අ ධ්‍යාපන අමාත්‍යංශයට අනියම් සේවකයින් 353 ක් බඳවාගෙන ඇති බවත්, ඉන් 250ක් අධ්‍යාපන අමාත්‍යවරයා දේශපාලනය කරනු ලබන කුරුණෑගල හා ඒ ආශ්‍රිත ප්‍රද...
අධ්‍යාපන අමාත්‍යංශයට අනියම් සේවකයින් 353 ක් බඳවාගෙන ඇති බවත්, ඉන් 250ක් අධ්‍යාපන අමාත්‍යවරයා දේශපාලනය කරනු ලබන කුරුණෑගල හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන් හි පදිංචිකරුවන් බව ලංකා ගුරු සංගමය චෝදනා කර සිටී. එහි ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියා සිටියේ මේ බඳවාගැනීම් සිදුකර ඇත්තේ ජාතික පාසල්වලට අනියම් සේවකයන්ගේ අතිරික්තයක් තිබියදී බවයි.
එසේම අධ්‍යාපනයට විශාල වශයෙන් අඩු ලුහුඩුකම් තිබියදීත්, එයට අයවැයෙන් වෙන්තර ඇති මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවක මෙසේ අධ්‍යාපන කේෂත්‍රයේ බඳවා ගැනීම් වැඩි කිරීමෙන් සිදුවන්නේ ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ යුතු මුදල් වැටුප් ගෙවීම සඳහා වියදම් කිරීමට සිදුවීම යැයි ද ඔහු කීය.
අධ්‍යාපන අමාත්‍යවරයා ක්‍රීඩා උපදේශකයන් ලෙස ද 3,850ක් මෑතකදී අධ්‍යාපන කේෂත්‍රයට බඳවා ගත් බවද කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඉකුත් සතියේදී අනියම් සේවකයින් ලෙස සාරිවලින් සැරසුන කාන්තාවන් තිදෙනෙකු පැමිණ ඇති බවත්, ඔවුන් තිදෙනා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව හා කුලියාපිටිය යන ප්‍රදේශයන්හි පදිංචි කාරියන් බවයි.
මේ අතර, පාසල්වල විශාලම ප්‍රශ්නය වී ඇත්තේ සනීපාරක්ෂක සේවාවන් සඳහා කම්කරුවන් නොමැති වීම බවත්, ඉදිරියේදී මෙසේ පාසල්වලට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කම්කරුවන් ලෙස ඇතුළු කරනු ලබන පිරිසෙන් සනීපාරක්ෂක සේවාවන් ඉටු කර ගැනීමට කටයුතු කරන බව කොළඹ ජාතික පාසලක ආදිශිෂ්‍ය සංගමයක සභාපතිවරයකු කියා සිටියේය.

COMMENTS