දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැකිරාව දැරියට අවශ්‍යනම් ජාතික පාසලක්.
Homeප්‍රවෘත්ති

කැකිරාව දැරියට අවශ්‍යනම් ජාතික පාසලක්.

PropellerAds

කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් පාසෙලන් ඉවත්කළ දැරියට අවශ්‍යනම් ජාති...

මියගිය කොරෝනා රෝගී කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියට අත්වූ ඉරණම
සැගව සිටි බදියුදීන් CIDය එන විට ඇපල් දුරකතනය උඩුමහලෙන් බිමට දාලා !
ජනපති ගෝඨාභය බලවත් වෙන්නේ 29දා සිට

කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් පාසෙලන් ඉවත්කළ දැරියට අවශ්‍යනම් ජාතික පාසලක් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

මේ අතර සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ රාජකාරී තහනම් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන් ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇය මුහුණදෙන ගැටළු අවම කරගත හැකි පරිදි නේවාසික පහසුකම් සහිත පාසලක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සිසුවිය මානව හිමිකම් ලියුම නිසා කබලෙන් ලිපට

මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් දැරියගේ මවට සහ පියාට ලබන සදුදා (6) දිනයේ කොළඹ මානව හිමිකම් කාර්යාලයේ පෙනී සිටින ලෙස දැනුම් දී  තිබේ.

එදිනෙදා කුලී වැඩක් කර යන්තම් වේල පිරිමසා ගන්නා මොවුන්ට කොළඹ යෑම සඳහා  බස් කුලී වත් හොයා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව දැරියගේ මවුපියන් පවසයි.

මෙම දැරිය තවමත් පාසලට ඇතුළත් කරගෙන නොමැති අතර මඩාටුගම රේවත විද්‍යාලයේ ගුරු දෙගුරු සමිති ය පවත්වා මෙම දැරිය පාසලට ඇතුළත් කරගන්නේ නම් ගුරුවරුන් කිහිප දෙනෙකු පාසලෙන් ඉවත්වන බවට දැනුම් දී ඇත.

විවිධ පරීක්ෂණ සඳහා නුරාධපුරය, දඹුල්ල ආදී ප්‍රදේශ පොලිසි වලට ගමන් කිරීම නිසා තමන්ට කුලී වැඩක් කර ගැනීමට හෝ අවස්ථාවක් නොමැති බව දැරියගේ පියා පැවැසීය.
තම දියණිය පාසලෙන් ඉවත් කිරීම සඳහා විදුහල්පතිනියට බලපෑම් කළ ගුරුවරයා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ දැරියගේ මව කියා සිටියේ‍ෙ
"දැන් වෙලා තියෙන්නේ මගේ දුවට තවමත් ඉස්කෝලේ යන්න  නැති එක. විදුහල්පතිතුමියවත් වෙනත් කවුරුවත් ස්කෝලයක් දෙනවා කියලා අපිට කිව්වේ නෑ. හැබැයි දුවගේ පන්තිභාර මැඩම් ඇවිල්ලා එක දවසක් කිව්වා දුව ඉස්කෝලෙට ගන්නවා කියලා. හැබැයි තවමත් ගත්තේ නෑ. 

 මම කවදාවත් කොළඹ ගිහිල්ලත් නෑ කොළඹ දැකලත් නෑ කොහොමද අපි  කොළඹ යන්නේ, අඩුම තරමේ කොළඹ යන්ඩ ඕනෙ කොහොමද  කියලවත් අපි දන්නේ නෑ .ඔය කියන මානව හිමිකම් එක තියෙන තැන දන්නෙත් නෑ. පුලුවන්නම් බස් එකෙන් බහින තැනට වත් කවුරුහරි අවොත් අපි එක්ක යන්න ලොකු දෙයක්." යනුවෙන්ද ඇය කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැකිරාව දැරියට අවශ්‍යනම් ජාතික පාසලක්.
කැකිරාව දැරියට අවශ්‍යනම් ජාතික පාසලක්.
http://ift.tt/2yVy5uz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_913.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_913.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy