නව කොරෝනා වෛරස් අවදානම හදිසි තත්වයක් සේ සලකා ක්‍රියාමාර්ග ගත යුතු බැවින් ඒ පිළිබඳ සාකච්ජා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැදවන ලෙස විපක්ෂ නා...
මෙම අවස්ථාවේදී දේශපාලන භේදයකින් තොරව රට ආරක්ෂා කරගැනීම සියලු දෙනාගේම වගකීමක් බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කරුණු 6ක් කෙරෙහි අවධානය යොමු කර තිබේ.
පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම, චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මූල්‍ය රෙගුලාසි මත කටයුතු නොකර රජයේ පූර්ණ මැදිහත් වීමෙන් ඔවුන්ව ගෙන්වා ගැනීම, ඔවුන් මනා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම, මෙරට සිටින චීන ජාතිකයින්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතතාව පිළිබඳ රජය මැදිහත් වී සොයා බැලීම, රෝගී තත්වය සහ ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳ සියලු ක්‍රමවේද හරහා ජනතාව දැනුවත් කිරීම, හදිසි අවස්තාවක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීම යන කරුණු ඒ මහතා සිය නිවේදනයෙන් අවධානයට ලක් කර ඇත.
එසේම මේ මොහොතේ ඉටු වියයුතු සියලු වගකීම් සහ මැදිහත්වීම් සිදුකිරීමට විපක්ෂය සූදානම් බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරන්නේ.
මීට පෙර සැලසුම් කර ඇති පරිදි පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 05 වනදාය.
COMMENTS