ජා තික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය. අනතුර කුමාර දිසානායක මහතා ඒ ...
ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
අනතුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ අන්තවාදය පැරදවිමට ජාතික සමගිය ගොඩනැගිමට මහජන ආරක්ෂාව තහවුරු කිරිමට අපගේ කාර්යය භාරය යන මැයෙන් හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මේ රටේත් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මේ රට තුල ජාතික සමගිය ඇති කල නොහැකි බවයි.
ජාතික සමගිය ඇති කල හැක්කේ දේශපාලන අධිකාරියට බවත්, පටු දේශපාලන වාසි නොතකා දේශපාලඥයන් රටේ ඇති වි තිබෙන ගැටළුවට විසදුම් ලබාදෙන්නේ නම් රට තුල ජාතික සමගිය ඇති කර රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කල හැකි බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.
පාස්කු ඉරුදින ඇති වු බොම්බ ප්‍රහාරයෙන් දින ගණනාවකට පසු දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇති වි තිබෙන ගැටුම්කාරි තත්ත්වය පිටුපස මහින්ද රාජපක්ෂවාදින් සිටින බවත්, රටේ ඇති වි තිබෙන අර්බුධකාරි තත්ත්වය දේශපාලන වාසියක් කර ගැනිමට ඇතැම් පිරිස් කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.
මෙම ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රථම මේ රට තුල සාධනිය සාකච්ඡා කිහිපයක් පැවති බවත්, මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එම සාධනිය සාකච්ඡා යටපත් වි ජාතිවාදය උත්සන්න වි මහජන ආරක්ෂාවට ගැටවක් වි ඇති බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS