මාස 06ක් පමණ වයසැති තම සිඟිති දරුවා රුපියල් 2000කට අළෙවි කිරීමට උත්සාහ කළ 45 හැවිරිදි කාන්තාවක් මහනුවර මූලස්ථාන පොලීසියේ කොට්ඨාස ළමා හා කා...
මාස 06ක් පමණ වයසැති තම සිඟිති දරුවා රුපියල් 2000කට අළෙවි කිරීමට උත්සාහ කළ 45 හැවිරිදි කාන්තාවක් මහනුවර මූලස්ථාන පොලීසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට, උල්ලඳුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම විවාහක කාන්තාව මැද පෙරදිග සේවය සඳහා ගොස් දැනට මාස 02කට ඉහතදී නැවත මෙරටට පැමිණ ඇති අතර පොලීසිය සඳහන් කළේ ඇය විදේශගතව සිටියදී මෙම දරුවා ප්‍රසූත කොට තිබේ.
ඇය පසුගිය 03 වනදා ලංකාවට පැමිණ ඇත්තේ මෙම ළදැරියක් සමග වන අතර ඇයගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා විසින් ළදැරිය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
එ් හේතුව නිසා අදාළ කාන්තාව දැරිය රුපියල් 2000 ක් වැනි සුළු මුදලකට විකිණීමටයි තීරණය කර තිබේ.
තම දරුවා විකුණන බවට පුද්ගලයන් කිහිපදෙනෙකුට ඇය පවසා ඇති අතර ඒ සදහා ගැණුම්කරුවෙකු සොයා දෙන ලෙස ද දැනුම් දී ඇති බව වාර්තා වේ.
එලෙස දැනුම් දුන් පුද්ගලයෙකු විසිනුයි මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය වෙත මේ පිළිබඳව දැනුම්දී ඇති අතර අදාළ කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.
මහනුවර මූලස්ථාන පොලීසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
මහනුවර - කමල් සුරවීර
COMMENTS