දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජවිපෙ හා TNA අතර සාකච්ජාව අද
Homeප්‍රවෘත්ති

ජවිපෙ හා TNA අතර සාකච්ජාව අද

PropellerAds

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීම ඇතුළු විසිවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහාය ...

බාර් ඇරියොත් රජයට දිනකට කෝටි 500 ලැබෙනවා.. බාර්වලට විරැදධ අය තමයි පොලිමේ මුලින්ම ඉන්නේ - අකිල සාලිය
මෙම ඔලමොට්ටල තීරණ ගන්නේ කවුද?...බාර් ඇරිල්ල විද්‍යාත්මක ඇමති මණ්ඩලය වගේ - ගීතා කුමාරසිංහ
විදේශ ආයෝජකයෙක්ට අයත් කොළඹ පර්චස් 214ක් ආණ්ඩුවේ නිලධාරිනුයි-මරදාන පොලිසියයි මහදවල් බලෙන් අල්ලගෙන - (video & photos)
ජවිපෙ හා TNA අතර සාකච්ජාව අද

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීම ඇතුළු විසිවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධාන මනිත්‍රීවරුන් සමග අද (11) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව අද (11) සවස 2.00ට බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන අතර, ඊට ජනතා විමුක්ති  පෙරමුණේ  නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ද සහභාගි වීමට නියමිතය.

එමෙන්ම ඉදිරියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් සමගද, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ රවුෆ් හකීම් මහතා ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් මහතා ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්‍ෂය, රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසය හා පලනි දිගම්බරන් මහතා ඇතුළු ජාතික කම්කරු සංගමය සමග විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සමබන්ධව ජ.වි.පෙ. විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සාකච්ඡා කරන බවද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා සමග පසුගිය සතියේ සාකච්ඡා කළ ආකාරයටම අයවැය අවසන්වර ඡන්දය විමසීමට පෙර පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ සමග මේ පිළිබඳ සාකච්ඡාකර අවසන් කරන බවද ජයතිස්ස මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ දිනවල පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙන අතර, අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට ඇත්තේ අප්‍රේල් මස 05 වැනිදාය.

ඊට පෙර විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් පැත්වීම සම්බන්ධයෙන් එකඟතාවට පැමිණීමේ සාකච්ඡාද මේ අතර පැවැත්වෙමින් පවතී.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමටනම්, ඊට පෙර ජනමත විචාරයකට යායුතු බැවින් එය තරමක් ප්‍රමාදවන කටයුත්තක් වන බවද පාර්ලිමේන්තුවේ ඇතැම් පක්‍ෂ පෙන්වා දී ඇති බව වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජවිපෙ හා TNA අතර සාකච්ජාව අද
ජවිපෙ හා TNA අතර සාකච්ජාව අද
http://am.lk/media/k2/items/cache/d3b6e47fc9c023ea0afbc38853c29cff_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/tna.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/tna.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy