දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුරුණෑගල දොස්තර වර්ග සංහාරයක.. ඔහුට විරුද්දව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු දමයි !
Homeප්‍රවෘත්ති

කුරුණෑගල දොස්තර වර්ග සංහාරයක.. ඔහුට විරුද්දව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු දමයි !

PropellerAds

පා රිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. කුරුණෑගල වෛද්‍යවරයා විසින් කර ඇති ක්‍රියාව  වර්...

තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පුහුණු කෙරේ
දේශපාලන බලපෑමට ටෙන්ඩරය නොදුන් හැදුණුම්පත් කොමසාරිස්ට වැඩ වරදී? 
ලබන වසරේ සිට නව විදේශ ගමන් බලපත්‍රයක්!
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කුරුණෑගල වෛද්‍යවරයා විසින් කර ඇති ක්‍රියාව  වර්ග සංහාරයක් ලෙස අර්ථකථනය කල හැකි බව අප සංවිධානයේ විශ්වාසයයි. එය කිසිසේත්ම සුලු කොට තැකිය හැකි කාරණයක් නොවන බව අප අවධාරණය කරමු.
තවද රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබදවද සෑහීමකට පත්විය නොහැක මන්දයත් ඒ පිළිබදව සොයා බැලීමට පත්කරන ලද්දේද ස්වාධීන කම්ටුවක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුවක් පමණි. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි.

අපරාධ වැළැක්වීමේ හා දඬුවම් පැමිණවීම පිළිබඳ සම්මුතියේ දෙවන ව්‍යවස්ථාව දක්වන ආකාරයට යම් ජන වර්ගයක් ,ජාතියක් ,ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් මරා දැමීම, බරපතළ ලෙස ශාරීරික හා මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම,ශාරීරික වශයෙන් දුබලතාවයට පත් කිරීම,උපත් පාලනය කිරීම, බලහත්කාරයෙන් ළමුන් එක් ජන කොට්ඨාශයකින් තවත් ජන කොට්ඨාශයකට මාරු කිරීමයි වර්ග සංහාරයයි. මෙහිදි එක් ජන කොට්ඨාශයක් යන්නෙහිදි මුළුමනින්ම ජන කොටස හෝ එහි කොටසක්ද සංහාරයට ලක් කිරිම අදහස් වේ.

මනුෂ්‍යන් උත්පත්තියෙන්ම යම් අයිතිවාසිකම් සමූහයකට උරුමකම් කියයි. එම අයිතිවාසිකම් අද වන විට ලෝකයේ විවිධ සම්මුති මඟින් තව දුරටත් සුරක්ෂිත කර තිබේ.නමුත් වර්ග ඝාතනය තුළින් මිනිසුන්ගේ ජීවිතයට ඇති අයිතිය, ජාතිකත්වයට ඇති අයිතිය, කෲර හා අමානුෂික වධ හිංසාවන්ට ලක් නොවි සිටිමේ අයිතිය ද බරපතළ ලෙස උල්ලංඝනය කරයි. අප සියල්ලෝම මනුෂ්‍යන් වශයෙන් උපත ලබා ඇත්තෙමු. ජාතිය,වර්ගය, ආගම, කුලය අනුව කිසිම අයෙක් වෙනස් කොට නොසැළකිය යුතුය.වර්ග සංහාරයේදී යම් ජන කොට්ඨාශයක ඉදිරි පැවැත්ම අහිමි කරනු ලබයි. ළමුන්ගේ ජීවිත පවා විනාශ කර දැමීම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින්ද බැහැර කර තිබේ. එම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සියළු රාජ්‍යයන් බැඳී සිටී.

තත්වය එසේ නම් අපට රජයෙන් ඇසීමට ඇත්තේ කුරුණෑගල වෛද්‍යවරයා සිදුවීම වර්ග සංහාරයක් නොවන්නේ කෙසේද? යන්නයි.

1948 අපරාධ සංහාරය වැලැක්වීම හා දඬුවම් පිළිබඳ සම්මුතියට අනුව ( convention on the prevention and punishment of the crime genocide )

ජන සංහාරය මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධයක් ලෙස දක්වා තිබේ. එහි පළමු වගන්තිය මඟින් ජන සංහාරය යන්න යුධ සමයේ සිදු වුවත් සාමකාමි කාලයක සිදු වුවත් අන්තර්ජාතික නීතිය යටතේ අපරාධයක් බව දක්වා ඇත. එහි දෙවන වගන්තිය මඟින් දක්වා ඇති පරිදි එය ජාතියක, ජන වර්ගයක හෝ ආගමික කොට්ඨාශයක් වැනි ජන සමූහයක් හෝ කොටසක් විනාශ කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් විය යුතුය. මෙම සම්මුතිය 1951 සිට ක්‍රියාත්මකවේ.

වර්ග සංහාරය මනුෂ්‍යත්වයට එරෙහි වරදක් ලෙස ලෝකයම පිළිගෙන තිබියදී කුරුණෑගල  වෛද්‍යවරයාගේ සිදුවීම සොයා බැලීම සදහා රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම හාස්‍යජනක වේ. අනෙක් කාරණය වන්නේ මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයා වීමය. ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසටද අප ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කිරීමට බලා පොරොත්තු වෙමු.

කුරුණෑගල  වෛද්‍යවරයා සම්බන්ධයෙන් රජය විසින් ගත් ක්‍රියාමාර්ග කිසිසේත්ම ප්‍රමාණවත්  නොවන නිසා අප සංවිධානය විසින් මෙම සිදුවීම වර්ග සංහාරයක් ලෙස සළකා ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත.

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුරුණෑගල දොස්තර වර්ග සංහාරයක.. ඔහුට විරුද්දව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු දමයි !
කුරුණෑගල දොස්තර වර්ග සංහාරයක.. ඔහුට විරුද්දව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු දමයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf1zubhIuIJbdSJAkmU2BiTz7Rdg2dTQCYKYHvnrFXdH-oZuZmymg8Q-RPRYw3E5Lwto8ciovKg9356zeCQzdM4BEegVVVTWcoRx5Pcu-UdNKDdS3ieV3r0whiUgOISyLRqSCDAsaFeGuG/s320/44555.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf1zubhIuIJbdSJAkmU2BiTz7Rdg2dTQCYKYHvnrFXdH-oZuZmymg8Q-RPRYw3E5Lwto8ciovKg9356zeCQzdM4BEegVVVTWcoRx5Pcu-UdNKDdS3ieV3r0whiUgOISyLRqSCDAsaFeGuG/s72-c/44555.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_446.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_446.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy