ව වුනියාව අලගල්ල අලූත්ගම ප‍්‍රදේශයේ පාලු ඉඩමක කැලෑවක තිබී ගුවන් යානා නාශක පතුරොම් 85 ක් අද (07) උදෑසන තිබී සොයාගත් බව ඊරට්ටපෙරියකුලම පොලිස...
වවුනියාව අලගල්ල අලූත්ගම ප‍්‍රදේශයේ පාලු ඉඩමක කැලෑවක තිබී ගුවන් යානා නාශක පතුරොම් 85 ක් අද (07) උදෑසන තිබී සොයාගත් බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි. ප‍්‍රදේශවාසියකු විසින් කැළෑවට ඇතුල් වූ අවස්ථාවකදී අදාල උණ්ඩ තොගය දැක ඉරට්ටපෙරියකුලම් පොලිසිය වෙත දැනුම්දී දී ඇති අතර පසුව ඊරට්ටපෙරියකුලම පොලිස් නිලධාරීන් හා ටිගර් නම් පොලිස් නිල සුනඛයා යොදවා එම ස්ථානය පරීක්ෂා කිරීමේදී පොළව අභ්‍යන්තරයේ තිබූ පතුරම් තොගය හමුවී ඇත.
ගොඩගත් උණ්ඩ ගුවන් යානා නාශක පතුරම් 12.4 / 54 වර්ගයේ ගුවන් යානා නාශක පතුරම් බවට හදුනාගෙන ඇති අතර පසුගිය යුද සමගේ වවුනියාව ගුවන් හමුදා කදවුර වෙත ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි එල්.ටි.ටි.ඊ ත‍්‍රස්ථවාදීන් විසින් මෙම පතුරම් මෙම ස්ථානයේ සඟවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සොයාගත් පතුරම් තොගය වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක‍්‍රීය කිරීමට නියමිතව ඇති බවට පරික්ෂණ සිදු කරන ඉරට්ටපෙරියකුලම් වැඩි දුරටත් පවසයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS