දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉසුරගෙන් අගමැතිට ආරාධනා නෑ! ජනපතිගේ උත්සවය එජාප මන්ත්‍රීවරු වර්ජනය කරයි - චන්ද්‍රිකා, දිනේෂ් එයි
Homeප්‍රවෘත්ති

ඉසුරගෙන් අගමැතිට ආරාධනා නෑ! ජනපතිගේ උත්සවය එජාප මන්ත්‍රීවරු වර්ජනය කරයි - චන්ද්‍රිකා, දිනේෂ් එයි

PropellerAds

බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙ...

විමල්ට අමතක වීමේ ලෙඩක්
ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමේ උත්සාහයක්
තැපැල්පතිගෙන් රතු එළියක්! ජූනි වැටුප සේවයට එන අයට පමණයි
ඉසුරගෙන් අගමැතිට ආරාධනා නෑ! ජනපතිගේ උත්සවය එජාප මන්ත්‍රීවරු වර්ජනය කරයි - චන්ද්‍රිකා, දිනේෂ් එයි

බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ විවෘත කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි 13 වන මහලේ පැවැති නව සභාවේ මුලසුන හොබවමින් එහි සමාරම්භය ද සනිටුහන් කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති එම උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්‍ෂ පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනා වර්ජනය කළේය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරු එම අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයක් වූ අතර ඔවුන් පැවසූවේ තම යුතුකමක් ලෙස සලකා මෙම උත්සවයට සහභාගි වූ බවයි.

ජාතික ආණ්ඩුවක් පවතින අවස්ථාවක මෙවැනි වැදගත් උත්සවයක් විවෘත කිරීමට ජනාධිපතිවරයාට ආරාධනා කරන අවස්ථාවේදී අගමැතිවරයාටද ආරාධනා කිරීම යුතුකමක් බව එජාප මන්ත්‍රීවරු පෙන්වා දෙයි.

ජාතික ආණ්ඩුව ආරක්‍ෂා කරගනිමින් එජාප මන්ත්‍රීවරු පළාත් සභාවේ අයවැය අවස්ථාවලදී, පරිපූරක ඇස්තමේන්තුවලදී සහාය දුන් බවත්, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා එම කාරණා නොසලකා හැර ජනාධිපතිවරයාට පමණක් ආරාධනා කර තිබීම අනුමත කළ නොහැකි බවත් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ආරාධනා පත්‍රයට ආණ්ඩුකාරවරයාගේ නම ඇතුළත් කරලත් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි උත්සවයකදී පළකරන දැන්වීම්වල ජනාධිපති හා අගමැති දෙදෙනාගේම ඡායාරූප ඇතුළත් කිරීම සිරිතක්. ඒත් මේ උත්සවය පිළිබඳ පළකළ පුවත්පත් දැන්වීම් කිසිවක අගමැතිවරයාගේ පින්තූර නැහැ. මේ තත්ත්වය සම්බන්ධයෙන් අපේ කණ්ඩායම් රැස්වීම් දෙකකදී සාකච්ඡා කරලා ඒකමතිකව තීරණය කළා උත්සවය වර්ජනය කරන්න. ඒ අනුව තමයි අපි අද උත්සවයට සම්බන්ධ නොවුණේ"

බස්නාහිර පළාත් සභාවේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මෙම උත්සවයට පැමිණ සිටීම සම්බන්ධව අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතා, තම කණ්ඩායම සිටිනුයේ මහින්ද රාජපක්‍ෂ මහතා සමග මිස මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නොවන බව පැවසී ය.

“අද විවෘත කෙරුණේ අපේ පළාත් සභා රැස්වීම් ශාලාව. එයට සම්බන්ධ වීම අපේ යුතුකමක්. මොකද ඒක අපේ සභාව නිසා. ඒ නිසා අපි ඒ අවස්ථාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ලෙස සහභාගි වුණා" යනුවෙන් මනත්‍රීවරයා පැවසී ය.

DCIM\100MEDIA\DJI_0007.JPG

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉසුරගෙන් අගමැතිට ආරාධනා නෑ! ජනපතිගේ උත්සවය එජාප මන්ත්‍රීවරු වර්ජනය කරයි - චන්ද්‍රිකා, දිනේෂ් එයි
ඉසුරගෙන් අගමැතිට ආරාධනා නෑ! ජනපතිගේ උත්සවය එජාප මන්ත්‍රීවරු වර්ජනය කරයි - චන්ද්‍රිකා, දිනේෂ් එයි
http://am.lk/media/k2/items/cache/8af4da86d540bafb988f2432a99ae348_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_316.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_316.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy