ඉ න්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා. ඒ, පසුගියදා පැවති ඉන්දීය මහ මැති...
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා. ඒ, පසුගියදා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් නැවත වරක් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි පත්වීමෙන් අනතුරුවයි. එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා දෙරටේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
මේ අතර නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් දිවුරුම් දීම ලබන බ‍්‍රහස්පතින්දා නවදිල්ලියේදී සිදු කිරීමට නියමිතව ඇති අතර එම උත්සවය සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද සහභාගී වීමට නියමිතව තිබෙනවා.
එසේම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහු ලබාගත් විශිෂ්ට ජයග‍්‍රහණයට සුබපැතුම් එක්කරමින් නරේන්ද්‍ර මෝදි සමඟ ඉතා සමීප ව කටයුතු කරන අයෙකු ලෙස මෙම ඓතිහාසික ජයග‍්‍රහණය පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බවත්, ඉදිරි පාලන කාලය තුළ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරත් ශක්තිමත් වනු ඇති බවටත් ප්‍රකාශ කර තිබුණා.

COMMENTS