මෙම වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී කිසියම් හෝ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමුවී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග...
මෙම වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී කිසියම් හෝ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමුවී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර කිහිපයකින් කල් දමා ඇති අතර ව්‍යවස්ථානුකූලව පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිතව තිබේ.
ආණ්ඩුව සැලසුම් කොට ඇත්තේ ලබන ඔක්තෝබර් මාසය පමණ වන විට කොරෝනා රෝගය 75%කින් පමණ පාලනය කොට ලබන වසර සඳහා ජනතාවට සහන ලැබෙන ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කිරීම හරහා මැතිවරණය පැවැත්වීමටය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද මේ ඉලක්කය සම්පූර්ණ කරගැනීමට බවද දැනගන්නට තිබේ.
ඒ අනුව අමාත්‍ය ධුරයක දිවුරුම් දීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණය ඉලක්ක කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

COMMENTS