පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට උප කුලපති ධුරය පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ උන් වහන්සේ සිදුකරන ජාතික සේවාව අගය කිරීම සඳහා. ...
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට උප කුලපති ධුරය පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා.
ජනපතිවරයාගේ දැනුම් දීම
නාරාහේන්පිට අභයාරාමාධිපති ධූරයද හොබවන උන්වහන්සේට මේ බැව් දැනුම් දී තිබෙන්නේ ජනපතිවරයාමයි.
ඒ ඉකුත් බදාදා නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ විපක්ෂයේ පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ ඇතැම් පක්ෂ සහභාගීවූ සාකච්ඡාව පැවැත්වීමට පෙරයි.
එම සාකච්ඡාව ආරම්භ වීමට පෙර ජනපතිවරයා උන් වහන්සේ අමතා ඇති අතර ආ ගිය තොරතුරු විමසීමෙන් පසු එදින පන්සලේ සිදුවන්නේ කුමක්දැයි විමසීමෙන් පසු උන්වහන්සේට ලබාදීමට යෝජිත ධූරය ගැන සඳහන් කර තිබෙනවා.
මීට පෙර සාකච්ඡාව
ඊට පෙර ජනපතිවරයා උන් වහන්සේ දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ එම සාකච්ඡාව අවසන් වූයේ ජනපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන්ට දොස් නගමින්.
උන් වහන්සේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට සිය පන්සලද ලබා දෙමින් විශාල මෙහෙවරක් කළ හිමි නමක්.
එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ ටික කලක් යත්ම ආණ්ඩුවේ ක්‍රියා මග ප්‍රසිද්ධියේම විවේචනය කරමින් මෙම ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කිරීම තමන් වහන්සේට සිදු වූ වැරැද්දක් බවද අවධාරණය කළා.

COMMENTS