දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝටි ගණන් ණය ගෙවලා නෑ! අරක්කු කොම්පැනිය යළි පටන් ගන්න ඇලෝෂියස්ට අවසර දුන් බලවතා කව්ද?
Homeප්‍රවෘත්ති

කෝටි ගණන් ණය ගෙවලා නෑ! අරක්කු කොම්පැනිය යළි පටන් ගන්න ඇලෝෂියස්ට අවසර දුන් බලවතා කව්ද?

PropellerAds

රුපියල් බිලියන ගණනක බදු නොගෙවීම හේතුවෙන් මීට වසරකට පමණ ඉහතදී බලපත්‍ර අත්හිටුවනු ලැබූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අර්ජුන...

කොළඹ ආරක්ෂාව තර කරයි! අරගලකරුවන් පිරිසක් යළි කරළියේ! සත්‍යග්‍රහයකුත් අරඹයි
ඩිලාන් නිදහස් දිනේට කළු කොඩි උස්සන්න ලෑස්ති වෙන්නේ ඇයි? හේතු ටික මෙන්න (VIDEO)
ඡන්දය මාර්තු 9 තියෙනවා! ලෑස්ති වෙන්න! කොළඹට ගෙන්වූ ආසන සංවිධායකවරුන්ට බැසිල් දැනුම් දෙයි!
රුපියල් බිලියන ගණනක බදු නොගෙවීම හේතුවෙන් මීට වසරකට පමණ ඉහතදී බලපත්‍ර අත්හිටුවනු ලැබූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අර්ජුන් ඇලෝෂියස් මහතාට අයත් W M මෙන්ඩිස් සමාගමට යළි බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට බරපතළ ආන්දෝලනයක් රට ඇතුළේ මතුව තිබේ.

විශේෂයෙන්ම ඇලෝෂියස් මහතාට අයත් මෙම සමාගමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතුව තිබූ රුපියල් බිලියන 1.5ක (කෝටි 150ක) මුදලක් ගෙවීම පැහැරහැර තිබීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ‘වැඩකරන ජනබලය’ ව්‍යාපාරයේ සාමාජික රවී කුමුදේශ් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ මෙම බදු මුදල ලබා නොගෙනම එම සමාගම නැවත ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බවයි.

මීට අමතරව මෙම සමාගම ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 03ක් (කෝටි 300), මහජන බැංකුවෙන් රුපියල් බිලියන 05ක් (කෝටි 500), පීපල්ස් ලීසිං සමාගමෙන් රුපියල් මිලියන 800ක්, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් රුපියල් බිලියන 2.6ක් (කෝටි 260) වශයෙන් විශාල ණය කන්දරාවක් ලබාගෙන ඇති බවද රවී කුමුදේශ් මහතා අවධාරණය කර සිටියේය.

ඒ අනුව අදාළ සමාගම මෙම ණය කන්දරාව පියවා නොමැති බවත්, ඊට අමතරව සුරාබදු වශයෙන් රුපියල් බිලියන 1.5ක මුදල ගෙවා නොමැති බවත් පෙන්වා දුන් ඒ මහතා එවැනි පසුබිමක් යටතේ නැවත වතාවක් අර්ජුන් ඇලෝෂියස් මහතාට සිය මත්පැන් සමාගම ආරම්භ කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව බැඳුම්කර චෝදනාවට ලක්වූ පුද්ගලයන් වත්මන් ආණ්ඩුව සමගද ගනුදෙනු කරමින් සිටින බව මේ සිදුවීම හරහා පැහැදිලිවම දැකගන්නට ඇති බවද කුමුදේශ් මහතා අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් ඉකුත් යහපාලන ආණ්ඩුව පැවැති සමයේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දිනපතාම එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මාධ්‍ය හමු පවත්වමින් සඳහන් කර සිටියේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවත්, ඒ හරහා උපයාගත් සියලු දේපළ රාජසන්තක කරන බවත්ය. එවකදී සියලු මාධ්‍ය මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දිනපතාම පාහේ වාර්තා කරන ආකාරයක්ද දැකගත හැකි විය.

එවකදී මෙම මාධ්‍ය කටයුතු කළ ආකාරය පිළිබඳ විශේෂ ලිපියක් ඉදිරි කලාපයේ පළකිරීමටද ‘මව්රට’ මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට ඇත.

-mawratanews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටි ගණන් ණය ගෙවලා නෑ! අරක්කු කොම්පැනිය යළි පටන් ගන්න ඇලෝෂියස්ට අවසර දුන් බලවතා කව්ද?
කෝටි ගණන් ණය ගෙවලා නෑ! අරක්කු කොම්පැනිය යළි පටන් ගන්න ඇලෝෂියස්ට අවසර දුන් බලවතා කව්ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0L54-Uii9ANccp0BNPnCYYAukMG21W0jk6sAV5M7tqhHgZ9I9OYQEFAhXffE7EGwwK3y6Ceq0JuTNW5gXKSknW9Qc_BhvuHjrFyBDdO7jk-fHakKodPaBh1FMufUXADpGUYSvmRbZNMI/s320/ARJUN-ALOYCIUS.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0L54-Uii9ANccp0BNPnCYYAukMG21W0jk6sAV5M7tqhHgZ9I9OYQEFAhXffE7EGwwK3y6Ceq0JuTNW5gXKSknW9Qc_BhvuHjrFyBDdO7jk-fHakKodPaBh1FMufUXADpGUYSvmRbZNMI/s72-c/ARJUN-ALOYCIUS.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy