දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ඔමික්‍රෝන් සුනාමිය' කඩා වදියි... රෝහල් අසරණ වෙයි... භයානක දත්ත රැසක් එළියට!
Homeප්‍රවෘත්ති

'ඔමික්‍රෝන් සුනාමිය' කඩා වදියි... රෝහල් අසරණ වෙයි... භයානක දත්ත රැසක් එළියට!

PropellerAds

මේවන විට දෛනිකව හඳුණාගන්නා කොවිඩ් රෝගීන්ගෙන් බහුතරය ඔමික්‍රෝන් ආසාදිතයින් බවට පර්යේෂණ වාර්තාවලින් පෙනී යන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ...

සිසුන් 27,603ට සරසවි වරම් - කඩඉම් ලකුණු මෙන්න 
අපහාස නඩුවෙන් අනූෂ හා සුධර්මන් නිදහස්
'එජාපය වෙනස් වෙන්නේ නෑ' - මහින්දගෙන් ප්‍රකාශයක් (VIDEO)
මේවන විට දෛනිකව හඳුණාගන්නා කොවිඩ් රෝගීන්ගෙන් බහුතරය ඔමික්‍රෝන් ආසාදිතයින් බවට පර්යේෂණ වාර්තාවලින් පෙනී යන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අනාවරණය කළා.

මේවන විට වාර්තාවන ආසාදිතයන්ගෙන් 95%ක ප්‍රමාණය ඔමික්‍රෝන් ආසාදිතයින් බව යි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව ලෙස මීට පෙර මෙරට තුළ පැතිර ගිය ප්‍රමුඛ ප්‍රභේදය වූ ඩෙල්ටා ප්‍රභේදය තවදුරටත් ප්‍රමුඛ නොමැති බව පෙනී යනවා.

වෙනත් ආකාරයකින් කිවහොත් ඩෙල්ඩා ප්‍රභේදයේ ප්‍රමුඛතාව ඉක්මවා යමින් ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට නව ප්‍රමුඛ ප්‍රභේදය ලෙස පැතිර යන බව පැහැදිළි වෙමින් පවතිනවා.

වඩාත් භයානක කරුණ වන්නේ මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ පවතින විකෘතිතා ගොන්න හේතුවෙන්, එය පෙර ප්‍රභේදවලට වඩා ඉතා වැඩි සීග්‍රතාවයකින් බෝ වන බවට මේවන විටත් හඳුනාගෙන තිබීම යි.

කොවිඩ් සුනාමියක්

මේ අතර ජාතික රෝහලෙහි කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා අවධාරණය කළේ මීලඟ කොවිඩ් රැල්ල මේවන විටත් ආරම්භ වී අවසන් බව යි.

එදිනෙදා ලැබෙන සංඛ්‍යාලේඛණවල සඳහන් ආසාදිතයින් ගණනට වඩා රට තුළ සැබෑ රෝගීන් ගණන ඉතා ඉහළ බව ද ඔහු පවසා සිටියා.

“රැල්ල ආරම්භ වෙලා නම් ගොඩක් ඉවරයි. රැල්ලේ අපි දකින්නෙ දැන් ඉහළට යන සුනාමියක් තමයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

ඔහුගේ එම තත්ත්වය තහවුරු කරමින් දින 07ක කාලයක් අඛණ්ඩව ආසාදිතයින් 800 සීමාව ඉක්මවා වාර්තා වූ අතර පසුගිය දින දෙක, එනම් ඊයේ (27) සහ පෙරේදා (28) දින දෙක තුළ දෛනිකව වාර්තා වූ ආසාදිතයින් ගණන 900 සීමාව ඉක්මවා ගියා.

රෝහල් රැසක දරුණු තත්ත්වයක්

මෙම තත්ත්වයට සමගාමීව මෙරට ප්‍රධාන රෝහල් රැසක නේවාසිකව ප්‍රතිකාර ගන්නා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාවෙහි කැපී පෙනෙන ඉහළ වර්ධනයක් දක්නට ලැබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

කොළඹ ජාතික රෝහල, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහල, හෝමාගම මූලික රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් රැසක් මෙම තත්ත්වයට මුහුණ පා ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මෙවන් වාතාවරණයක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසූරිය මහතා අනාවරණය කළේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන ළමුන් ගණනේ ද වර්ධනයක් දක්නට ලැබෙන බව යි.

ජාතික රෝහල
කොළඹ ජාතික රෝහල තුළ කොවිඩ් 19 ආසාදිතයන් සඳහා වෙන් කොට ඇති වාට්ටු ප්‍රමාණය 05ක් බව වාර්තාවන අතර සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එන්. එස්. බී. මැදිවත්ත මහතා පසුගිය දා ප්‍රකාශ කළේ මෙම වසර ආරම්භයේ දී ජාතික රෝහල තුළ තිබුණේ එක් කොවිඩ් වාට්ටුවක් පමණක් බව යි.

එමෙන්ම ගැබිණි හෙදියන් කිහිපදෙනෙකු ඇතුළු කොළඹ ජාතික රෝහලෙහි කාර්යය මණ්ඩලයේ සැළකිය යුතු පිරිසක් ද කොවිඩ් ආසාදනය වී සිටින බව සඳහන්.

IDH රෝහල
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලෙහි ඇඳන් ධාරිතාව උපරිමයට ලඟා වෙමින් පවතින බව එම රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා අනාවරණය කළා.

එම රෝහලේ දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත්වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව පැවසූ රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ රෝහලෙහි බාහිර රෝගී අංශය හරහා PCR පරීක්ෂණ සඳහා අණුක ජීව විද්‍යාගාරය වෙත ඉදිරිපත්වන ජෛව සාම්පලවලින් 50% - 60% අතර ප්‍රමාණයක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙමින් පවතින බව යි.

කරාපිටිය රෝහල
කරාපිටිය ශික්ෂණ රෝහලෙහි තත්ත්වය ද සතුටුදායක නොවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය දිනවල එම රෝහලෙහි ප්‍රතිකාර ලබා ඇති කොවිඩ් රෝගීන් ගණන 30ක් පමණ වුවත්, මේවන විට එම ගණන 60ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන බව යි වාර්තා වන්නේ.

හෝමාගම රෝහල
කොවිඩ් 19 වසංගත තත්ත්වයේ වර්ධනයත් සමග කොවිඩ් ප්‍රතිකාර සඳහාම වෙන් කළ හෝමාගම මූලික රෝහලෙහි කොවිඩ් වාට්ටු සියල්ලම පිරී ඇති බව පැවසෙනවා.

එම රෝහලෙහි අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ එම වාට්ටුවල ඇඳන් ධාරිතාවට වඩා වැඩි ආසාදිතයින් ගණනක් ප්‍රතිකාර ලබන බව යි.

හෝමාගම මූලික රෝහල් කාර්යය මණ්ඩලයේ සැළකිය යුතු පිරිසක් ද කොවිඩ් ආසාදිත වී ඇති අතර ඔවුන් අතර වෛද්‍යවරු, හෙදියන් සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ පිරිස් සිටින බව වාර්තා වූවා.

ළමා රෝහල
වසංගත තත්ත්වයේ වර්ධනය හමුවේ රිජ්වේ ආර්යා ළමා රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ එම රෝහල තුළ කොවිඩ් ආසාදිත ළමුන් ගණන 40 - 50ත් අතර ගණනක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව යි.

කාර්යය මණ්ඩල රෝගීන් වෙයි

මේ අතර රෝහල්වල ධාරිතාව උපරිම සීමාවන්ට ලඟා වෙමින් තිබෙන පසුබිමක රෝහල් ගණනාවක සෞඛ්‍ය කාර්යය මණ්ඩල බරපතල ලෙස ආසාදනයට ලක් වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පෙන්වා දෙනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ආණ්ඩුව විසින් ගත් ඇතැම් ක්‍රියාමාර්ග ද මෙම තත්ත්වය පිටුපස ඇති බව යි.

වර්තමානයේ භුක්තිවිඳිමින් සිටින්නේ කොවිඩ් කාර්යය සාධන බලකාය විසුරුවා හැර, සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සියළු දෙනා සේවයට කැඳවීමට රජය ගත් තීරණයේ ප්‍රතිඵල බව යි ඔහු කියා සිටියේ.

මේ අතර ඉහත කී රෝහල්වලට අමතරව තවත් බොහෝ රෝහල්වල කාර්යය මණ්ඩල කොවිඩ් ආසාදිත වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

භයානක දත්ත එළියට

අප වාර්තාකරුවන්ගේ තොරතුරු තහවුරු කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද පවසා සිටියේ ජාතික රෝහලෙහි කොවිඩ් ආසාදනය වූ හෙදියන් ගණන පමණක් 75ක් පමණවන බව යි.

එමෙන්ම මාලිගාවත්ත රෝහලෙහි කාර්යය මණ්ඩලයේ 24 දෙනෙකු ආසාදනය වී ඇත්තේ දින දෙකක් ඇතුළත බව ද එම සංගමය සඳහන් කළ අතර රත්නපුර රෝහලෙහි කාර්යය මණ්ඩලයේ 28 දෙනෙකු ද කොවිඩ් ආසාදනය වී ඇති බව යි ඔවුන් පෙන්වා දුන්නේ.

තව ද මහනුවර රෝහලෙහි කාර්යය මණ්ඩලයේ 11 දෙනෙකු ද, බලංගොඩ රෝහලෙහි කාර්යය මණ්ඩලයේ 06 දෙනෙකු ද ආසාදිත වී ඇති බව අනාවරණය කළ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ මහනුවර හෙද විදුහලෙහි හෙද සිසුවියන් 26 දෙනෙකු දිනක් ඇතුළත කොවිඩ් ආසාදනය වී ඇති බව යි.

ආසාදනය වී ඇති රෝහල් කාර්යය මණ්ඩල පිළිබඳ දත්ත තවදුරටත් ඉදිරිපත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ තෙල්දෙණිය රෝහලෙහි 16ක් ද, රාගම ශික්ෂණ රෝහලෙහි 26ක් ද, කළුබෝවිල රෝහලෙහි 30ක් ද, මාතලේ රෝහෙලෙහි 86ක් ද වශයෙන් රෝහල් කාර්යය මණ්ඩල කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇති බව යි.

එමෙන්ම මෙරට තුළ රෝහල් 600ක් පමණ ඇති බවත්, එම සියළු රෝහල්වල කාර්යය මණ්ඩල සඳහා කොවිඩ් හඳුණාගැනීමේ පරීක්ෂණ නිසි පරිදි සිදු කළහොත් අනාවරණයවන ආසාදිතයින් ගණන ඉතා විශාල අගයක් ගනු ඇති බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ඔමික්‍රෝන් සුනාමිය' කඩා වදියි... රෝහල් අසරණ වෙයි... භයානක දත්ත රැසක් එළියට!
'ඔමික්‍රෝන් සුනාමිය' කඩා වදියි... රෝහල් අසරණ වෙයි... භයානක දත්ත රැසක් එළියට!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjN3tbgfzIWS9HU5AVWTlsxtp8h3gvy7pjDVAEit7_2W08VWBsJOS3ikB5eAi49TjiG8UXgA22pMxCfedlHHgAHrb9Gd1EkrOaSD7DLhZQuFYhNCKe4FxqU1OBEZUhMcvk2_bpfayLaLOX24lFbYgrse1lFHljKXc0Fmwjf9c_un306zo5HBHQEkYY3ig=w320-h194
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjN3tbgfzIWS9HU5AVWTlsxtp8h3gvy7pjDVAEit7_2W08VWBsJOS3ikB5eAi49TjiG8UXgA22pMxCfedlHHgAHrb9Gd1EkrOaSD7DLhZQuFYhNCKe4FxqU1OBEZUhMcvk2_bpfayLaLOX24lFbYgrse1lFHljKXc0Fmwjf9c_un306zo5HBHQEkYY3ig=s72-w320-c-h194
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_330.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_330.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy