කොළඹ නගරයේ පැල්පත්වාසීන් ඉවත්කර ඒ අය වෙනුවෙන් වෙනම නිවාස ඉදිකරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි....
කොළඹ නගරයේ පැල්පත්වාසීන් ඉවත්කර ඒ අය වෙනුවෙන් වෙනම නිවාස ඉදිකරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) එම අමාත්‍යංශයේ නිළධාරීන් සමඟ පැවති හමුවකදීය.
එසේම වසර 04ක් අතුළතදී කොළඹ දිස්ක්‍රික්කයේ සිදුකරන වෙනස පිළිබඳවද ඔහු මෙහිදී අදහස් දැක්වීය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"දැනට ගොඩනැගෙමින් තිබෙන මූල්‍ය නගරයට යාබදව බේරේ වැව වටේ ප‍්‍රදේශය හා එහි ජල කදම්භය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා, පැල්පත්වාසීන් ඉවත් කර ඒ අයට වෙනම නිවාස ඉදිකොට, බස්නාහිර මහා නගරයේ ප‍්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථාන බවට පරිවර්ථනය කරනවා. කොටුව දුම්රිය ස්ථානය, වරාය හා ප‍්‍රධාන බස්නැවතුම යා කරන, ප‍්‍රධානතම ප‍්‍රවාහන මධ්‍යස්ථානය හා තවත් ප‍්‍රවාහන මධ්‍යස්ථාන 05 ක් සමග සම්බන්ධ කරනවා බස්නාහිර පළාතේ ප‍්‍රධාන මාර්ග, හයිලෙවල් මාර්ගය, මීගමු මාර්ගය, ගාලූ පාර, හොරණ පාර, යන මාර්ග යා කරන ප‍්‍රවාහන මධ්‍යස්ථානය සමග කරන්නත් ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා." යි පැවසීය.
COMMENTS