිසම පිටුපස ඇත්තේ ඔවුන්වත් නිවැරදිව අවබෝධ කර නොගත් පටු අරමුණු සාක්ෂාත් කරගැනීමට මානබලමින් සිටින දේශීය හෝ විදේශීය කුරිරු බලවේගයන්ය.

ම්ලේච්ඡ කුරිරු න්‍යායපත්‍රයන්:

එවැනි බලවේග වල ඉත්තන් බවට පත්ව දුරදිග නොබලා ම්ලේච්ඡ කුරිරු න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරන පිරිස් සාමකාමී ජනතාවගේ සාමූහික ශක්තියෙන් ඉඳුරාම පරාජය කළ යුතුය. ඔවුන් නීතිය හමුවට පමුණුවා උපරිමයෙන් දඬුවම් කළ යුතුය.

එබැවින් ජනතාව ජාතිවාදී හෝ ආගම් වාදී හින්සනයන්ට පොළඹවන සකලවිධ ක්‍රියාවන් සහ ඒ පිටුපස සිටින පුද්ගලයන්ට එරෙහිව ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ලෙස නැගීසිටින ලෙසත්, කිසිඳු ලෙසකින් එවන් කුරිරු ප්‍රයත්නයන්ට දායක නොවන ලෙසත්, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලාසිටිමි.

අප මාතෘභූමියත් එහි දූ පුතුන්ගේ අනාගතයත් ජාතිවාදී, ආගම්වාදී ගින්නෙන් වැනසීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතබන ලෙස යළිත් ඉතා ඕනෑකමින් ඉල්ලාසිටිමි.

කරු ජයසසූරිය
කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රට තුළ ගිණි අවුලවන්නන් මාතෘභූමියේ ද්‍රෝහීන්' - කතානායක
'රට තුළ ගිණි අවුලවන්නන් මාතෘභූමියේ ද්‍රෝහීන්' - කතානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_LD8vKKvet_-F9rzt97TAV9V_HvJTYVx-me0zpQS8Up0Xbk5fBYYZ_EHhy3IvUsGExBvAgl3ntOyM_y75wRlVtllNiKihtVA8C0Nc2SspkOvV1stA_7FyBGO0eUGfBHkSbt7qp2A92qgW/s320/41d6493b79f1ba4973f30e77adddcf27_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_LD8vKKvet_-F9rzt97TAV9V_HvJTYVx-me0zpQS8Up0Xbk5fBYYZ_EHhy3IvUsGExBvAgl3ntOyM_y75wRlVtllNiKihtVA8C0Nc2SspkOvV1stA_7FyBGO0eUGfBHkSbt7qp2A92qgW/s72-c/41d6493b79f1ba4973f30e77adddcf27_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_916.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_916.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy