දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලක් ඉතිහාසයේ කඩඉමක් සටහන් කරන තම්බපන්නියේ සිට උතුරට මං ආවා - සනත් නිශාන්ත
Homeප්‍රවෘත්ති

ලක් ඉතිහාසයේ කඩඉමක් සටහන් කරන තම්බපන්නියේ සිට උතුරට මං ආවා - සනත් නිශාන්ත

PropellerAds

ලක් දිවයින් ඉතිහාසයේ එක් කඩඉමක් සනිටුහන් කරන තම්බපන්නියේ සිට වව්නියාවෙන් උතුරට තමන් පැමිණියේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජල අමාත්‍යවරයා වශයෙන්...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය තවදුරටත් - ඉදිරියේදී තද වැසි
අමරදේවයන්ට පූර්ණ රාජ්‍ය ගෞරව - සතියක ශෝක කාලයක් (VIDEO)
දූෂිත නායකයින් ලඟදීම හිරේ - නව පක්ෂය නැති වෙන හැටි රාජිත හෙළි කරයි
ලක් දිවයින් ඉතිහාසයේ එක් කඩඉමක් සනිටුහන් කරන තම්බපන්නියේ සිට වව්නියාවෙන් උතුරට තමන් පැමිණියේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජල අමාත්‍යවරයා වශයෙන් යැයි, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වව්නියා උතුරු ප්‍රදේශයන්හි කළ සංචාරයකදී ප්‍රකාශ කළේය.

වව්නියාව ජල සම්පාදන ක්‍රමය යටතේ නිමකරන ලද පේරු ආර හෙවත් පේරාරු ජලාශය නිරීක්ෂණය කිරීම මැයෙන් මෙම සංචාරය වව්නියාව ජල සම්පාදන මණ්ඩලය මගින් සංවිධානයකර තිබිණ. 2025 දී සැමට ජලය සැපයීම ස‍ඳහා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිහිකළ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්තයක් බවට පත්කරමින් මෙම පේරු ආර ජලාශය නිර්මාණයකර තිබිණ. මෙම නිරීක්ෂණ කටයුතු අවසානයේ වව්නියාව සහ  මුලතිව් දිස්ත්‍රික්කයන්හි ඉදිකරන ලද විසිපහකට ආසන්න නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන රැසක් ජනතා අයිතියට පවරාදීමේ වැඩසටහන් රැසකටද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගි විය. තවද  යාපනය ඇතුළු  උතුර ප්‍රදේශය ආවරණය කරමින් නල ජලය බෙදාහැරීම සඳහා ජල නල එළීමේ ව්‍යාපෘතියක්ද සැලසුම්කර තිබේ. මෙහිදී ජනතාව ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කරන්නට යෙදුණි.

වව්නියාවට දුරත් නෑ. ලඟත් නෑ. ඒ මගේ ගම තම්බපන්නිය. ගමේ ඉදන් මම ආවේ වව්නියාවට ලංකාවේ ජල ඇමති විදියටයි. මේ මොහොතේ අපේ රජය මට පවරා ඇති රාජකාරිය වනුයේ බීමට ජලය නැති ජනතාවට පානය කිරීම සඳහා ආරක්ෂිත පානීය ජලය ලබාදීමේ වගකීමයි. මෙහිදී මම මගේ විෂය අනුසාරයෙන් තමුන්නාන්සේලාට එක දෙයක් පැහැදිලි කරන්න කැමතියි. ඒ සමස්ත කැබිනට් මණ්ඩලයම

සැකසී තිබෙනුයේ ජනතා ජීවිතවලට ගැලපෙන ආකාරයට බව කියන කරුණයි.

එය ජනතාවගේ තුන් වේලේ සිට උපතත් මරණයත් ඇතුළුව ඒ අතරවූ සියලු වුවමනා එපාකම් නියෝජනය වන ආකාරයට සැකසී තිබෙන්නක්. මම වතුර දෙනවා වගේ අනෙක් අමාත්‍යවරුත් විදුලිය, ප්‍රවාහනය, සෞඛ්‍ය වගේ අංශවලින් ජනතාවට අවශ්‍යදේයි ලබාදෙන්නේ. හැබැයි, එකක්කිව යුතුයි. කිසිම රජයකට මේ කිසිවක් සර්ව සම්පූර්ණව එකවර ලබාදිය නොහැකි බව. ඒ ඇයි? හේතුව තමයි, සෑම රජයකටම විරුද්ධව වැඩකරන කණ්ඩායම් සිටීමත්, ඒ අය ආණ්ඩුවට විරුද්ධව ජනතාව උසිගැන්වීමත් කිරීම. මේ අය යැපෙන්නෙ විදේශ මුදල්වලින්. වෙනත් තාන්න මාන්න, වරප්‍රසාද වලින්. කිසිම රජයකට මේවා එකවරම නැවැත්වීම කළ නොහැකියි. නමුත්, බලය භාවිතා කිරීමෙන් යම් තරමක පාලනයකට යටත්කළ හැකියි.

මතක තබාගන්න, අපගේ ප්‍රතිපත්තිය වනුයේ, විරුද්ධවාදී කොටස් පාලනය  කිරීම සඳහාවත් බලය පාවිච්චි නොකර සිටීමයි.  ඒකට හේතුව වෙන්නෙ, ඔවුන් අපට විරුද්ධ වුවත්, ඒ සැම ශ්‍රී ලාංකික ජනතාව වීමයි. අපේම රටේ පුරවැසියන්  වීමයි.  රටකට විරුද්ධව ක්‍රියාකරන මොවුන් අන්තාවාදීන්. මෙහි භයානකකම වනුයේ, විරුද්ධවාදීන් රට ඇතුළත සහ පිටත සිට ක්‍රියාත්මක වීමයි. ඔවුන්ට ජාත්‍යන්තර සහයෝගය හිමියි. මෙය වැළක්වීම සහ පාලනය කිරීම ඉතාමත් අසීරුයි.

මෙවන් මොහොතක අපි කුමක්ද කළ යුත්තේ? එයට පිළිතුර  වෙන්නෙ අපි නොබෙදී එකට සිටීම තුළයි. ජාති, ආගම්, කුල වගේ දේවල් වලින් බෙදුණොත් එය කුමන්ත්‍රණ කරුවන්ට ජය මගුල් විය හැකියි. අපි හැමෝම අපගේ ජාතින්වල ගැම්ම, අභිමානය, සංස්කෘතිය ගැන ආඩම්බරවිය යුතුයි. රැකගත යුතුයි. හැබැයි, එය බෙදීමට, මේ  ප්‍රදේශය අපිට, පිට ජාතින්ට මෙහි බෑ යන්නෙන් නොසිතිය යුතුයි. එය තම තමන්ගේ හිත්තුළ පමණක් රඳවාගත යුතුයි. ඒ වාගෙම රට තුළට පමණක් සීමාකරගත යුතුයි. රට ඇතු‍ළත අපි ජාතින් වශයෙන් වෙන් වෙන්ව ජීවත් වුවත්  රටින් බැහැරවූ විට අප සැම ශ්‍රී ලාංකිකයන් පමණක්ම විය යුතුයි. එයින් කියන්නේ, ඔව් අපි ශ්‍රී ලාංකිකයි කියන එකයි.

මොකක්ද ජාතිය කියන්නේ? සිංහල, දෙමළ, මුස්ළිම් නෙවෙයිද?  මොකද්ද  බාසාව කියන්නේ? සිංහල බස, දෙමළ බස, මුස්ළිම් බස නෙවෙයිද? මොනවද සිරිත් විරිත් කියන්නේ? ඒ ඒ ජාතින්ට අයත් ජීවිත පැවැත්ම තුළ අනුගමනය කරන ජාතියට විශේෂවූ ක්‍රමයන් නොවෙයිද? මොකද්ද ආගම කියන්නේ? එක් එක් ජාතිය  අදහන යම් යම් විමුක්ති මාර්ගයන් නොවෙයිද?

දැන් ඔබ මදක් සිතා බලන්න. ඔබේ ජාතියට අනුව කතාකරන බස, සිරිත් විරිත්, ආගම යන අංශ අනෙක් ජාතින්ගෙ බස,  සිරිත් විරිත්, ආගම් වලට වඩා වෙනස් නොවෙයිද කියා.   ඔව් නේද? මෙය  ජාතින්ගේ සුවිශේෂී  ලක්ෂණයක්. එය එක නමකින් හැඳින්විය හැකියි. ඒ සංස්කෘතිය යන නමින්. මිනිසා සංස්කෘතික වෙන්නෙ මෙන්න මේ ආකාරයටයි. එය කිසිදා වෙනස් නොවන, වෙනස් කළ නොහැකි ලක්ෂණයක්.  මිනිසා මේ ආකාරයට එක් එක් සංස්කෘතියන්ට අයත් වනසේ වෙනස් කළේ කවුද? ඒක මහ ගැඹුරු විෂයක්. ඒක හැදෑරිය යුතු දෙයක්. නමුත්, සිත් තුළ තබාගන්න, මේ හැම දෙයකටම එක් එක් ජාතීන්ට විශේෂවූ ආධ්‍යාත්මික ගුරු කුලකයන් සිටිනා බව. අපි සැවොම කළ යුතු එකම දෙය  තමන් ජීවත්වන රට තමන්ගෙ මාතෘ භූමිය ලෙසින් සලකා, තම ජාතියේ සංස්කෘතිය රකිමින්, අනෙක් ජාතින්ගේ සංස්කෘතියට ගැටලුවක් නොවෙන ආකාරයට ජීවත් වීමයි. මේ ලංකා භූමිය හැමවිටම තියෙන්නේ  මිශ්‍ර සංස්කෘතියක් වශයෙනුයි. එය එළෙසින්ම දිගටම අප තබාගත යුතු බව ඔබත් දැන්සිට සිතට ගත යුතුයි.

ඇත්ත, ඔබ ජීවත්වන ප්‍රදේශය හරිම දුෂ්කරයි, කටුකයි. පීඩාකාරියි. ශුෂ්කයි. පහසුකම් ප්‍රමාණවත් නෑ. එකකින් දෙකකින් නොවෙයි. හැම අංශයකින්ම. ඉතිං, ඒක අපි දන්නවා. නමුත්, ඔබ හිත්න්නෙ අපි එය නොදන්නා බවයි. ඒක තමයි ඇත්ත. දැන් ඔබ මගෙන් අසාවි. ඒ ඇත්ත දැනගෙනත් බොන වතුර ටික දෙන්න මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද කියා. ඔව් ඇත්ත. රජය ප්‍රමාද නොවී වැඩ කළා. නමුත්, වැඩ ප්‍රමාද කෙරෙව්වා. ඔබ දැනටමත් දන්නවා පහුගිය අරගලය. ඒක රටට කළ හානිය. රට අවුරුදු ගණනකින් ආපස්සට ගෙන ගියා. ආර්ථිකය, ශ්‍රම දායකත්වය, දියුණුව, විදෙස් ආයෝජන, ව්‍යවසායකත්වය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය දෝරේ ගලමින් අපතේ යැව්ව කාල පරිච්චේදයක්. මේ හානියට, මේ අපරාධයට අපේම රටේ පාවාදෙන්නන් සමග එකතුව සිටියා ජාත්‍යන්තරයත්. එකතුවෙලා ඔවුන් මොනවද කළේ?

ඒ කළ දේවල් මම නැවත ඔබට කිව යුතුද? මම විස්වාස කරන්නේ ගහ දන්න ඔබට කොළ කඩා පාන්න අවශ්‍ය නෑ කියලයි.

මම නැවත ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. උත්තර දෙනවද? බලන්න,  ඔබට කියන්න පුළුවන්ද කියා.  බඩගින්නේ දේශපාලන පාට කුමක්ද? ලෙඩ රෝගවල ජාතිය කුමක්ද? දුක් කම්කටොළු වලට විශේෂ හෝඩියක් තියෙනවද? අත මිට හිඟකමේ බාසාව කුමක්ද? දැන්වත් විස්වාස කරන්න, මේ දේවල් හැම ජාතියකටම පොදු දේවල් බව.

හොඳයි  මෙහෙමත් හිතන්න.සිංහලයට දැනෙන්නෙ සිංහල බඩගින්නක්ද? නැත්නම් මිනිසුන්ට, සත්තුන්ට දැනෙන පොදු බඩගින්නක්ද? දෙමළට දැනෙන්නෙ දෙමළ බඩගින්නක්ද? නැත්නම්, මිනිසුන්ට, සත්තුන්ට දැනෙන පොදු බඩගින්නක්ද? මුසල්මානුවට දැනෙන්නෙ මුස්ළිම් බඩගින්නක්ද? නැත්නම්, මිනිසුන්ට, සත්තුන්ට දැනෙන පොදු බඩගින්නක්ද? මේ ප්‍රශ්නවලට උත්තරේ ඔව් නම්, සිංහලයටයි, දෙමළටයි, මුසල්මානුවාටයි, හැදෙන බඩගින්නට  කන්නෙ තම තමන්ගෙ ජාතියට විතරක් සීමාවුණු  බත්, එළවළු, මස්, මාළු, අල, දෙල්, කොස්, පරිප්පු පොල්ද? ඒ කෑමවල ජාතියේ නම  ගහලා තියෙනවද? නෑ නේද? කාටහරි කියන්න පුලුවන්ද ඔව් කියලා උත්තර දෙන්න. බෑ නේද?

මේ අහන්න. අපිට තියන්නෙ අපිටම විතරක් ආදරය කරගන්නා ජීවිතම නෙවෙයි. තමන්ට වගේම තමන්ගෙ අයටත්, පිට අයටත් ආදරය කරන ජීවිත. අපි ඒ ජීවිතත් සමඟ ආදරෙන් බැඳිය යුතුයි. හරියට අද මේ අපි බැඳිලා ඉන්නවා වගේ.

ඒ වගේ ආදරයක් මේ රජයට, පොදුජන පෙරමුණට, හැටනව ලක්ෂෙට, මහින්ද රාජපක්ෂට ඔබ ගැන තියෙන නිසයි අද මේ මම ඇවිත් ඉන්නෙ. මුදල් අමාරුකම් රජයට තිබුණත්, ඔබ ගැන කැක්කුමත්  ඇති නිසයි මේ ඇවිත් ඉන්නෙ. ඒ ඔබගේ පිපාසය නිවන්න. මේ නවීන තාක්ෂණය යටතේ සියලු අපද්‍රව්‍ය ඉවත්කළ  පිරිසිදු වතුරයි ඔබට දෙන්නෙ.

ඉතිං, කෝ මේ වතුරෙ දේශපාලන කතාව?කෝ දේශපාලන පක්ෂයෙ පාට? කෝ පෙන්නන්න, මගේ සිංහල වතුර? කෝ පෙන්නන්න ඔබේ දෙමළ වතුර? කෝ පෙන්නන්න ඔබේ මුස්ළිම් වතුර?පුලුවන්ද බෙදලා වෙන්කරන්න. මෙන්න මේක තමයි ඔබ සැම පිළිගත යුතු ඇත්ත.

අද දෙමළ, මුස්ළිම් ගම් 23 කට, සිංහල ගම් දෙකකට ආරක්ෂිත පානීය ජල පිරිපහදු යන්ත්‍ර 25 ක් ලබාදුන්නා. එකක වටිනාකම ලක්ෂ  පනහයි. මේ සියල්ල ජනතාව වෙනුවෙන් දේශපාලකයන් කළයුතු දේවල්. ඒක දේවකාරිය වගේ රාජකාරියක්. මේ යන්ත්‍ර මගින් ඔබට ලබාදෙන්නේ ආරක්ෂිත පානීය ජලය. මේ තමයි අලුත්ම නැනෝ තාක්ෂණය.

ජාතින් වශයෙන්  එක් එක් ජාතින්ට උරුම ඇවැතුම්  පැවැතුම් තියෙන බව ඇත්තයි. හැබැයි අපි ජීවත්වීම සඳහා කරන අරගලය තුළ දේශපාලනිකව පක්ෂවලට නොබෙදිය යුතුයි. ඒක හරියට මේ පානීය ජලය වගෙයි.

ඔබට පානීය ජලය දෙන්න පැමිණි මෙම ගමන හරිම සුන්දරයි. ඔබේ මේ පිළිගැනීම හරිම ආදරණීයයි. ඔබේ සංස්කෘතිය අපට ගෙනාවේ ගැඹුරු දාර්ශනික හරයක්. අප නිරන්තරවම මතක තබා ගතයුතු දෙයක් ගැන මා ඔබට කීමට කැමතියි. එය හදවත්වල බැඳීමයි.

මම ඔබෙන් අහන්නෙ, අපි එකිනෙකට වෙනස්වූ සංස්කෘතීන්වල නොහිටියානම් එවන් බැඳීමක් ඇතිවෙනවද? මතක තියාගන්න, සංස්කෘතික වෙනස තමයි බැ‍ඳීම් අලුත්වීමේ මූලික ප්‍රධාන පියවර වෙන්නෙ.  සස්කෘතියයි  විද්‍යාවයි කිසිකලෙක එකට නොපෑහෙන බව  අපි විස්වාසෙට ගත යුතුයි.  බොහෝ සංස්කෘතික අංග විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරන තරමට අද පිරිහීමකට ලක්වෙමිනුයි තිබෙනුයේ. අපි ඒ සීමාමායිම් වලට කොටු නොවිය යුතුයි. සංස්කෘතිය මහ පුදුමාකාර දෙයක්.එය ජාතියක ප්‍රාණය හා සමානයි. කිසියම් රටක ජාතින් කිහිපයක් ජීවත් වෙයි නම්, එම රට ජාතින් සංස්කෘතික ගණනාවකින් හෙබියි. එය වර්ණ ගැන්වූ චිත්‍රයක් වගෙයි.

ඔබ මා මුණගැසුණු පළමු දිනය අද? නමුත්, ඔබට මා කියන දෑ වටහාගත හැකියි නේද? එයින් කියන්නේ අපි අසල්වැසි නෑදෑ හිත්වතුන් වනබව නොවෙයිද ?අසන්න, මා මේ ඔබේ ඇතුළු හදවතට කතාකරමිනුයි සිටිනුයේ.

ඔබ ජලය ගෙනයාමට ගෙනාවේ එක එක හැඩැති භාජන නෙවෙයිද? ඒ සෙම්බු,කළගෙඩි, බෝතල්, බාල්දි එහෙම නොවෙයිද? ඔබට ලැබෙන ජලය  භාජනේ හැඩය ගන්නවා මිසක, භාජනය  ජලයේ හැඩය ගන්නවද? ඔබ මේ ගැන නිවී සැනසිල්ලේ තනිවම කල්පනාකර බලන්න. මට විස්වාසයි ඔබට නොදැනිම ඔබේ තෙවැනි ඇස විවෘත වන බව.

විස්වාස කරන්න. අපේ රජයෙත්, පොදුජන පෙරමුණෙත්, අපේ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙත්, ජනාධිපතිතුමාගෙත් හිත් පතුලෙ තියෙන්නෙත් ඒ බැඳීමමයි. ඔබගෙයි, අපගෙයි බැඳීම එක හා සමානවූ නිසයි අවුරුද්දක් ඇතුළත යළිත් ඔබ සැම එකාවන්ව එක්වී අපි දේශපාලනිකව ඉහළට ඔසවා හැටනම ලක්ෂේ කෝටියකට ගෙනැවිත් අපව ශක්තිමත් කරනු ලැබුවේ. ඒ දුන් ශක්තියෙන් ජය කෙහෙළි බැඳ පිහිටුවන අපේම පොදුජන පෙරමුණු ආණ්ඩුවකින්, රජයකින් ඔව්, ඔබේම රජයකින් අපි ඔබ සැමගේ ජීවිත යහපත් කරන බවට දෙන පොරොන්දුව මෙයයි. ඉතිං ඔබට අනේක වාරයක් ස්තූතියි.

පී.සී.හෙට්ටිආරච්චි,
මාධ්‍ය ලේකම්,
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලක් ඉතිහාසයේ කඩඉමක් සටහන් කරන තම්බපන්නියේ සිට උතුරට මං ආවා - සනත් නිශාන්ත
ලක් ඉතිහාසයේ කඩඉමක් සටහන් කරන තම්බපන්නියේ සිට උතුරට මං ආවා - සනත් නිශාන්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjV3udd2-HvJIkRcIHtN-1EI1JqZxfU0m3lbb0IrRlO4fYuDJODc8MIb1brvHowETdgmU9FoKPEBevMVS7NK5TbvmNsAwtnjab6kH1t-4OCZuB8thnAQVbIKgRRFmo8084WOINzRO9Y7AFj5Kfuf_uUy0_0irBKI04p6fY6kjOmUT3QKoy0LvdZzJYakgrz/s320/sanath-nishantha.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjV3udd2-HvJIkRcIHtN-1EI1JqZxfU0m3lbb0IrRlO4fYuDJODc8MIb1brvHowETdgmU9FoKPEBevMVS7NK5TbvmNsAwtnjab6kH1t-4OCZuB8thnAQVbIKgRRFmo8084WOINzRO9Y7AFj5Kfuf_uUy0_0irBKI04p6fY6kjOmUT3QKoy0LvdZzJYakgrz/s72-c/sanath-nishantha.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy