දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුඩාඔය අවි ගබඩාව හිමිකරුගේ පුතා මදුෂ්ගේ පියාගේ අවමඟුලට මල් ඉස්සලු
Homeප්‍රවෘත්ති

කුඩාඔය අවි ගබඩාව හිමිකරුගේ පුතා මදුෂ්ගේ පියාගේ අවමඟුලට මල් ඉස්සලු

PropellerAds

සංවිධානාත්මක අපරාධකරුවකු වූ ඩුබායි රටින් පිටුවහල් කරන ලද මාකඳුරේ මධුෂ් නමැත්තාගේ පියාගේ අවමඟුල් උත්සවයට ගුවනින් මල් ඉසීමේදී එම හෙළිකොප්ටය ප...

අයවැය කතාව අතරතුර ජනපති පාර්ලිමේන්තුවට
අයවැය 2017 - නවතම තොරතුරු (UPDATING)
මාධ්‍යවේදියෙකු ලෙස ජනපති අසලට ආ පුද්ගලයා රිමාන්ඩ්
සංවිධානාත්මක අපරාධකරුවකු වූ ඩුබායි රටින් පිටුවහල් කරන ලද මාකඳුරේ මධුෂ් නමැත්තාගේ පියාගේ අවමඟුල් උත්සවයට ගුවනින් මල් ඉසීමේදී එම හෙළිකොප්ටය පැදවූයේ ඌව කුඩාඔය ආයුධ ගබඩාවේ හිමිකරුගේ පුතා බව සිදුකළ විමර්ශනවලදී හෙළි වී යැයි පොලිසිය කියයි. ඔහුගෙන් ඒ පිළිබඳව විමසීමේදී තමන් රාජකාරිය සිදුකළා මිස මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න දැන නොසිටි බව ප්‍රකාශ කළ බව පරික්ෂණ කණ්ඩායමේ පොලිස් නිලධාරියකු පැවැසීය.

ප්‍රධාන සැකකරුගේ පුතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටියදී යහපත් කල් ක්‍රියාවෙන් සේවය කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ෂශනවලදී හෙළි වී යැයි පොලිසිය කියයි.

 මේ අතර  වැල්ලවාය, කුඩාඔය, ජංගලීවත්තේ අවි ගබඩාවේ හිමිකරුගේ දෙහිවල සරණංකර මාවත දෙමහල් නිවෙසේ සඟවා තිබූ වායු රයිෆල් ගිනි අවි කොටස් හා ජීව උණ්ඩ සමඟ තවත් භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට හැකිවිය.

බෝර දොළහේ සජීවී පතරොම් විසිදෙකක්, බෝර දොළහ හිස් පතරොම් කොපු අනුවක්, ආමර් මැගසින් උණ්ඩයක්, ටී පනස් හයේ සජීවී පතරොම් තුනක්, හතරයි දශම පහ සජීවී පතරොමක්, මිලිමීටර් නවයේ ජීව උණ්ඩ දෙකක්, සරඹ උණ්ඩ දෙකක්, හඳුනා නොගත් ජීව උණ්ඩ තුනක්, විදේශීය පිස්තෝල අවියක කොටසක්, ෂොට්ගන් අවි පිරිසුදු කිරීමේ කට්ටල දෙකක්, විදේශීය නිෂ්පාදිත අංකයක් නොමැති වායු රයිෆල් දෙකක්, වායු රයිෆල් සඳහා භාවිත කරන උණ්ඩ පිරවීම සඳහා යොදා ගනු ලබන ඊයම් කැබලි පිරවූ ටින් එකක්, වායු රයිෆල් සඳහා භාවිත කරනු ලබන ගස් ටියුබ් දෙකක් තිබී පොලිසිය මඟින් සොයා ගෙන ඇත.

ඌව කුඩා ඔය, ජංගලිවත්ත අක්කර පහක පමණ වත්තක වළ දමා තිබූ විවිධ වර්ගවල ජීව උණ්ඩ තොගයක්, දුම් බෝම්බ, කිණිසි, දැළි පිහි, කෙටේරි, කඩු ඇතුළු ආයුධ තොගයක් ඉකුත් 12 වැනිදා කුඩා ඔය පොලිසිය මඟින් සොයා ගැනීමෙන් පසු එම අවි ආයුධ තොගයේ අයිතිකරු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුගේ පුතා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස සේවය කර ඉන් ඉවත් වී පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවකු ලෙස රැකියාවක නිරත වන බවත් පොලිසිය කියයි. සැකකරුගේ පුතා ගුවන් හමුදාවේ සිටි කාලය තුළ යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කර ඇතැයි පොලීසිය කියයි.

ඌව කුඩාඔය අවි ගබඩාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු විනෝදාංශයක්  ලෙස ගිනි අවි පතරොම් හා අනෙකුත් භාණ්ඩ එකතු කළ බව පැවැසූ බව පොලීස් නිලධාරියකු පැවැසීය. එම පුද්ගලයාට ඌව කුඩාඔය ප්‍රදේශයේ ගොවිපොළක් ඇති නමුත් එයින් නිසි ආදායමක් පවා නොලැබෙන බවත් සිදුකළ මුලික විමර්ශනවලදී මේ වනවිට අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයකු පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුඩාඔය අවි ගබඩාව හිමිකරුගේ පුතා මදුෂ්ගේ පියාගේ අවමඟුලට මල් ඉස්සලු
කුඩාඔය අවි ගබඩාව හිමිකරුගේ පුතා මදුෂ්ගේ පියාගේ අවමඟුලට මල් ඉස්සලු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRdte2WN_eY3BvlexLsjARAy28hSNA60ochEV6990jMWgYtvfbvd-2LcbF_aapELVqPoyqVVG9V9T-pzHdWhq9EM4LqEr3KSxFPuBH_9Lym4ML6VDFimY2bdaT6hfFO5xDAREeK2KzHxCX/s320/madush.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRdte2WN_eY3BvlexLsjARAy28hSNA60ochEV6990jMWgYtvfbvd-2LcbF_aapELVqPoyqVVG9V9T-pzHdWhq9EM4LqEr3KSxFPuBH_9Lym4ML6VDFimY2bdaT6hfFO5xDAREeK2KzHxCX/s72-c/madush.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_529.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_529.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy