ජා ත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන, දැනට රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින මාකදුරේ මධූෂ් කර ඇති සහ අනුබල දී ඇතැයි ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන, දැනට රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින මාකදුරේ මධූෂ් කර ඇති සහ අනුබල දී ඇතැයි කියන අපරාධ පනහකට වැඩි ප්‍රමාණයකට අදාළ පොලිස් වාර්තා එම පොලීසිවලින් කැඳවා ඇතැයි වාර්තා වේ.
ඩුබායි රටෙන් පිටුවහල් කළ මධූෂ් මෙරට දී අත්අඩංගුවට ගෙන මේ වන විට සතියක කාලයක් ගතව තිබේ. ඉකුත් 05 වැනිදා ඔහුව ලංකාවට පිටුවහල් කර තිබිණි.
මධූෂ්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම පිණිස එම චෝදනා සම්බන්ධයෙන් රහස් පොලීසිය දැනුවත් වී සිටිය යුතු නිසා මේ ආකාරයෙන් මධූෂ්ගේ අපරාධවලට අදාළ සියලු තොරතුරු කැඳවා තිබේ.
මේ අනුව පොලීසිවලින් මීට වසර අටකට පමණ පෙර සිදුවී ඇති අපරාධ සහ පසුගිය වසර දෙකකට පමණ පෙර මධූෂ්ගේ අනුබලදීම මගින් සිදු වී ඇති බව කියන පොලිස්පරික්ෂක රංග ජීව ඝාතන උත්සාහය, සමයං ඝාතනය ඇතුළු අපරාධ රැසක තොරතුරු එකතු කර රහස් පොලීසිය වෙත එවීම පහසු නොවන බැවින් මේ සඳහා සැළකිය යුතු කාලයක් ගත වන බවද පැවසේ .
ඒ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සැලසුමට මධූෂ්ගේ ඇතැයි කියන සම්බන්ධතාව ගැන ලබන 17දිනට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් එදිනට පෙර මධූෂ්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලීසිය කටයුතු කරගෙන යයි.

COMMENTS