දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපති මෛත්‍රීගේ කමිටුව පුස්සක් - සිංගප්පූරු ගිවිසුම අත්සන් කළැයි රාජිත පිලිගනී

සිංගප්පූරු ගිවිසුම ශ්‍රී ලංකා රජය අත්සන් කර අවසන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැව...

ජනපති මෛත්‍රීගේ කමිටුව පුස්සක් - සිංගප්පූරු ගිවිසුම අත්සන් කළැයි රාජිත පිලිගනී

සිංගප්පූරු ගිවිසුම ශ්‍රී ලංකා රජය අත්සන් කර අවසන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මේ වන විට ලෝකයේ තිබෙන ප්‍රවණතාව වන්නේ රටවල් අතර මෙවැනි ගිවිසුම් ඇති කර ගැනීම බවත් ඒ තුලින් එම රටවල ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි බවත් ඊට විරුද්ධව මෙරට පුද්ගලයින් කතා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සිංගප්පූරු ගිවිසුම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කොමිසම මගින් එම ගිවිසුමේ වෙනසක් ඇති කළ යුතු යැයි නිර්දේශ කළ හොත් ගිවිසුමේ අදාල කාරණා වෙනස් කළ හැකිද? යන්න මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසූවේ ජනාධිපතිවරයා කොමිසමක් පත් කරන්නේ මේ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට බවත් නමුත් මේ වන විට එම ගිවිසුම් අත්සක් කර අවසන් බවත්ය.

පළමුව බැලිය යුත්තේ එම කොමිසමේ නිර්දේශ මොනවාද යන්න බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ “සිංගප්පූරු ගිවිසුම ජූලි මාසේ විසි එක් වෙනිදා පාර්ලිමේන්තුවෙන් සම්මත වෙලා තියෙනවයි කියන ලිපි ගොනුවට ඇවිල්ලා තියෙනවා ගැසට් පත්‍රයක්.“

“පාර්ලිමේන්තුවේ ඒ අංශයෙන් විමසුවාම ඒ අංශය කියනවා ගැසට්පත්‍ර 350 පාර්ලිමේන්තුවට ලැබුණා කියලා. ඒකාබද්ධ විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකුට ලැබිල නෑ.“ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අදහස් සලකා බලමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ‍්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර, ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

ඒ අනුව ශ‍්‍රී ලංකා - සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප‍්‍රතිපත්තියේ ප‍්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද, ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ ප‍්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්තිමය මගපෙන්වීම සඳහා වූ නිර්දේශ ලබා ගැනීමටත් එමගින් අපේක්ෂිතය.

විශේෂඥ කමිටුවේ කාර්යභාරයෙහි ප‍්‍රගතිය වරින්වර අතුරු වාර්තා මගින් ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට කටයුතු කරනු ලබන අතර, අවසන් වාර්තාව මාස දෙකක් ඇතුළත භාරදීමට නියමිතය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා - සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කර ඇත්තේ රජය එම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුවය.

එම කමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කළද රාජ්‍ය තාන්ත්‍රිකව අත්සන් කළ ගිවිසුමක් පසුව වෙනස් කළ හැකිද යන්න දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබේ.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා කඩිමුඩියේ පත් කළ මෙම කමිටුව පුස්සක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28608,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති මෛත්‍රීගේ කමිටුව පුස්සක් - සිංගප්පූරු ගිවිසුම අත්සන් කළැයි රාජිත පිලිගනී
ජනපති මෛත්‍රීගේ කමිටුව පුස්සක් - සිංගප්පූරු ගිවිසුම අත්සන් කළැයි රාජිත පිලිගනී
http://am.lk/media/k2/items/cache/51e33ee3437f7646e8984dd27deec194_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_972.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_972.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy