ද කුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුන...
දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුනිල් ප්‍රේමරත්න හෙවත් ඇට ඉන්දික අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන මොහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කරන්දෙණිය - එගොඩවෙල ප්‍රදේශයේදියි.
මොහු කළක සිට වනගතව සිට ඇති අතර, හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ කොල්ලකෑමේ සිද්ධිවලට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබුණා.
38 හැවිරිදි මෙම සැකකරු කරන්දෙණිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය ඝාතනයට ලක්වූයේ 2006 ජූනි 11 වනදායි.
මෙම ඝාතන සිද්ධියේ අනෙක් සැකකරු වන පාතාල සාමාජික හර්ෂ යසස්ශ්‍රීී රාජගිරිය ඔබේසේකරපුරදී වෙඩි කබා ඝාතනය කර තිබුණේ 2016 වසරේ මාර්තු 7 වනදායි.

COMMENTS