ප සුගිය දිනවල මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ උණුසුම්කාරී තත්වය පිළිබඳ මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. මෙම සිදුවීම සමාන්‍ය ජනතාව විසි...
පසුගිය දිනවල මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ උණුසුම්කාරී තත්වය පිළිබඳ මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. මෙම සිදුවීම සමාන්‍ය ජනතාව විසින් සිදු නොකළ, සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කළ කුමන්ත්‍රණයක් බවට බොහෝ දෙනා අදහස් දක්වමින් සිටිනවා.
මේ අතර අද උදෑසන විකාශය වූ නෙත් එෆ්. එම් බැලුම්ගල වැඩසටහනට අදහස් දක්වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසන්නේ මෙම සිදුවීම දේශපාලකයන් සහ රටේ ක්‍රියාත්මක බටහිර ඔත්තු සේවාවක් විසින් සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට තමන් සැක කරනා බවයි. එමගින් මැතිවරණ කල් දමා ගැනීමටත්, මෙරට බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට හැකිවූ බවත් උන්වහන්සේ පවසනවා.
එහිදී අදහස් දැක්වුූ ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසූවේ
"මේ කලකෝලහාල සිදුවෙනවා නම් සිදුවෙන්න තිබුනේ පාස්කු ඉරිදා. නමුත් දැන් කලකෝලහාල අවශ්‍ය වෙලා තියෙන්නේ දේශපාලන කොටස් වලට. මේක යට ඒ වගේම ජාත්‍යන්තරයද රැදී ඉන්නවා. ජාත්‍යන්තරයටත් අවශ්‍ය වෙලා තියෙනවා අපේ රටේ තවදුරටත් කිසියම් හෝ ප්‍රබල ගැටුමක් ඇති කරවන්න. ඒ නිසා මේ ගැටුම් ඇති කරවන්නේ ඇතැම් දේශපාලන කොටස් සහ ජාත්‍යන්තරය විසින්
ඒ කාලේ ඉදලම දේශපාලන ඇතැම් කොටස් ගැටුම්කාරී තත්වයන් ඇති කළා, විවිධ අවස්තාවල. මොකද මේ තුල එක පැත්තකට ඡන්දය කල් දමා ගැනීමේ සටනක් ඇති වෙනවා. තව පැත්තකට ජාත්‍යන්තරය විසින් නිර්මාණය කර දෙන න්‍යාය පත්‍රයට අනුව ගමන් කිරීමක් සිදුවෙනවා. ජාත්‍යන්තරය එක්ක අත්වැල් බැඳගෙන රට වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව ජාත්‍යන්තරය වෙනුවෙන් පෙනී සිටින නායකයන්ට මේ ගැටුම අවශ්‍ය වෙලා තියෙනවා ඔවුන්ගේ ඉලක්කයට යන්න." යනුවෙනි.

COMMENTS