දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රටට ජාතිකවාදී නායකයෙක් අවශ්‍යයි' - මැදගොඩ අභයතිස්ස හිමි
Homeප්‍රවෘත්ති

'රටට ජාතිකවාදී නායකයෙක් අවශ්‍යයි' - මැදගොඩ අභයතිස්ස හිමි

PropellerAds

ආ ණ්ඩුව කටයුතු කරන ආකාරය නිසා සිදුවන්නේ මේ වනවිට සමාජය ඉදිරියේ සළුපිළි ගැලවී නිරුවත් ව සිටින අන්තවාදි මුස්ලිම් දේශපාලඥයින්  වටා යළි මුස්ලිම...

දියවන්නාවේ කිඹුලා ඇදන් ගිය මළ සිරුරේ අයිතිකරු හෙළිවෙයි - (VIDEO)
එකක් කෝටි 7 ගානේ අතයට ලංසුවකට සුපිරි වෙළඳසැල් සඳහා මත්පැන් බලපත් දීමේ සූදානමක් - බුද්ධික
මුරුත්තෙට්ටුවේ හිමියන්ට ආණ්ඩුවෙන් තනතුරක්: භාර ගනීද ? නැද්ද ?
ණ්ඩුව කටයුතු කරන ආකාරය නිසා සිදුවන්නේ මේ වනවිට සමාජය ඉදිරියේ සළුපිළි ගැලවී නිරුවත් ව සිටින අන්තවාදි මුස්ලිම් දේශපාලඥයින්  වටා යළි මුස්ලිම් ජනතාව එක් රොක් වීම යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී මහ  පිරිවෙනේ පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.
ගොඩනැගෙන බෞද්ධ බලවේග වෙනතකට හැරවීමේ දේශද්‍රෝහී වැඩ පිළිවෙලක් ක‍්‍රීයාත්මක වනබවත් එයට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ කීහ. පවතින තත්ත්වයට සියලූ දෙනා සබුද්ධිකව මුහුණ දිය යුතු බවත් ජාතිකවාදි බලවේග හොරුන්ගේ ග‍්‍රහණයට අසුවන්නට ඉඩ දිය යුතු නැති බවත් මැදගොඩ හිමියෝ කීහ.

සිංහල බෞද්ධ බලවේගයක අවශ්‍යතාවය ජනතාව පෙන්වා දෙන්නේ  යැයි ද සිවුර පාවඩයක් කරගෙන දේශපාලනයට එන්නටත් ජාතික බලවේග අතට ගන්නටත්  පිරිසක් සුදානමින් සිටින්නේ යැයි ද කී උන්වහන්සේ ජාතික සළු පිලි දවටා ගෙන යලි දේශපාලනයට එමින් සිටින මේ පිරිස හෙළි කළ යුතු යැයි ද පැවැසූහ.

මොවුන් අතරින් සමහරු සිවුරේ ගෞරවය විනාශ කළ අය බවත් තවත් සමහරු ආරක්ෂක හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කරන්නේ නැතැයි පවසා බලයට ආ අය බවත් කී අභයතිස්ස හිමියෝ මේ ගැන සහතික වෙමින් බලයට ආ ඔවුන් දැන් කරන්නේ කුමක් දැයි ප‍්‍රශ්න කළහ.

රටට විප්ලවයක් අවශ්‍ය බවත් ලී ක්වාන් යූ වැනි නායකයෙක් රටට අවශ්‍ය බවත් පැවැසූ මැදිගොඩ හිමියෝ පක්ෂ දෙකේම ඇති දූෂිත නායකයින් නැති කළ යුතු බව ද කීහ.මේ ත‍්‍රස්තවාදය තුරන් කරන්න අවම වශයෙන් වසර දෙකක් වත් යනු ඇතැයි සරත් ෆොන්සේකා මහතා දෙතුන් වතාවකම කීවේ යැයි ද ඒ අන්තර්වාර ආණ්ඩුවක් ඇති කිරිමේ ආණ්ඩුවේ උවමනාවට විය යුතුයැයි ද පැවසූ උන්වහන්සේ අන්තර්වාර ආණ්ඩු ඇති කරන්නේ බටහිර වුවමනාවට යැයි ද පැවසූහ.

වහබ්වාදය පවා එංගලන්තය ඇතුළු බටහිර රටවල උවමනාවට ආරම්භ කළේ ඉන්දියාවේ හින්දුන් හා ඉස්ලාම් භක්තිකයන් අතර ගැටුම් ඇති කිරීමට බව පෙන්වා දුන් අභයතිස්ස හිමියෝ ඉන් අනතුරුව විවිධ රටවල දේශපාලන මැදිහත්වීම් ඇති කර ගන්නට යුද්ධ ඇති කල බවත් අපේ රටෙත් මේ තත්ත්වය ක‍්‍රමාණුකූලව ඇති කරන්නට සුදානම් වෙමින් සිටින බවත් කීහ.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදින් බව ද  පහර කෑවේ කිතුණු ජනතාව බවද එසේ වී නමුත් විවිධ පාර්ශව උත්සාහ කරන්නේ බෞද්ධ ජනතාව කුපිත කරන්නට බවත් කී උන්වහන්සේ බෞද්ධ නිවාස පරික්ෂා කරන්න ආයුධ අසුවේවි යැයි බදුර්දීන් ඇමතිවරයා කියනු ඇසුණු බවත් පැවැසූහ

ආණ්ඩුවේ උවමනාවත් ගැටුම් නිරාකරණය නොව ගැටුම් ඇවිලවීම බව පෙන්වා දුන් මැදගොඩ හිමියෝ මේ අවස්ථාවේ මහා සංඝරත්නය පාවඩ එලන්නා විය යුතු නැති බවත් ගැල්කරුවා වී ආණ්ඩුව නිසි තැනට දැක්කීමට කටයුතු කළ යුතු බවත් කීහ. දැන් කඩු අල්ලන ඒවා පෙන්නන්න එපා කියන්නේ පපුවේ අමාරුව තිබෙන කෙනෙකුගේ පපුවේ අමාරුව තිබුණට කමක් නැහැ. ඊසීජී ගන්න එපා කියන්නා වගේ වැඩක් යැයි ද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

මේ ප‍්‍රහාරවල සබදතා පෙනෙද්දිත් දේශපාලඥයින්ගේ උවමනා මත කටයුතු කරන ආණ්ඩුව සියල්ලට වගකිව යුතුයි යැයි පෙන්වා දුන් උන්වහන්සේ කාතන්කුඩි පල්ලි පරික්ෂාවට හමුදාවට නීතිමාලාවක් පවා දමා තිබෙන බව හමුදා නිලධාරින් කියන්නේ යැයි ද ඔවුන්ට පල්ලි පරික්ෂාවට යන්නට සිදුව ඇත්තේ දැනුම් දීමෙන් පසුව යැයි ද පැවැසූහ.

අභයතිස්ස හිමියෝ මේ අදහස් පළ කළේ ජාතික විද්වත් භික්ෂු සංසදය පැපිලියාන සුනේත‍්‍රාදේවි මහ පිරිවෙණේ ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවක දීය.

ජාතික විද්වත් භික්ෂු සංසදයේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර නාහිමියෝ රටට වේ අවස්ථාවේ අවශ්‍ය මැතිවරණයක් මිස සභාග ආණ්ඩු හෝ අන්තර්වාර පාලනයක් නොවන බව පැවසූහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රටට ජාතිකවාදී නායකයෙක් අවශ්‍යයි' - මැදගොඩ අභයතිස්ස හිමි
'රටට ජාතිකවාදී නායකයෙක් අවශ්‍යයි' - මැදගොඩ අභයතිස්ස හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjtPerSSy_eqJhIC6QK9j2AX4AS6JHp_cl3vo_Tv1tAgdJoRO3oHxK8QQ-nqNQiZDDUG7UmWo9GbFtKZ8NSutgHR_eAYEtvaKAkaiTI6abDpi6jJhYBlXgzG63RTYbO4PrQEedEAS_ssKK/s320/madagoda-abayathissa-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjtPerSSy_eqJhIC6QK9j2AX4AS6JHp_cl3vo_Tv1tAgdJoRO3oHxK8QQ-nqNQiZDDUG7UmWo9GbFtKZ8NSutgHR_eAYEtvaKAkaiTI6abDpi6jJhYBlXgzG63RTYbO4PrQEedEAS_ssKK/s72-c/madagoda-abayathissa-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_384.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_384.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy