ජ නාධිපතිවරයෙක් හෝ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති වූවද පසුගිය වසර 05 තුළ එක්සත් ජාතික පක්ෂය රට තුළ විශාල සංවර්ධනයක් සිදුකළ බව අග්‍රාමාත්...
ජනාධිපතිවරයෙක් හෝ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති වූවද පසුගිය වසර 05 තුළ එක්සත් ජාතික පක්ෂය රට තුළ විශාල සංවර්ධනයක් සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(18) කුරුණෑගල මාවතගතම ප්‍රදේශයේ පැවති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.
එහිදී ආණ්ඩුව ඉතා අසීරු කාලයක විශාල වැඩ කොටසක් සිදු කර ඇති බව පැවසු අග්‍රාමාත්‍යවරයා “මේ ආණ්ඩුව දිහා බැලුවා නම් පුදුම ආණ්ඩුවක්“ යනුවෙන්ද ප්‍රකාශ කළා.
මීට පෙර පැවති ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් පැවති බවත්, රටේ ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකි නිසා අවුරුදු දෙකක් අඩු කර ඡන්දයකට ගිය බවද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළ අතර බලය දෙනවා නම් තමා මඟ දී හැර දමා නොයන බව සිතු බවත්, අද වන විට බහුතරයක් නොමැති ආණ්ඩුවක් වුවත් වෙනත් ආණ්ඩුවලට කළ නොහැකි බොහෝ දේ කර ඇති බවත් ප්‍රකාශ කළා.
එසේම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඊළඟ සැරේ බහුතරය ලබා ගෙන සියලු තනතුරු ලබා ගෙන ස්ථාවරභාවය ලබා ගත් විට මීට වඩා දහ ගුණයක දියුණුවක් පෙන්විය හැකි බවයි.

COMMENTS