දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රිෂාඩ් බදියුඩීන් හෝ අසාද් සාලිගේ සහය ලබන කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට අපේ සහාය නෑ - පිවිතුරු හෙල උරුමය
Homeප්‍රවෘත්ති

රිෂාඩ් බදියුඩීන් හෝ අසාද් සාලිගේ සහය ලබන කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට අපේ සහාය නෑ - පිවිතුරු හෙල උරුමය

PropellerAds

‘ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ගත යුතු මග’ මැයෙන් උදය ගම්මන්පිල හා විමල් වීරවංශ මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ දී උදය ගම්මන්පි...

ලිංගික හිංසන නිසා ගූගල් සමාගමේ සේවකයෝ එලියට
හල්ක්, ගොඞ්සිලා දැන් ඉන්නේ අහසේ – නාසා
බ්‍රිතාන්‍ය හමුදා සෙබළියන් යුධ පෙරමුණට
‘ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ගත යුතු මග’ මැයෙන් උදය ගම්මන්පිල හා විමල් වීරවංශ මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ දී උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය.

රිෂාඩ් සහ සාලි ඉන්නා ආණ්ඩුවක පිවිතුරු හෙළ උරුමය නෑ


ශ්‍රී ලංකාව තුල මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදයක් බවට පෙරලී පාස්කු ඉරිදා මහ විනාශය සිදු කරන තෙක් එය පෝෂණය කිරීමට සෘජුවම වගකිවයුතු දේශපාලකයින් දෙදෙනෙකු අපි හඳුනා ගෙන තිබෙනවා.  ඒ තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා සහ අසාත් සාලි ආණ්ඩුකාරවරයා.  අන්තවාදින් සුළු පිරිසකට මේ රට නටවන්න රිදවන්න සොලවන්න පුළුවන් වෙලා තිබෙන්නේ සිංහලයා දෙකට බෙදිලා ආණ්ඩු හදන්න අන්තවාදින් වන්දනා කරන නිසා.  ඒ නිසා පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා.  ඒ අනුව රිෂාඩ් බදියුඩීන් හෝ අසාද් සාලිගේ සහය ලබන කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට පිවිතුරු හෙළ උරුමයේ සහය ලබා දෙන්නේ නෑ කියන තීන්දුව අපි ගත්තා.  අපි කෙතරම් ප්‍රිය කරන ගරු කරන අපේක්ෂකයෙකු වුවත් ඔවුන්ගේ සහය ලබනවා නම් ඒ අපේක්ෂකයාට අපේ සහය ලබා දෙන්නේ නෑ. අන්තවාදීන්ගේ අල්ලේ නැටවෙන ආණ්ඩුවලට මේ රට ලේ විලක් ගිණිගොඩක් බවට පත්කරන්න ඉඩ දීමට මීට සති තුණකට කලින් හැලුණු කදුලු ඉඩ දෙන්නේ නැති නිසා.

දැන් අපෙන් අසාවි.  නම් දෙකක් විතරද? අර නම නැත්තේ ඇයි? මේ නම නැත්තේ ඇයි? කියලා.  ෆේස්බුක් එකේ පෝස්ට් දාන හැඟීම් බර තරුණයෙකු විධියට වගකිව යුතු දේශපාලන පක්ෂයකට හැසිරෙන්න බෑ. අපි නම් ගනනාවක් සලකල මුස්ලිම් අන්තවාදය පෝෂණය කල බවට නිස්චිත ශාක්ෂි තිබෙන අත්අඩංගුවට ගැනීමට තරම් මේ අපරාධයට සම්බන්ධ බවට තොරතුරු තිබෙන පුද්ගයන් පමණයි අප නම් කලේ.ඔබට තව තියෙනවනම් තොරතුරු අපට ලබාදෙන්න. අප ලෑස්තියි ඒ නම් සලකා බලා මේ ලයිස්තුව ඕනෑම වෙලාවක දිගු කරන්න. ඒකට මේ ලයිස්තුව විවෘතයි.  මේ ලැයිස්තුවේ ආරම්භය පමණයි.

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට ගත යුතු පියවර

විමල් වීරවංශ මන්ත්‍රිතුමත් මමත් බොහෝ කාලයක් මේ රටේ දෙමළ බෙදුම්වාදය සහ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ අනතුරු ඇඟෙව්වා. එදා සතුරු පිලේ මෙන්ම මිතුරු පිලේ අයද අපිව දැක්කේ අන්තවාදීන් විදිහටයි. අද අපි කිව්ව දේවල් මහපොළොවේ ඇත්ත බවට පත්වෙලා ජාතියේම ඇස් ඇරිලා තියෙනව. රට රත් වෙලා තියෙනවා.  හැබැයි මේ රටේ ජනතාව පිළිබඳව අපට තියෙන අත්දැකීම් අනුව නම් දැන් මේ රත් වීම ඉතා ඉක්මනින් සිසිල් වේගෙන යනවා. තව ටික කලකින් පාස්කු ඉරිදා බෝම්බය කිව්වම මොන පාස්කු ඉරිදා බෝම්බය ද කියලා උනත් අහන්න ඉඩ තියෙනවා. වේළුපිල්ලේ පිරිබාහරන් නම් කිව්වේ සිංහලයාගේ මතකය සති දෙකයි කියලා. දැන් සති තුනක් ගෙවිලා හමාරයි.  අපි ඉන්නේ භයානක අවධියකට පත්වෙලා. හැබැයි මේ ජීවිත දෙසීයකට වැඩි ගණනක් අහිමි කළ පන්සිය ගණනකට තුවාල සිදු කළ බෝම්බ  නවයේ ප්‍රහාරයේ දෝංකාරයෙන් වත් මේ ආණ්ඩුව අවදි කරවන්න බැරි වෙලා තියෙනවා.  ආණ්ඩුව තවමත් ඉන්නේ මර නින්දේ. ඉතාම වගකීමෙන් අපි කියනවා මේ ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සඳහා කිසිම පියවරක් මේ ආණ්ඩුව තවමත් අරගෙන නෑ. ආණ්ඩුවට විතරක් නෙවෙයි ජනතාව තෝරා දුන් මහජන නියෝජිතයන් විදිහට මේ රටට ඇත්තටම ආදරේනම්, පාර්ලිමේන්තුවක් විදියට ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. අපි ඒ යෝජනා අද තමුන්නාන්සේලා ඉදිරියේ තබනවා විතරක් නොවෙයි පක්ෂ විපක්ෂ සියළු දෙනාම මේ යෝජනාවන් රටේ නීති බවට පත්කරන්න  තැනට ඔවුන්ව තල්ලු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බොරු දේශප්‍රේමීන්ව රට ඉදිරියේ නිරුවත් කරනවා කියන ප්‍රතිඥාවත් අපි ලබා දෙනවා.

1.ප්‍රධාන පක්ෂ දෙක අසරණ කරමින් අන්තවාදින්ට මේ රට නටවන්න පුළුවන් වෙලා තියෙන්නේ වත්මන් මැතිවරණ ක්‍රමය නිසා. සමානුපාතික මැතිවරණය ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ සුවිශේෂි අවස්ථා දෙකක දී හැර අන් සෑම අවස්ථාකම කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගන්න බැරි වුණා.  ඒ නිසා ආණ්ඩු පිහිටුවන්න අන්තවාදින්ගේ පිහිට පතන්න ඉතිහාසය පුරාම ප්‍රධාන පක්ෂ දෙකට සිදු වුණා.  මේ තත්වය වෙනස් කරන්න දිස්ත්‍රික්කයක වැඩිම ඡන්ද ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූරයක් ලබා දීම අහෝසි කර ඒ වෙනුවට ජාතික වශයෙන් වැඩිම ඡන්ද ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දිය යුතුයි. වැඩිම ඡන්ද ලබන පක්ෂයට අන්තවාදීන්ගේ බලපෑම්වලින් තොරව ස්ථාවර ආණ්ඩුවක් පිහිටු වීමේ පසුබිම සකස් කිරීම.

2.මෙතරම් විනාශයක් වී තිබියදීත් තම බුර්කාව තහනම් නෑ. හදිසි නීති රෙගුලාසි යටතේ තහනම් කළා කිව්වට ඒක පට්ටපල් බොරුවක්. මේ දක්වා ගැසට් නිවේදනයක් අපි නම් දැකලා නෑ. රටේ නීතිය හැදිලා නැති නිසා අද ජනතාව නීතිය අතට අරගෙන බුරුකා අඳින අයගේ ඒවා ගැලවීමට යැමෙන් රටේ අනවශ්‍ය පීඩනයක් කලහා කාරී තත්වයක් ඇති වෙලා තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා වහාම බුර්කාව තහනම් කරන්න නීති සම්පාදනය කළ යුතුයි. ඒ වගේම යමෙකු මුහුණු ආවරණයක් පැලැඳ යනවා නම් ඒ පුද්ගලයා අතේ මුහුණු ආවරණයක් පැලැඳීමට අවශ්‍ය වෛද්‍ය නිර්දේශය තිබිය යුතුයි.

3.රටම පොදු විවාහ නීතියකට යටත් කිරීම. අද මුස්ලිම් විවාහ නීතිය යටතේ පුංචි දරුවන් වත් විවාහ කරගන්න පුළුවන්. ඒ වගේම එක් පුද්ගලයෙකුට බිරියන් හතරක් ගන්න පුළුවන්. එක රටක් නම් එක නීතියයි තිබිය යුත්තේ. ඒ අනුව ආගම් භේදයකින් තොරව සෑම අයෙකුගේම විවාහ වීමේ වයස අවුරුදු 18 බවට පත් කිරීම. ඒ වගේම එක් පුද්ගලයෙකුට විවාහ විය හැකි බිරියන් ගණන එක් අයෙකුට සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතුය.

4.අද අන්තවාදය ත්‍රස්තවාදය ප්‍රචන්ඩත්වය වපුරන තැන් බවට පත්වෙලා තිබෙන මද්රාසා වල විෂය නිර්දේශය පූර්ව අනුමැතියක් ලබා ගත යුතු අතර බුද්ධි අංශ විසින් මද්රාසා ගුරුවරු සහ ඉගැන්වීම් සෘජු අධීක්ෂණයට යටත් කළ යුතුයි.

5.ආගම් ඉගැන්වීමේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල විෂය නිර්දේශ ගුරුවරු අනුමත කිරීම ඇතුළු සියළු කටයුතු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සෘජු අධීක්ෂණයට යටත් කිරීම.

6.අන් ආගම් ප්‍රතික්ෂේප කරන හෝ ප්‍රචණ්ඩත්වය දිරිමත් කරන ආගමික ඉගැන්වීම් ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තහනම් කිරීම. Peace TV වගේ නාලිකා ඉන්දියාව බංගලිදේශය තහනම් කරලා තිබුනත් අපේ රටට ඒක කරගන්න සිද්ධියක් වෙන තුරුම බලා ඉන්න සිදුවුණා.

7.අද තෙල් සල්ලි වලින් තමයි මේ ඉස්ලාම් අන්තවාදය වපුරන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ ආගමික සංවිධාන ඇතුළු සියළුම රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබෙන අරමුදල් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය සෘජුව අධීක්ෂණය කිරීම.

8.සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම තමන්ට අරමුදල් ලබා දෙන පුද්ගලයින් සහ ආයතන, එකී මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වාර්ෂික වාර්තාවක් රටේ සෑම පුද්ගලයකුටම දැන ගත හැකි ආකාරයට ප්‍රසිද්ධ කළ යුතුය.

9.නිසි පෙර අණුමැතියකින් තොරව ආගමික සිද්ධස්ථාන ඇති කිරීම ආගමික ගැටුම් වලට ප්‍රබලම හේතුවක් කියලා අපි අත්දැකීමෙන් දැක්කා . පහුගිය කාලේ බොහෝ ආගමික ගැටුම් ඇති වුණේ අනවසර ඉදිකිරීම් නිසා. නිසි පෙර අනුමැතියකින් තොරව ඉදි කරන සියළුම ආගමික සිද්ධස්ථාන කඩා ඉවත් කළ යුතුයි.
නීති විරෝධි සංක්‍රමණයන් අද ලංකාවේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. පසුගිය කාලය පුරාම අප මේ ගැණ කතා කලත් නිසි අවධාණයක් යොමු කලේ නෑ.  ශ්‍රී ලංකාවේ පසුගිය වසර හතර පුරා ම ශ්‍රී ලංකාව අතහැර වෙන රටවල පදිංචියට යන ජනතාවට වඩා ශ්‍රී ලංකාවේ පදිංචියට එන පිරිස වැඩිවෙලා තියෙනවා. මේ ලංකාවට ඇවිල්ලා පදිංචි වෙලා ඉන්න අය කවුද.  කිසිම තොරතුරක් නිවැරැදිව වාර්තා වෙලා නැහැ. එම නිසා

10.නීති විරෝධී සංක්‍රමණ ඇවිල්ලා තියෙන රටවල් හඳුනගෙන එම රටවලට පැමිණි විට ලබාදෙන වීසා ලබා දීම වහාම නැවැත්විය යුතුයි.

11.ඒ වගේම නීති විරෝදී සංක්‍රමණිකයන් සුරතල් කරමින් සිටින්නේ නැතුව වහාම පිටුවහල් කිරීමට කටයුතු කළ යුතුයි. ඔවුන්ගේ මව් රටට ගුවන් යානයක් හරහා ඔවුන්ව වහාම පිටත් කර යැවිය යුතුයි. එම සංක්‍රමණිකයා පිළිබඳ තීරණ ගැනීම ඉන්පසු එම රටේ කටයුත්තක්. බටහිර රටවල් අපේ ලාංකිකයන් එම රටවලට අනවසර සංක්‍රමණිකයන් ලෙස ඇතුල් වූ විට සලකන්නේ ඒ ආකාරයටයි. අපේ රටේ වගේ නීති විරෝධී සංක්‍රමණිකයන් සුරතල් කිරීමක් අන් රටවල සිදුවන්නේ නැහැ.

12.ශ්‍රී ලංකාව සරණාගතයන් භාර නොගන්නා රටක් බව ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් වරයාට නිල වශයෙන් දැනුම් දිය යුතුයි. අපිට තියෙන ප්‍රශ්න හොඳටම ඇති පිටරටවලින් අලුතින් ප්‍රශ්න ලංකාවට ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රි ලංකාවට රොහන්ගියා ඇෆ්ගන් පකිස්තාන  කිසිදු රටක සරණාගතයන් භාර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම රොහාන්ගියා සරණාගතයන් ලංකාවට පැමිණෙන්නේ තම රටේ බෞද්ධයන් සමඟ ගැටුම් ඇතිකර ගත් මුස්ලිම් පිරිස් විදිහටයි. බෞද්ධයන් සමග වෛරයකින් පැමිණෙන මේ පිරිස බෞද්ධයන් බහුතරයක් ඉන්න මේ රට තුළ ඉතා පහසුවෙන්ම බෞද්ධයන්ට එරෙහි මරාගෙන මැරෙන   මිනිස් බෝම්බ බවට පත්කිරීමට හැකි වීමේ අවදානම තිබෙනවා.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මැතිතුමා ඇතුළු නීතිඥ කමිටුවක්  සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා  මෙම යෝජනාවලිය ව්‍යවස්ථා සංශෝධනයකට අදාළව එක පන කුත් අනෙකුත් සියලුම කාරණා ආගමික අන්තවාදයන් වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනත වශයෙන් පනතක් විදිහට කෙටුම්පත් කරලා දෙන්න. අපි මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලහම එදාට අපට බලාගන්න පුළුවන් මේ රටේ සැබෑ දේශ ප්‍රේමීන් කවුද බොරුවට කතා කරමින් අන්තවාදීන්ගේ මුදල් වලට යටවෙන අය කවුද කියන එක .

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රිෂාඩ් බදියුඩීන් හෝ අසාද් සාලිගේ සහය ලබන කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට අපේ සහාය නෑ - පිවිතුරු හෙල උරුමය
රිෂාඩ් බදියුඩීන් හෝ අසාද් සාලිගේ සහය ලබන කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට අපේ සහාය නෑ - පිවිතුරු හෙල උරුමය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWz7vgVZESUVyuXgbUGduPtSbyGt4EbNMNpVYC8NBBQuJDWrWOvEMF8UZWMZsqIsUFa3IDlYEbgK6LYHVx5pJYJyqNZIdJtEmUCSFGD1phL9Ric-93BGCBPakufmkgMM9U_gUl_rIiraAX/s320/gammanpila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWz7vgVZESUVyuXgbUGduPtSbyGt4EbNMNpVYC8NBBQuJDWrWOvEMF8UZWMZsqIsUFa3IDlYEbgK6LYHVx5pJYJyqNZIdJtEmUCSFGD1phL9Ric-93BGCBPakufmkgMM9U_gUl_rIiraAX/s72-c/gammanpila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_704.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_704.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy