දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශරියා නීතිය ගැසට් කලේ මහින්ද රාජපක්‍ෂයි.. නැගෙනහිර විශ්ව විද්‍යාලයටත් අවසර දුන්නේ ඔහුයි - කිරිඇල්ල
Homeප්‍රවෘත්ති

ශරියා නීතිය ගැසට් කලේ මහින්ද රාජපක්‍ෂයි.. නැගෙනහිර විශ්ව විද්‍යාලයටත් අවසර දුන්නේ ඔහුයි - කිරිඇල්ල

PropellerAds

ත‍්‍ර ස්තවාදීන්ට මරණ දඩුවම නියම කරනවාට, හමුදාවට සෝදිසි කිරිම් හා අත්අඩංගුවට ගැනීමේ බලය දෙනවාට, ගෝලීය ත‍්‍රස්තවාදයට සම්බන්ද පුද්ගලයන්ට නීතිය...

ලබන සතියේ යළිත් දුම්රිය වර්ජනයක්ද?
‘නේවී සම්පත්’ රිමාන්ඩ්
ජනපති මෛත්‍රීගේ කමිටුව පුස්සක් - සිංගප්පූරු ගිවිසුම අත්සන් කළැයි රාජිත පිලිගනී
ත‍්‍රස්තවාදීන්ට මරණ දඩුවම නියම කරනවාට, හමුදාවට සෝදිසි කිරිම් හා අත්අඩංගුවට ගැනීමේ බලය දෙනවාට, ගෝලීය ත‍්‍රස්තවාදයට සම්බන්ද පුද්ගලයන්ට නීතිය කි‍්‍රයාත්මක කරනවාට විපක්ෂය විරුද්ධ මන්දැයි ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය-කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යලක්ෂ්මන් කිරිඇල්ල මහතා අසයි.
අමාත්‍යවරයා මේ බව විමසා සිටියේ ප‍්‍රතිත‍්‍රස්ත පනත පිලිබදව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් ප‍්‍රකාශ කල අමාත්‍යවරයා,

සෑම රටක්ම වෙනස්වන ගෝලීය ත‍්‍රස්තවාදයට මුහුණදීමට උදෙසා ප‍්‍රතිත‍්‍රස්ත පනත යාවත්කාලීන කරනවා. ප‍්‍රතිත‍්‍රස්ත පනත ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවට 1979 වර්ෂයේදී ගෙන ආ නමුත් අද එය අවුරුදු 40ක් පරණයි. එය යාවත්කාලීන කිරිමයි අපේ අරමුණ. දැනට මාස එක හමාරකට පමණ පෙර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡ කරන විට විපක්ෂනායකතුමා මේ සංශෝධන සදහා කැමැත්ත දැක්වූවත් පසුගිය සතියේ එතුමා කියා සිටියා මෙය කිසිසේත් සිදුකිරීමට ඉඩ නොදෙන බව. නමුත් මෙම යෝජනා සදහා කමිටුවක් පත් කර අවශ්‍ය සංශෝධන සිදුකල යුතු බව එතුමා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එලෙස ප‍්‍රකාශ කළත් පසුව විරුද්ධ වීමෙන් ඔවුන් පෙන්වීමට උත්සාහකරන්නේ ”ගෝලීය ත‍්‍රස්තවාදය වැළැක්වීම සදහා නීති අනවශ්‍යද” යන කාරණය මම ඔවුන්ගෙන් ඇසීමට කැමතියි.

ශරියා නීතිරීති ගැසට් කරනු ලැබුවේ රාජපක්ෂ මැතිතුමා. නැගෙනහිර පළාතේ ආරම්භ කළ විශ්ව විද්‍යාලයක් යැයි කියාගන්නා විශ්වවිද්‍යාලය ආරම්භ කිරිම සදහා අවසර ලබා දුන්නේත් එතුමා. මේ යෝජිත සංශෝධන සදහා විරුද්ධ වීමෙන් විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?

මෙම සංශෝධන වල ඉතා වැදගත් නව තීන්දු ගණනාවක් තිබෙනවා. අද පවතින නීති අනුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් දැමුවහොත් මිනිස් ජීවිත නැතිවී තිබුණත් මරණ ද`ඩුවම ලබා දිය නොහැකියි. අපි මේ පනත නිර්මාණය කිරිමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපට පෙන්වා දුන්නා මෙම යෝජිත පනතට මරණ දණ්ඩනය ඇතුළත් කරන්න යන කාරණය. යෝජිත පනතෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති නඩු සදහා මරණ දඩුවම ලබාදීමේ නීතිමය හැකියාව ලැබෙනවා.

ත‍්‍රස්තවාදීන්ට මරණ දඩුවම ලබාදීමට හිටපු ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හා විපක්ෂයේ කණ්ඩායම විරුද්ධද ? මේ අය කිසිකෙනෙක් මෙම පනත සම්බන්ධයෙන්වත් ශ්‍රේෂ්ඨාධිකරණය සමග ඇතිවූ සංවාදය පිළිබ`දවත් දන්නේ නැහැ. විපක්ෂය නිසා විරුද්ධ වියයුතු නිසා විරුද්ධ වෙනවා.

මෙහි තවත් වැදගත් වෙනසක් තිබෙනවා. අද වර්තමාන පනත යටතේ හමුදාවට සෝදිසි කිරිම් වලින් අනතුරුව පුද්ගලයින් අත්අඩංගුවට ගන්න බැහැ. එය කළ හැක්කේ පොලිසියට පමණයි. නමුත් මෙම පනත සම්මත වූවායින් පසුව හමුදාවට හැකි වෙනවා සෝදිසි කිරීම් වලින් අනතුරුව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පොලීසියටභාරදීමට.

ඒ වගේම ගෝලීය ත‍්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ ඕනෑම අයෙකුට අපේ රටේ පුරවැසියෙක් නොවුනත් පදිංචි අයෙකුනම් අපේ රටේ නීති කි‍්‍රයාමාර්ග ගැනීමේ හැකියාවත් මේ නව පනතට ඇතුලත්. වර්තමාන පනතේ එවැනි හැකියාවක් නැහැ. මේ ප‍්‍රධාන යෝජනා 03 ත‍්‍රස්තවාදය මැඩලීම ස`දහා ඉතා වැදගත්. අපේ අරමුණ ත‍්‍රස්තවාදීන්ට දැඩි ද`ඩුවම් ලබාදිමයි. මේ සංශෝධන සිදුකරන්නේ අපේ රටේ උන්නතිය උදෙසා.

මාධ්‍ය එ්කකය
රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශරියා නීතිය ගැසට් කලේ මහින්ද රාජපක්‍ෂයි.. නැගෙනහිර විශ්ව විද්‍යාලයටත් අවසර දුන්නේ ඔහුයි - කිරිඇල්ල
ශරියා නීතිය ගැසට් කලේ මහින්ද රාජපක්‍ෂයි.. නැගෙනහිර විශ්ව විද්‍යාලයටත් අවසර දුන්නේ ඔහුයි - කිරිඇල්ල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizFwDMJqPHyCsDo_6DEDJIhAcGi6zIFdnFVsXKgv4d2LfRvJgRQhKyGLfFBplsjvxkgTDihwamjHdjpVo2RoAYmLBgOYfYx5ZPVRrjYZHQoqoFMfxzHZYDrkIFlDtG_-X-f_heN-hyQ-13/s320/Lakshman.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizFwDMJqPHyCsDo_6DEDJIhAcGi6zIFdnFVsXKgv4d2LfRvJgRQhKyGLfFBplsjvxkgTDihwamjHdjpVo2RoAYmLBgOYfYx5ZPVRrjYZHQoqoFMfxzHZYDrkIFlDtG_-X-f_heN-hyQ-13/s72-c/Lakshman.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_424.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_424.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy