හදිසි අනතුරකින් මියගිය පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අනතුර සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින පුද්ගලයා මේ සිද්දියේ සැකකරු බව...
හදිසි අනතුරකින් මියගිය පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අනතුර සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින පුද්ගලයා මේ සිද්දියේ සැකකරු බවට අනාවරණාය කරගෙන ඇති බවත් හදුනාගැනිමේ පෙරට්ටුව අවසන් වු වහාම ඔහු, ඒ රථය පැදවු බවට විවිධ කැමරා මගින් ලබාගත් විඩියෝ සාක්ෂි මාධ්‍යට මුදා හැරීමට බලාපොරොත්තු වන බවත් රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කොළඹදී පැවැසිය.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වන විවිධ කටකතා, ප‍්‍රවෘත්ති බැහැර කරන ලෙසට ඉල්ලිමක් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ෆේස්බුක් ඔස්සේ එවැනි දේ ප‍්‍රචාරය කරන 15කගේ පමණ ලිපිනයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් මේ නඩුවේ සාක්ෂි කරුවන් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පැවැසීය.
පොලිස් මූලස්ථානයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් රෝහන මහතා මේ බව පැවැසිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේද කිය.
‘‘බම්බලපිටිය බෞධාලෝක මාවත සහ ඩුප්ලිකේෂන් පාරේ ඇති සංඥා ලාම්පුවල දැල්වීම පිලිබඳ කොළඹ නගර සභාවේ අදාල විශේෂඥ ඉංජිනේරුවාගේ ප‍්‍රකාශයක් ලබා ගතත්තා. ඒ අනුව රතු එලිය දැල්වෙන අවස්ථාවේ මෙම ඩිෆෙන්ඩර් රථය ගමන් කරලා තියෙනවා. ඒ සම්බන්දයෙන් අපි අවධානය යොමු කරලා තවත් පරික්ෂන මෙහෙයවනවා. මේ මරණ පරිකෂණයේ සාක්ෂි මෙහෙයවලා අධිකරනය ලබා දෙන තිරණය අනුව ඉදිරියේදි අදාල සැකකරු සහ ඊට සම්බන්ද අනික් පුද්ගලයන්ට විරුද්දව අපි ක‍්‍රියා කිරිමට බලාපොරොත්තු වෙනවා. සිද්දිය සම්බන්දයෙන් රිමාන්ඞ් බාරයේ සිටින පුද්ගලයා මේ සිද්දියේ සැකකරු බවට අපි පුද්ගල සාක්ෂි සහ විඩියෝ සාක්ෂි මගින් අනාවරනය කරගෙන තියෙනවා. ඒ නිසා සමාජ මාධය ඔස්සේ ප‍්‍රචාරය වන විවිධ කටකතා, ප‍්‍රවෘත්ති බැහැර කරන ලෙසට අපි ඉල්ලිමක් කරනවා. මේ සිද්දියෙන් අපේ සහෝදර නිලධාරියෙක් මියගියා. ඒ වගේම අපේ සහෝදර නිළධාරියෙකුගේ පුතෙක් එම රිය පදවා තිබුනා. අපි මේ සිද්දිය සම්බන්දව සියයට සියයක් විනිවිද භාවයෙන් කටයුතු කරලා තමයි මේ කටයුතු කරලා තියෙන්නේ.’’
COMMENTS