පොලිස්පතිවරයා විසින් කළ පහරදීමේ වීඩියෝ පටය මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමෙන් අනතුරුව ද ශ්‍රී ලංකා පොලීසිය පරීක්ෂණ පැවැත්වූයේ පහරදීම ගැන නොව...
පොලිස්පතිවරයා විසින් කළ පහරදීමේ වීඩියෝ පටය මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමෙන් අනතුරුව ද ශ්‍රී ලංකා පොලීසිය පරීක්ෂණ පැවැත්වූයේ පහරදීම ගැන නොව වීඩියෝ පටය මාධ්‍ය වෙත ලැබුණේ කෙසේද යන්න පිළිබඳවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්පූර්ණයෙන් ම සිය අවධානය යොමු කළේ එය පහරදීමක් නොව කමිස කොළරයෙන් ඇදීමක් පමණක් බව කියන්නටය. පුද්ගලයකුගේ අභිමානයට හානි වන අයුරින් හැසිරීම ගැන වගක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට තිබුණේ නැත. මේ පිළිබඳව ප්‍රශ්නය හමුවේ අමාත්‍ය මණ්ඩලය කළේ එය දෙකයි පනහේ විහිළුවකට ගැනීමය. ඒ, සමරකෝන් බණ්ඩා සුළු ම සුළු සේවකයකු වීම නිසාවෙනි. පොලිස්පති යනු පොලීසියේ ඉහළම තනතුරයි. එහෙයින් නීතියක් නැති රටක සමරකෝන් බණ්ඩාට උරුම වන්නේ සිය 35 වසරක සේවා මතකය කිහිල්ලේ රැවාගෙන නිහඬව ම පොලිස් මූලස්ථානයෙන් සමුගන්නටය.
සමරකෝන් බණ්ඩාගේ විශ්‍රාම යාමත් සමඟම පොලිස්පතිවරයාගේ පහරදීම අමතක පොතට එකතු කෙරෙනු ඇත. ඒ පිළිබඳ පරීක්ෂණ යළි ගොඩ නොඑන ලෙසට ම වළ දැමෙනු ඇත. දේශපාලන බලපුළුවන්කාරකම් ඇති පොලිස්පතිවරයා නිදොස් වී නිදහස් වනු ඇත. තවත් මාස තුනක් ගත වන විට සිල්වත් පොලිස්පතිවරයා එවැන්නක් කළ බවක් කාටත් මතක නොතිබෙනු ඇත.
එහෙත් මේ පණ පොවන්නේ නොවිසඳුණු පොලිස් අපරාධ ගොන්නට බව කවුරුවත් සිහියට නොගනු ඇත. පසුගිය මාස 10ට මිනීමැරුම් 10ක් කළ ශ්‍රී ලංකා පොලීසිය පොලිස්පති පූජිත් සේනාධි බණ්ඩාරගේ පහරදීමේ හයියත් ගෙන තව තවත් මුවහත් වනු ඇත. තව තවත් මීනී මරනු ඇත. එදාටත් අද මෙන් ම සද්ගුණවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකා පොලිස් කොමිසම, ව්‍යවස්ථා දායක සභාව යන ආයතන නිදි කිරමින් සිටිනු ඇත.
පොලිස්පතිවරයාට එරෙහි සටන හකුළා ගන්නට සමරකෝන් බණ්ඩාට සිදුවුණේ ඔහුගේ නිවසට පැමිණ පොලිස් නිලධාරී එල්ල කළ බලපෑම් නිසාය. අපේ සටන අපට හකුළා ගන්නට සිදුවන්නේ තනි අතින් අත්පුඩි ගැසීමට නොහැකි නිසාය. රටට හෙණ වැදුණත් ජූජිත් සේනාධි බණ්ඩාර දැනට දිනා ඇත.
සබැඳි පුවත් -
පොලිස්පතිගේ කෝඩ්නේම් 2553 අප්සෙට් යයි!
පොලිස්පතිගේ අඩම්තේට්ටම් ගැන සමරකෝන් බණ්ඩාගෙන් ව්‍යවස්ථාදායක සභාවට පැමිණිල්ලක්!
පොලිස්පතිගේ භාවනා ආනිසංශ තවත් ඉදිරියට!
පොලිස්පතිට එරෙහිව සුළු සේවකයකුගෙන් අයිතිවාසිකම් පෙත්සමක් !
පොලිස්පතිට එරෙහිව ඇමතිවරු සටනට !
පොලිස්පතිව බේරන්න ගිය මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය ඉදිරියේ පච වෙයි! (වීඩියෝ)
අගමැති පොලිස්පතිට අවසන් නිවේදන නිකුත් කරයි!
COMMENTS