ඇ මති රිෂාඩ් බදුර්දීන් මහතා මේ වනවිට ආසියාවේ දසවැනි කෝටිපතියා වීමට ළඟා වී ඇති බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ ...
ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා මේ වනවිට ආසියාවේ දසවැනි කෝටිපතියා වීමට ළඟා වී ඇති බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ සඳහන් කරති.
ඇමතිවරයා තම බලය අයුතු ලෙස පාවිච්චි කරමින් මහා පරිමාණ ජාවාරම් කරමින් අන්තවාදී ආගම් වාදී කණ්ඩායම් වලට ආරක්ෂාව සලසා දෙමින් මහා පරිමාණ ධනයක් උපයා ඇතැයි ද උන්වහන්සේ චෝදනා කලහ.
ෂොපින් බෑගයක ඇඳුම් දාගෙන කොළඹ පැමිණ බදියුදීන් ඇමතිවරයා අද වන විට මෙතරම් කෝටිපතියෙක් වී ඇත්තේ කෙසේදැයි අදාළ අංශවලට පැමිණිලි කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බවද උන්වහන්සේ කියා සිටියහ.
උන් වහන්සේ මේ බව කියා සිටියේ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක් සඳහා පෙනී සිටීමට අධිකරණය වෙත ගෙන ආ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

COMMENTS