පා ස්කු ඉරිදා දිනය බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවට සැක කරන ලද සැකකරුවකු වත්තල-මාබෝල ප්‍රදේ...
පාස්කු ඉරිදා දිනය බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවට සැක කරන ලද සැකකරුවකු වත්තල-මාබෝල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් රිස්වාන් නම් මෙම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස තරග කර පරාජය වූවෙකි.
ඔහු සතුව තිබූ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම සැකකරු වසර කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන ලද්දෙකු වන අතර මේ වනවිට සුඛෝපභෝගී මහල් නිවාස දෙකක හිමිකරුවෙක් වන අතර නැව් භාණ්ඩ ප්‍රවාහන සමාගමක හිමිකරුවෙක් බවද පොලිසිය කියයි.
ෂැංග‍්‍රිලා හා කිංස්බරි හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ත‍්‍රස්තවාදීන් දෙදෙනාගේ පියා පසුගිය මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ අයෙක් වන අතර ඔහුද අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS