දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්දියාව කටුනායක ගුවන් තොටේදී ලංකාවේ නීතිය නැව්ව?
Homeප්‍රවෘත්ති

ඉන්දියාව කටුනායක ගුවන් තොටේදී ලංකාවේ නීතිය නැව්ව?

PropellerAds

කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදී (Transit Passenger Terminal) ගුවන්  තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් උණ්ඩ පිරවූ පිස්තෝ...

අපේ කාලයේ තවුහිද් ජමාද් ඇතුලට රජයේ ඔත්තුකරුවන් රිංගවා තිබුනා.. අපි පඩිත් ගෙවුවා - මහින්ද හෙලි කරයි
සංවිධාන දෙක තහනම් කළ බව කීවත් ගැසට් නිවේදනයක් නෑ - තහනම ඉවත්ව යන අවදානමකුත් නීතිවේදීන් පෙන්වයි
'ආණ්ඩුව නිර්වස්ත්‍ර වෙනවටයි මාධ්‍ය වාරණය කළේ' - සමන්ත විද්‍යාරත්න
කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදී (Transit Passenger Terminal) ගුවන්  තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් උණ්ඩ පිරවූ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගැණුන ඉන්දීය ගුවන්යානයක ආරක්ෂක නිලධාරීයා (Sky Marshall) අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය තුළ කතා බහක් ඇතිව ඇතැයි වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට පත්ව තිබුණේ කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා ඊයේ (06) දහවල් පිටත්ව යාමට නියමිතව තිබූ ඒ.අයි.-227 දරණ ඉන්දීය ගුවන්යානයේ සිටි ආරක්ෂක නිලධාරීයා (Sky Marshall) ය.

මොහු ඉන්දීය විශේෂ කාර්ය බලකායේ නිලධාරියකු බවද මේවන විට හෙළිව ඇත.එම සිද්ධිය හේතුවෙන් ගුවන්යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වීමකට ලක්ව තිබිණි.

සෑම ගුවන්යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරීවරයෙකු ගුවන්යානයේ මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස යොදවා සිටී.

එහිදී එම ආරක්ෂක නිලධාරීවරයාට පිස්තෝලයක් භාවිතා කිරීමට රාජකාරී වරප්‍රසාදයක් තිබුණද, එම අවිය ගුවන්යානයෙන් පිටතට ගෙනයාමට හැකියාවක් නොමැත.

ආරක්ෂක නිලධාරීවරයාට ගුවන්යානයෙන් පිටතටයාමට අවශ්‍ය වූ විට පිස්තෝලය ගුවන්යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත භාර දිය යුතුය.

මේ ආකාරයට ගිනි අවියක් සහිතව ගුවන්තොටුපළ තුළ දී අත්අඩංගුවට පත්වුවහොත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්කිරීම සිදු කළ යුතු අතර මීට පෙර ද මෙවැනිම සිදුවීම් කිහිපයක් පසුගිය මාසවලදී වාර්තා වී තිබේ.

එම සිදුවීම්වලදී ගුවන් ත‌ොටුපළ ආරක්ෂක අංශ විසින් අමෙරිකානු සහ රුසියානු ජාතිකයන් කිහිපදෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවුවද, මේ සිද්ධියේදී ඒලෙස නීතිය ක්‍රියාත්මක වී නොමැති අතර, දෙරටේ උසස් ආරක්ෂක ප්‍රධානීන් සහ තානාපතිකාර්යාල මැදිහත්වීමෙන් සිද්ධිය අධිකරණයට වාර්තා ‌නොකර ඉන්දීය විශේෂ කාර්යබලකායේ නිලධාරියකු මෙන්ම අදාළ ගුවන්යානයේ ආරක්ෂක නිලධාරියාව මුදාහැර ති‌බේ.

ඒ අනුව 05/06 දින දහවල් 01.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට තිබු ඒ.අයි.- 272 දරන ගුවන්යාන කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇත්තේ පස්වරු 05.35 ටය.

මේ පිළිබඳව ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු අනුව මේ වනවිට මෙම සිද්ධියට භාජනය වූ ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයාගේ සියලු උසස්වීම් අත්හිටුවා මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දියාව කටුනායක ගුවන් තොටේදී ලංකාවේ නීතිය නැව්ව?
ඉන්දියාව කටුනායක ගුවන් තොටේදී ලංකාවේ නීතිය නැව්ව?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTWcKy1ZxDdXq4sNIEPxnhoeKuXYvD7K7W3vjQcAOUx7AcnKI1Av0hwEGMp__FMOHv3_CftT11Rkw3ZxLr0DVvUpXEd04xR7VFjHgTVJ3Yg_7VQpiafCVmGBEo-aveXN-SvgIkCVEfQtl0BqGCbm2dQD7RL7ECu-07NjXuFsW35llpAIWufhQ8pg/s320/katunayake-airport.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTWcKy1ZxDdXq4sNIEPxnhoeKuXYvD7K7W3vjQcAOUx7AcnKI1Av0hwEGMp__FMOHv3_CftT11Rkw3ZxLr0DVvUpXEd04xR7VFjHgTVJ3Yg_7VQpiafCVmGBEo-aveXN-SvgIkCVEfQtl0BqGCbm2dQD7RL7ECu-07NjXuFsW35llpAIWufhQ8pg/s72-c/katunayake-airport.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy