පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවේදී ඊට සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරි...
පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවේදී ඊට සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත රැඳී සිටි ස්ථානයට ළඟාවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම වී තිබේ.
කැමරාවක් ද අතැතිව මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් මෙම පුද්ගලයා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රැඳී සිටින ස්ථානය අසළට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශය විසිනි.
ඉන්පසුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇත.
ඒ අනුව සැකකරු ඊයේ (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වී තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
COMMENTS