රාජ්‍ය අමාත්‍යවරයෙකු හා මන්ත‍්‍රීවරයෙකු සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට ආණ්ඩුවේ ප්‍රධානීන් සූදානම් වන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්...
රාජ්‍ය අමාත්‍යවරයෙකු හා මන්ත‍්‍රීවරයෙකු සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට ආණ්ඩුවේ ප්‍රධානීන් සූදානම් වන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
නීතියෙන් බේරීම සඳහා විදේශගතව සිටි ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ ප්රභූ පර්යන්තය හරහා මෙරටට කැඳවාගෙන පැමිණි බවට ඔවුන්ට චෝදනා එල්ල වෙයි.
දැනටමත් මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධි අංශ වලින් වාර්තාව ලබා ගෙන ඇති බවත් ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුවත් කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර දීර්ඝ සාකච්ඡා මේ ගැන කිරීමෙන් පසු දැඩි ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයිද සදහන්ය.
චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇමති ධූරය අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ආරංචි මාර්ග කියා සිටියේය.
අදාළ ව්‍යාපාරිකයා කලකට පෙර විදේශ ගතව ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටි අවස්ථාවේදීය.
මෑතකදී ඔහු මෙරටට පැමිණ ඇතත්තේ මෙම දේශපාලඥයන් සමග කටුනායක ගුවන් තොටුපලේ ප්රභූ පර්යන්තය හරහාය.
එසේ පැමිණීමෙන් පසුව එම දේශපාලකයන් මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් පසු අධිකරණයට ලෙස ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත ඔහු මුදා හැර සිටී.

COMMENTS