දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මඩකලපු ෂරියා විශ්ව විද්‍යාලයට සල්ලි ආ හැටි රනිල් කියයි
Homeප්‍රවෘත්ති

මඩකලපු ෂරියා විශ්ව විද්‍යාලයට සල්ලි ආ හැටි රනිල් කියයි

PropellerAds

නැ ගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන්...

"විමල් අයියා අපේ ළඟම කෙනෙක්... අයියා හිතේ අමාරුවට ඕවා කියන්නේ" - බ්‍රොයිලර් කුකුල් කතාවට නාමල් උත්තර දෙයි! (VIDEO)
ඉන්දියාව කටුනායක ගුවන් තොටේදී ලංකාවේ නීතිය නැව්ව?
ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවටම හැදුනුම්පත්… ව්‍යාපෘතිය ඇරඹෙයි!
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපට හැකි වන්නේ උපාධි ආයතන අනුමත කිරීමට පමණයි. මෙය ෂරියා විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවට නීතියෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි.

මේ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9(අ) කොටස සංශෝධනය කළ යුතුයි. බංගලාදේශ නීතියට අනුව ඒ අය එය හඳුන්වන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ලෙසයි. ආගම, කුලය ගැන සළකන්නේ නැතිව වෙනත් පිළිගත් පදනමක් මත ශිෂ්‍යයන් ඇතුළත් කළ යුතු බව එහි පස්වැනි වගන්තියේ සඳහන් වනවා.

මේ අනුව මෙම කරුණු සහ පාලක මණ්ඩලය හා ඒ පාලක මණ්ඩලයේ සුදුසුකම් හා එහි වැඩකොටස් සිදු කිරීමට අවශ්‍ය කරුණු කිහිපයක් සංශෝධනයට ලක් කෙරෙනවා. එමෙන්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙන් ලැබෙන යෝජනා ද සළකා බැලිය යුතුයි.

මීට අමතරව මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බවට තීරණය කර තිබෙනවා. එහි ඇතැම් වැඩකටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යංශය හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය එකතුවී ක්‍රියා කිරීමට සිදුවේවි.

මෙම කාරණා දෙක පිළිබඳව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු යෝජනා ඉදිරිපත් කළා. ඔවුන්ගේ එම යෝජනා පිළිබඳව සාකච්ඡා කොට මා ද ඒවා අනුමත කළා. ඒ අනුව එයට සහයෝගය ලබාදෙනවා.

මෙහිදී මා විශේෂ කාරණයක් සිහිපත් කිරීමට කැමැතියි. දැන් රටේ ආරක්‍ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් හෙට (20) දින සිට සියලූ පාසල් විවෘත වෙනවා. තමන්ගේ පාසලට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස සියලූ පාසල් දරු දැරියන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරන ලද විමර්ශනයෙන් පසු සකස් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා අද (20) දින දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කළ අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා

නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ පාර්ලිමේන්තු කාරක සභාවේ ලේකම්වරුන් දෙපළක් සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙක් ද සමග නිරීක්‍ෂණ චාරිකාවක නියැළුණා.

ඒ අනුව අප සොයාගත් කරුණු පදනම් කරගෙන අප වාර්තාවක් සකස් කළා. මෙය අධීක්‍ෂණය කිරීම අප ආරම්භ කළේ 2017 වසරේ ජුලි 11 වැනිදා සිටයි. මොකද උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් මේ සම්බන්ධව පත් කරන ලද කමිටු වාර්තාව ලැබුණේ ද 2017 ජුලි මාසයේ දීයි. එය පදනම් කරගෙන අධීක්‍ෂණ කටයුතු සිදු කළා.

මහාචාර්ය රංදිවෙල මහතා ප්‍රමුඛ පස්දනෙකුගෙන් යුත් එම කමිටු වාර්තාවට අනුව මේ සඳහා අයඳුම් පත් යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා හිරා පදනම ලෙසයි. නමුත් එය පසුව මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලය ලෙස මාරු වෙනවා. ඒ අනුව තමා මුදල් ලැබිලා තිබෙන්නේ. එවැනි කාරණා රැසක් මෙම වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කමිටුව හමුවට මේ ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතා වන හිරාස් හිස්බුල්ලා මහතා කැදවා ඔහුගෙන් දිගින් දිගටම කරුණු විමසා බැලූවා. ඒ සියලූ කරුණු පදනම් කරගෙන සකස් කළ සම්පූර්ණ වාර්තාව ජුලි පළමු සතියේදී පාර්ලිමේන්තුවට භාරදීමට අප පියවර ගෙන තිබෙනවා.

අප ඉල්ලා සිටින්නේ මෙම විශ්වවිද්‍යාලය රජයේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විය යුතු බවයි. ඒ අනුව මෙය මඩකලපුව තාක්‍ෂණ විශ්වවිද්‍යාලය ලෙස පිහිටු වන ලෙස අප යෝජනා කරනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ද සහභාගී විය.

– සුදර්ශණ ගුණවර්ධන


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මඩකලපු ෂරියා විශ්ව විද්‍යාලයට සල්ලි ආ හැටි රනිල් කියයි
මඩකලපු ෂරියා විශ්ව විද්‍යාලයට සල්ලි ආ හැටි රනිල් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmo0y4Za0VxqFjhaJAkJYcWgoDLxvmS-jvj80yvrSYTOD2ycVCrwfvcuO2ILEvMxZtywPasSJYL22-dBrdej5FIobO2XqlYmItIulHKR2THFKmvF0-wEWlpncjXOTTSJCwumtGF4ggsywl/s320/ranil-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmo0y4Za0VxqFjhaJAkJYcWgoDLxvmS-jvj80yvrSYTOD2ycVCrwfvcuO2ILEvMxZtywPasSJYL22-dBrdej5FIobO2XqlYmItIulHKR2THFKmvF0-wEWlpncjXOTTSJCwumtGF4ggsywl/s72-c/ranil-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_646.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_646.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy