හල්දුම්මුල්ල බඹරකන්ද දිය ඇල්ල ප්‍රදේශයේ පිහිටි වංගෙඩිගල කන්ද වටා පැතිර යමින් පවතින කැලෑ ගින්නක් හේතුවෙන් ඊට මැදිව වංගෙඩිගල කන්දේ පුද්ගලයන්...
හල්දුම්මුල්ල බඹරකන්ද දිය ඇල්ල ප්‍රදේශයේ පිහිටි වංගෙඩිගල කන්ද වටා පැතිර යමින් පවතින කැලෑ ගින්නක් හේතුවෙන් ඊට මැදිව වංගෙඩිගල කන්දේ පුද්ගලයන් 10 දෙනෙකු සිරවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදයකුමාර මහතා පවසයි.
අද (13) පස්වරු 3.00ට පමණ ඔවුන් විසින් තමන් සිර වී සිටින බව ජංගම දුරකථන පණිවිඩ ඔස්සේ අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවත් මෙලෙස සිරවී සිටින පුද්ගලයන් 10 දෙනා වංගෙඩිගල කන්ද නැරඹීමට පැමිණි පිටස්තර පුද්ගලයන් පිරිසක් විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
සිර වී සිටින පිරිස මුදවා ගැනීම සඳහා මේ වනවිට දියතලාව යුද හමුදා කඳවුරේ භට පිරිස් මෙහෙයුමක් දියත් කොට තිබේ.
COMMENTS