තමන් නිශ්චිතවම වැටුප් වැඩි වීමක් ඉල්ලා නොසිටි බවත් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සමඟ කටයුතු කරන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල කරන කැපකිරීම වෙ...
තමන් පෙරේදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය විකෘති කරමින් ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් අසත්‍ය ප්‍රචාර ගෙනගොස් ඇති බව පැවසූ එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඒ පසුපස සිටින්නේ කිරිපිටි ආනයනය කරන සමාගම් බවටයි චෝදනා කළේ.
"අපට දැනගන්න ලැබිලා තියෙනවා මේ වෙනකොට ඉතාම වැරදි විදියට - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පිටු 4ක මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි එක කරුණක් අල්ලාගෙන - දේශපාලන පක්ෂයකට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි හරහා ඉතාම කැත විදිහට අපේ අර්ථ දැක්වීම විකෘති කරලා ප්‍රවෘත්තියක් පළවෙනවා කියලා.
ර.වෛ.නි.ස විදියට අපි කිව්වා මේ අවදානම් සහිත කාර්යයට සහභාගී වන පිරිස සඳහා - වෛද්‍යවරුන් විතරක් නෙවෙයි, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනා සඳහා - විශ්ව ආරක්ෂණ ක්‍රම, අවම පහසුකම් ටික දෙන්න කියන ඉල්ලීම කළා. ඒත් එක්කම අපි කිව්වා මේ කාර්යය ජාතික වැදගත් කමකින් යුත් කාර්යයක්. එතකොට කවුරු හරි මේකට වොලන්ටියර් කරලා සක්‍රිය විදියට මේකට සහභාගී වෙනවා නම් ඒ අය දිරිමත් කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න කියලා.
ඒක කිසිසේත්ම අපි කිව්වෙ නෑ දිරි දීමනාවක් හරි ආර්ථික ප්‍රතිලාභයක් දෙන්න කියලා. අපි ඉතාම පැහැදිලිව කිව්වෙ ඒ ප්‍රතිලාභය මොකද්ද කියන එක රජයට තීරණය කළ හැකියි. මේ කරන කැපකිරීම වෙනුවෙන් මොකද්ද දෙන්න ඕනෙ කියන එක අපි යෝජනා කරන්නෙ නෑ. ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න ඕනෙ බලධාරීන්. එතකොට ඒ කැපවීම ගැන ජනතාවගේ මතය මොකද්ද කියන එකත් ජනතාව විසින් පැහැදිලි කළ යුතුයි.
මේක රාජකාරිය තමයි, නමුත් මේ අවස්ථාවෙදි අපට වෙනත් රෝහල්වල, ප්‍රදේශවල ඉඳන් ඉදිරියෙහි සමහරවිට වෛද්‍යවරුන් මේ රෝහල්වලට අනුයුක්ත කරන්න වෙයි. ඉතිං ඒ තත්වය යටතේ අපි සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට කතා කරලා කිව්වෙ මේ වෛද්‍යවරයකුගේ හෝ වෙනත් සේවකයකුගේ පෞද්ගලික ලිපි ගොනුවට දිරි ගැන්වීමේ ලිපියක්, මේ සේවය අගය කරලා ලිපියක් ඒ ෆයිල් එකට දාන එකත් දිරි ගැන්වීමක්. ඒවගේ අගය කිරීමක් බලාපොරොත්තුවෙන් අපි කරපු දේ, මේ තත්වය කළමනාකරණය කරගැනීම සඳහා සෞඛ්‍ය සේවකයින් එතෙන්ට යොමු කිරීම සඳහා යම් විශේෂ වැඩපිළිවෙලක් අපි යෝජනා කළේ.
එතකොට ඒක ආර්ථිකමය වශයෙන් වන දීමනාවකට සම්බන්ධ කරලා මේ හරහා දේශපාලන වාසි ගන්න හදනවා නම්, විශෙෂයෙන්ම අපි ඉතාම වගකීමෙන් කියනවා මේ පිටිපස්සෙ ආනයනික කිරිපිටි සමාගම්, මේ කියන කතාව පිටිපස්සෙ විදේශවලින් රටට එන කිරිපිටි සමාගම් මේ වෙබ් අඩවි පිටිපස්සෙ ඉන්නවා කියන එක මේ වනවිට තොරතුරු ලැබිලා තියෙනවා. අපි ආරම්භ කරපු කිරිපිටි විරෝධී සටන වෙනත් මාතෘකාවකට හරවන්න මේ කිරිපිටි සමාගම් කටයුතු කරමින් ඉන්නවා" යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS