දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් විරෝධයේ පරාජය
Homeප්‍රවෘත්ති

සයිටම් විරෝධයේ පරාජය

PropellerAds

සයිටම් ආයතනය වසා දමන තෙක් සටන අත්නොහරින බවට සපථ කළ වෛද්‍ය සංගමයේ ලොක්කෝ සතියකට පමණ ඉහතින් සටන පාවා දුන්හ. ඊට දින කිහිපයකට පෙර ඔවුන් සිතූය...

හේම නලීන්ගේ මරණය ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක්
නියෝජ්‍ය කථානායක ධුරය ආනන්ද කුමාරසිරිට
TNL රූපවාහිනියේ විකාශන උපකරණ පොලිස් බාරයට
සයිටම් විරෝධයේ පරාජය

සයිටම් ආයතනය වසා දමන තෙක් සටන අත්නොහරින බවට සපථ කළ වෛද්‍ය සංගමයේ ලොක්කෝ සතියකට පමණ ඉහතින් සටන පාවා දුන්හ. ඊට දින කිහිපයකට පෙර ඔවුන් සිතූයේ ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකු සමඟ ජ.වි.පෙ ද,පෙරටුගාමීන්ද, හරියාකාර සාමාජිකත්වයක් නැති විපක්ෂයේ වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකුද වාඩි කරවාගෙන මාධ්‍ය අමතා ඔවුන්ගේ කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුව බිය වැද්දිය හැකියැයි කියාය.

අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයක්ද සයිටම් වැසීම නොවන්නේ නම් ආණ්ඩුව පෙරළීම සම්බන්ධ කොන්දේසිද පනවා දෙදිනක් යත්ම ඔවුන්ට සිදුවූයේ කෙසේ හෝ වර්ජන තීන්දුව හකුලා ගෙන රෙදි පිටින් ගෙදර යා හැකි ලෙස ආණ්ඩුව සමඟ සයිටම් සටන අතහැරීමේ සම්මුතියකට පැමිණීමටය.

ඒ වෙනුවෙන් අගමැති හමුවීමට කිහිප දෙනෙකුට පින්සෙන්ඩුවන්නට ඔවුන්ට සිදුවිය. සාකච්ඡාවට එකඟ වූයේද අගමැතිවරයාගේ කොන්දේසිවලට යටත්වය. වෛද්‍යවරුන්ගේ සංගමයේ නායක දෙපළට පමණක් සෞඛ්‍ය ඇමැතිවරයාද වාඩි වූ සාකච්ඡාවට අවසර ලැබිණ. සාකච්ඡා අවසන් කරන්නට සිදුවූයේද ආණ්ඩුවේ කොන්දේසි පිළිගෙන නැවත වර්ජනය නොකරන බව ප‍්‍රකාශ කරමින්ය. ඒ වෙනුවෙන් වෛද්‍ය සංගමයේ ලොක්කෝ දෙපළ අන්තරේ සිසු නායකයන් සහ ඔවුන්ගේ හවුලට පැමිණි පෙරටුගාමීන් සහ ජ.වි.පෙ ද පාවා දුන්හ. අධිකරණයටද අපහාස කරමින්,වෛද්‍ය පීඨ හා අනෙක් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයද හය මාසයකට වැඩි කාලයක් අඩාල කරමින් නිරන්තර සමාජ හිරිහැරයක් ලෙස ව්‍යසනකාරීව හැසිරුණු වෛද්‍ය සංගමයේ ලොක්කන්ට නිවටයන් ලෙස පසුබසින්නට සිදුවූයේ අන් කිසිවක් නිසා නොව, සයිටම් විරෝධය සාධාරණය කළ හැකි කිසිදු තර්කයක් ඉදිරිපත් නොකළ හෙයිනි. ඉදිරිපත් කළ කරුණු පවා ව්‍යාජ හා විකෘති කළ තොරතුරු වූයෙනි.

කලෙක නම්බුකාර වැදගත් වෘත්තියක් වූ වෛද්‍ය වෘත්තිය ඔවුන්ගේ සංගමයේ වත්මන් නායකයන් මේ වැනි අසරණ අපත තත්ත්වයකට ඇද දැමූයේ තමන් වෙත ආරූඪ කරගත් අසීමිත මෝඩ උද්ධච්ඡකම නිසාවෙනි. වෛද්‍ය සංගමයේ මේ නායක රොත්තට අවශ්‍ය වූයේ ඔවුන්ගේ තීන්දු තීරණවලට පිටින් කිසිවක් නොවන හයිකාර බලයක් තහවුරුකර ගැනීමටය. ඒ වෙනුවෙන් ඔවුහු වෛද්‍යවරුන් යනු සෞඛ්‍ය සේවාවේ සියල්ල දන්නා සියල්ල කළ හැකි එකම බලවත් වෘත්තිය යැයි සමාජ මතයක් ඇති කිරීමට උත්සාහ කළෝය. එහෙත් වෛද්‍ය වෘත්තිය එවැන්නක් නොවේ.

ඒ ගැන ඉතාම හොඳ පැහැදිලි කිරීම කරනු ලැබූයේ පසුගිය ජූලි 04 වන දින ලංකාදීප සමඟ ‘‘නොමග යන සයිටම් විරෝධය’’ යැයි ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීප් ද සිල්වා කළ සාකච්ඡාවෙහිය. ඔහු පැහැදිලි කරන අයුරු එම්.බී.බී.එස්. වෛද්‍යවරයා ‘‘මැටි ගුලියක්’’ වැනිය. ඔහු හෝ ඇය විවිධ කාර්ය සඳහා පුහුණු කළ යුතුය. නිර්වින්දන විශේෂඥයකු ලෙස පුහුණු කළ විට ඔහුට හෝ ඇයට කළ හැක්කේ නිර්වින්දන කාර්යය පමණි. ඔවුන්ට ශල්‍යකර්ම කළ නොහැකි යැයි ඔහු පැහැදිලි කර තිබිණ. එවැනි බොහෝ කරුණු කාරණා සමගින් ඔහු කියා තිබුණේ වෛද්‍ය සංගමයේ නායකයන් කියන ආකාරයට එම්.බී.බී.එස්. වෛද්‍යවරුන්ට ඕනෑම කාර්යයක් කළ හැකිය යන කතාව වැරැදි බවය.

එබැවින් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ඇත්ත ප‍්‍රශ්නයක් ඇත. දැනට රජයේ වෛද්‍ය සේවයේ ඉන්නා සියලූ වෛද්‍යවරුන් ගැන කතා කළහොත් එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් 18,345 ඔහු කියන ‘‘මැටි ගුලි’’ පමණය. ඔවුන්ට වෛද්‍ය නලාව භාවිත කරන්නටත් රුධිර පීඩනය බැලීමටත් සාමාන්‍ය ලෙඩට බෙහෙත් තුණ්ඩුවක් ලියා දීමටත් වඩා වැඩි දෙයක් කළ නොහැක. යටත්විජිත සමයේ එවැනි කාර්ය සඳහා හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරයා 1869 දී සහකාර වෛද්‍ය නිලධර සේවාවක් ආරම්භ කළේය. ඔවුන් පුහුණු කිරීම සඳහා සිවිල් වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා වූ වෛද්‍ය ඩබ්ලියු.ආර්. කින්සි 1870 දී කොළඹ වෛද්‍ය පාසල පිහිටු වූයේය.

සහකාර වෛද්‍ය නිලධාරීන් මෙන් සරල වෛද්‍ය ප‍්‍රතිකාර හා උපදෙස් දීමට වඩා යමක් කිරීමට එම්.බී.බී.එස්. උපාධිලාභී වෛද්‍යවරුන්, අලූතින් පුහුණුවී විශේෂඥයන් ලෙස සුදුසුකම් ලැබිය යුතුය. එවැනි විශේෂඥයන් 2017 පෙබරවාරි වනවිට රාජ්‍ය සේවයේ සිටියේ 1,739 කි. ඒ අතර රටට අවශ්‍ය බොහෝ විශේෂඥයන් අවශ්‍ය ප‍්‍රමාණයෙන් නොවිණ. නිදසුන් ලෙස, ළමා ස්නායු විශේෂඥවරුන් ඉන්නේ වෛද්‍ය සංගමයේ සභාපති පාදෙණියද ඇතුළුව 05 ක් පමණි. ස්නායූ ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් ඇත්තේ 12 කි. ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් 15 කි. ඇස්-කන්-නාස ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් ඇත්තේ 39 කි. එවැනි අත්‍යවශ්‍ය විශේෂඥ කාර්ය සඳහා අවශ්‍ය විශේෂඥයන් දුසිමකට හමාරකට වැඩි නැති විශේෂඥ ක්ෂේත‍්‍ර තවත් ගණනාවක් ඇත. ඒවගේම කිසිදු විශේෂඥයකු නැති ‘‘ජ්‍යෙෂ්ඨ පුද්ගල ප‍්‍රතිකාර’’ (මෙය ඉංගී‍්‍රසියෙන් zGeriatricsZ ලෙස හැඳින්වේ. ශීඝ‍්‍රයෙන් මහලූවන අපේ සමාජයට එය අත්‍යවශ්‍ය විශේෂඥතාවකි.) එවැනි ක්ෂේත‍්‍ර තව ඇත. අපේ වෛද්‍ය සේවාවේ විශේෂඥ පුහුණු කිරීම් කෙරෙන්නේ සමාජයීය අවශ්‍යතා අනුව නොවේ. එය සිදුවන්නේ එක් එක් පුද්ගලයාගේ අභිමතය හා උනන්දුව අනුවය. දෙවැන්න, විශේෂඥ වෛද්‍යවරුන් අති බහුතරය සේවය කරන්නේ කොළඹ, මහනුවර, ගාල්ල වැනි ප‍්‍රධාන නගරවල ය.

මේ වෛද්‍ය සේවාවේ 3,000 ට වැඩි පිරිසක් පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා වැටුප් සහිත නිවාඩු සමගින් සේවයෙන් නිදහස්ව එම පාඨමාලා සම්පූර්ණ නොකර වසර ගණන් ඔවුන්ගේ පෞද්ගලික කාර්යයන්වල නියැලෙන්නේ යැයි චෝදනා ඇත. එසේ අවුරුදු ගණන් එක දිගට නිදහස්ව ඉන්නේ කෙසේදැයි තවත් ප‍්‍රශ්නයකි. එයට ඇතැම්විට උත්තරයක් විය හැක්කේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් වෛද්‍යවරුන් වීමය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ ඔවුහු සෞඛ්‍ය පරිපාලනයේ ඉන්නා වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාව ගැන තොරතුරු ලබා නොදෙති.

වෛද්‍යවරුන් එලෙසින් තැන තැන ඔවුන්ගේ වෘත්තියෙන් බැහැර කාර්යවල නිරතවන අතර, ඉතිරි එම්.බී.බී.එස්. වෛද්‍යවරුන්ට තනිව රෝහල් වාට්ටුවක් හෝ පවත්වා ගෙන යා නොහැක. ඒ වෙනුවෙන් ඔවුන්ට හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් වැනි අතුරු සෞඛ්‍ය සේවාව සහාය පමණක් නොව, සනීපාරක්ෂක කම්කරුවන්ගේ සේවයද අවශ්‍ය වන්නේය. එහෙත් ඔවුන් වැඩ වර්ජනය කළ හැම විටම මේ අතුරු වෛද්‍ය සේවා විසින් රෝහල් වාට්ටු පවත්වා ගති.

එබැවින් දැන් ප‍්‍රශ්නය ඇසිය යුත්තේ මෙවැනි වෛද්‍යවරුන් කුමටද යනුවෙනි. රෝහල්වල විශේෂ කාර්යක්ද නැති, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල කාර්යාල සේවාවේ නිරත වන්නට වසර 05 ක ඉතා දියුණු පුහුණුවක් යැයි පවසන එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් හැදීමට මහජනතාව මුදල් වැය කළ යුතුද? එයට උත්තර ලබා දෙන අතීත අත්දැකීම් අපමණ ඇත.

අප ඉතා ආඩම්බරයෙන් කතා කරන අපගේ ඉතා ඉහළ සෞඛ්‍ය තත්ත්වය අප ලබා ගත්තේ එම්.බී.බී.එස්. වෛද්‍යවරුන්ගේ සේවය මත නොවේ. රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විජිත ද සිල්වා සහ කඩුගන්නාව දිස්ති‍්‍රක් රෝහලේ වෛද්‍ය මහින්ද ලියනගේ ඇමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලයේ ප‍්‍රජා සහ පවුල් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ දෙදෙනකු සමග කළ පර්යේෂණ වාර්තාවක් 2013 මැයි මාසයේදී‘‘අන්තර් වෘත්තීය සේවා සඟරාවෙහි’’ ^Journal of Interprofessional Care& පළ කරනු ලැබිණ. එහි සඳහන් වන්නේ 1869 දී ආරම්භ කෙරුණු සහකාර වෛද්‍ය නිලධර සේවාව ‘‘පුහුණු කිරීමේ පාඨමාලාව වෛද්‍ය පාසලෙහි වසරක පුහුණුවෙන් පසු 06 මසක සායනික පුහුණුවකින් සමන්විත විය. එහි විෂයන් වූයේ ශරීරයේ ව්‍යුහය හා කි‍්‍රයාකාරිත්වය, පෝෂණය, ජීවවිද්‍යා රසායනය, ඖෂධවේදය, ශුද්‍ර ජීව විද්‍යාව, ප‍්‍රජා සෞඛ්‍යය, ශල්‍ය වෛද්‍ය, ළමා වෛද්‍ය විද්‍යාව, ප‍්‍රසව හා නාරි වෛද්‍ය වැනි විෂයන්ය’’යනුවෙනි.

එවැනි අධ්‍යාපනයක් හා පුහුණුවක් සමගින් ‘‘වසර 150 ක පමණ කාලයක් සහකාර වෛද්‍ය නිලධරයන් ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙහි අත්‍යවශ්‍ය සේවාවක් විය. මේ කාලය පුරා, රට පුරා පිහිටි මාතෘ නිවාස (380 පමණ) සහ බොහෝ රජයේ මධ්‍යම බෙහෙත් ශාලා සහකාර වෛද්‍ය නිලධාරීන් හා ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලැබිණ. ඊට අමතරව, ඇතැම් ග‍්‍රාමීය සහ පර්යන්ත රෝහල් ඔවුන් යටතේ පැවතිණි’’ යැයි එම පර්යේෂණ වාර්තාවෙහි සඳහන් වන්නේය. ඒවගේම එම වාර්තාවට අනුව, එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් මෙම සහකාර වෛද්‍ය නිලධරයන්ට වඩා සංඛ්‍යාත්මකව වැඩි වූයේ 1960 න් පසුවය.

ඒ සමඟ මෙයද කියවිය යුතුය. 2016 පළ කෙරුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘‘ශී‍්‍ර ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවේ සාර්ථකත්වය’’ මැයෙන් වූ වාර්තාවට අනුව, ‘‘ඉතා දියුණු පුහුණුවක් ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවෝ සහ ග‍්‍රාමීය ස්වේච්ඡා කි‍්‍රයාධරයෝ ඇතුළු පිරිස, පුළුල් වෛද්‍ය ප‍්‍රතිකාර ව්‍යාපාර දියත් කිරීම සඳහා ප‍්‍රජා සජීවීකරණ වැඩසටහන් ඉතා සාර්ථකව කි‍්‍රයත්මක කළහ.’’ එමගින් ඔප්පු කෙරෙන්නේ, අප ඉහළ සෞඛ්‍ය තත්ත්වයක් සහතික කරගෙන ඇත්තේ මහජන සෞඛ්‍ය සේවාවේ මෙම පුහුණු සේවකයන් මගින් මිස සේවයට වාර්තා කිරීමේදී පැමිණීමේ ලේඛනයක්වත් අත්සන් නොතබා අතිකාල සේවය වෙනුවෙන්ද වැටුප් ලබන,වැඩිමනත් පෞද්ගලික වෛද්‍ය සේවයේ සහ චැනල් සේවාවේදී හමුවන වෛද්‍යවරුන් සමගින් නොවන බවය.

එය ඉතා හොඳින් අවබෝධ කරගත හැක්කේ, මැලේරියාව, බරවා රෝගය,පෝලියෝව වැනි වසංගත තුරන් කිරීමට අතීතයේ දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ ග‍්‍රාමීය ස්වේච්ඡා කි‍්‍රයාධරයන් ඇතුළු පිරිස් අමතක කරමින් ලොකු වැදගත්කමක් සමඟින් හැදූ සියල්ල කළ හැකි යැයි සිතා සිටින එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් සමඟ වර්තමානයේ අප ඩෙංගු උවදුරට ගොදුරුව ඉන්නා බැව් මතක් කරගත් විටය.

එවගේම අප අද බුක්ති විඳින ඉහළ සෞඛ්‍ය තත්ත්වයට 1943 සිට කි‍්‍රයාත්මක වූ ජාතික අධ්‍යාපනය විසින් බිහි කළ ඉහළ සාක්ෂරතාව සහිත සමාජයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්වීම්, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සුලභවීම අනෙක් සාධක විය. ඒ සියල්ල රෝහල් සේවාවට පිටතින් එකතු වූ සාධනීය සාධකය.

එවැනි ප‍්‍රජා මූලික සෞඛ්‍ය සේවාවක් සමඟ වූ සහකාර වෛද්‍ය නිලධර සේවාව චීනයේ කි‍්‍රයාත්මක වූ ‘‘පා ගමන් යන’’ වෛද්‍යවරුන් වැනි විය. ස්පාඤ්ඤයේ සහ ඔවුන්ගේ ඇතැම් යටත්විජිත කොලනිවල පැවති ‘‘ප‍්‍රැක්ටිකාන්තෙ’’ වෛද්‍ය සේවය වැනි විය. එම සේවා 1960 වන විට ඇමෙරිකාවේත්, මහ බි‍්‍රතාන්‍යයේත් කැනඩාවෙත් ඕස්ත්‍රේලියාවෙත් ‘‘වෛද්‍ය සහකාරීන්’’ ලෙස තව දුරටත් දියුණු කරනු ලැබිණ. එවැනි අතරමැදි වෛද්‍ය සේවාවක් දියුණු කිරීමේ තර්කය වූයේ, ප‍්‍රජා මූලික හා ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් එම්.බී.බී.එස්. උපාධිලාභී වෛද්‍යවරුන් බිහි කිරීමට වැය කරන්නාවූ විශාල මුදල වෙනුවට එම කාර්ය අඩුවක් නැතිව ඉටුකර ගත හැකි සහකාර වෛද්‍ය නිලධරයන් බිහි කිරීම සමාජයට අතිශය වාසිදායී යන්නය. ඉහතින් උපුටා දැක්වුනු පර්යේෂණ වාර්තාව එය සනාථ කරන්නේ, ‘‘අවුරුදු 150 ක් ග‍්‍රාමීය සමාජයට මනා සෞඛ්‍ය සේවාවක් ලබා දුන්නේත් ඒවායේ රෝහල්වල සිටි වෛද්‍යවරුන් වූයේත් බාහිර රෝගී සායනවල සේවය කරනු ලැබූයේත් සහකාර වෛද්‍ය නිලධරයන්’’ යැයි තබන සටහන මගින් ය. එම පුහුණුව සමග සහකාර වෛද්‍ය නිලධර වෘත්තිය ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1995 දී අවසන් කරනු ලැබූයේද ඒ වනවිට විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි සියලූ වාසි ලබන්නට උත්සාහ කළ වෛද්‍යවරුන්ගේ බලපෑම මතය.

පසුගිය දශක දෙකකට වැඩි කාලයක සිට වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය සේවාවේ ප‍්‍රධාන බලධාරීන් ලෙස ඉස්මතු වන්නට පියවර ගත්තේ විවෘත වෙළඳපොළෙහි වාසිය වෙනුවෙනි. වෛද්‍යවරයා ‘‘මහා ජීවකයෙකු’’ ලෙස පුම්බනු ලැබූයේත් ඒ වෙනුවෙනි. විවෘත වෙළඳපොළ සමඟ රෝගියා හා වෛද්‍යවරයා අතර ගොඩනැඟුණු මුදල් මත සෘජුව තීන්දු වූ සම්බන්ධයද එයට දායක වූවකි. මේ විවෘත වෙළඳපොළෙහි වෛද්‍යවරුන් ගොඩනගා ගත් පැවැත්ම අතිශය ආත්මාර්ථකාමී,කුහක සහ වෘත්තිමය වශයෙන් සදාචාර විරෝධී පැවැත්මකි.

සයිටම් විරෝධය පරාජයවීමත් සමග මේ සියල්ල ප‍්‍රශ්න කළ යුතු පසුබිම නිර්මාණයවී ඇත. ඒ වෙනුවෙන් මූලික කාරණා දෙකක් අවධාරණය කළ යුතුය.

පළමුවැන්න, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ කාර්යය හා එහි සංයුතිය පිළිබඳ ප‍්‍රශ්නය ය. වෛද්‍ය සභාව ප‍්‍රතිපත්ති සකසන සභාවක් නොවේ. ජනතාව ආණ්ඩු පත් කරන්නේ ප‍්‍රතිපත්ති සැකසීම වෙනුවෙනි. වෛද්‍ය සභාව අවශ්‍ය වන්නේ සෞඛ්‍ය සේවාවේ ඉතා කාර්යක්ෂම නියාමන කාර්ය සඳහා පමණි. එබැවින්ම එය වෛද්‍යවරුන්ට පමණක් සීමා නොවිය යුතුය. ඉතා පුළුල් නියෝජනයක් සහිත වෛද්‍ය සභාවක් හැදීමට දියුණු ලෝකයේ ඕනෑ තරම් අත්දැකීම් ඇත. දැන් වහා කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය පරිදි සෞඛ්‍ය පනතද සංශෝධනය කර අලූත් වෛද්‍ය සභාවක් පිහිටුවීමේ කාර්යය ඉක්මන් කිරීමය.

දෙවැන්න, විශාල මුදල් නාස්තියක් සහිත එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් හැදීම වෙනුවට මහජන සෞඛ්‍ය සේවය මුල් කරගන්නා වෛද්‍ය අධ්‍යාපනයක් ගැන අලූතින් සිතීමය. යටත්විජිත සමයේ ආරම්භ කළ සහකාර වෛද්‍ය සේවාව වඩා දියුණු හා ප‍්‍රායෝගික පුහුණුවක් සමගින් යළි ආරම්භ කිරීම ගැන වහා අවධානය යොමු කළ යුතුව ඇත. ඒවගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැනි සේවා දියුණු කිරීම වෙත වැඩි අවධානයක් තිබිය යුතුය. රෝහල් වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අඩු කරන්නා වූ මහජන සෞඛ්‍ය සේවාවක් හැදීමට මිස, එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් වැඩියෙන් හැදීමේ වෛද්‍ය අධ්‍යාපනයක් අපට අවශ්‍ය නැත.

http://ift.tt/1tDkFfa

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් විරෝධයේ පරාජය
සයිටම් විරෝධයේ පරාජය
http://ift.tt/2u58quw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_635.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_635.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy