2017 වසරේ අවසානය වනවිට ජෛවමිතික තොරතුරු ඇතුළත් නව විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘත...
2017 වසරේ අවසානය වනවිට ජෛවමිතික තොරතුරු ඇතුළත් නව විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,
“පසුගිය කාලය තුළ අත්පත් කළ ජයග්‍රහණ කීපයක් ගැන සඳහන් කිරීමට කැමතියි. දසකයක පමණ කාලයක සිට යෝජනාවක් වශයෙන් පවතින ජෛවමිතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් වන පුද්ගලයන් ලියපදිංචි කිරීමේ පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට හකිවීම විශාල ජයග්‍රහනයක් ලෙස සළකනවා. ඒ අනුව වයස අවුරුදු 15වැඩි සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවමිතික දත්ත, ඇඟිලි සළකුණ ද ඇතුළත්ව ජාතික පුද්ගල නාම ලේඛනය ස්ථාපිත කර ඒ මත විද්‍යුත් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
“ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332ක පුද්ගලයන් දෙපාර්තමේන්තුවේ ඒකක පිහිටුව තිබෙනවා. මේ වසර අවසානයේ දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය සමඟ ජාලගත කිරීමට කටයුතු කරනවා. පරිගනක තාක්ෂණය මඟින් හැදුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු සිදු කරන අතර ගුණාත්මක සේවාවක් අපරටේ ජනතාවට ලබාදිය හැකියාව ලැබී තිබෙනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විමධ්‍යගත කිරීමට අප තීරණය කර ඇති අතර උතුර හා නැඟෙනහිර පළාත් කර්යාල දෙක පිහිටුවා තිබෙනවා. 2017 ජනවාරි මාසයේ වයඹ පළාත් කාර්යාලය ඇරඹීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. “ යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී පරිගනක පද්ධතිය ඇතුළත් ඇඟිළි සළකුණු සමඟ පරිගණක පද්ධතිය වැඩිදියුණු කරගනු ලැබුවා. නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ජෛවමිතික තොරතුරු ඇතුළත් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. 2017 වසරේ අවසානය වනවිට ජෛවමිතික තොරතුරු ඇතුළත් නව විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා. ශ්‍රී ලාංකික වීසා ජාත්‍යන්තර ප්‍රමිතියට ගැළපෙන ආකාරයට නවීන තාක්ෂණික ස්ටීකරයක් බවට පත් කිරීමට 2016 වසරේ දී හැකි වුණා“ යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
COMMENTS