දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිපය හැර ගිය අය යළි ගන්න ශ්‍රීලනිපය උත්සාහයක!
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිපය හැර ගිය අය යළි ගන්න ශ්‍රීලනිපය උත්සාහයක!

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා ගිය සියලු දෙනාට නැවත පක්ෂය සහ එක් වීමට අවස්ථාව ඇති බව පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස...

ශ්‍රී ලාංකික කාන්තාවන්ට "අඩු වයසින් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතිනවා"
හදිසි විදුලි බිඳ වැටීමකින් ගුවන්තොටුපලේ කටයුතු අඩාලයි
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා ගිය සියලු දෙනාට නැවත පක්ෂය සහ එක් වීමට අවස්ථාව ඇති බව පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවා. 
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කොට විනය විරෝධී ආකාරයෙන් කටයුතු කල අයට එම වැරදි නිවැරදි කරගෙන ඉල්ලීමක් කළහොත් නැවත පක්ෂය සහ එක් වීමට කිසිදු ගැටලුවක්, බාධාවක් නොමැති බවයි.

තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා,                                                      

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ කාල වකවානුවලදී විවිධ ගැටළු වලට හා අර්බුද වලට මුහුණ දුන් පක්ෂයක්. නමුත් මේ පක්ෂය කවදාවත් ජනතාවගෙන් ඇත් වුණේ නෑ. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවාලීම සඳහා මැතිවරණ අත්‍යවශ්‍ය බවයි. රටේ ජනතාව මහපාරට ඇවිත් 69 ලක්ෂයක් ජනතා ඡන්දයෙන් පත් කරගත් ජනාධිපතිවරයා පලවා හැර වෙනසක් පැතුවත් වෙනසක් ඉල්ලූ ජනතාවට අද සිද්ධ වෙලා තියෙන්නේ එකම මන්ත්‍රීවරයෙක් පත් කරගන්න බැරි වූ පක්ෂයක නායකයෙකු යටතේ තිබුනටත් වඩා ගැහැට විදීමටයි. තාඩන ,පීඩන වලට ලක් වීමටයි.

ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂයක නායකයෙක් තමයි අද රට පාලනය කරන්නේ. එබැවින් වහාම මැතිවරණ පවත්වා මහජන මතයට හිස නමා නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුයි. ඒ බව අපේ රට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා අද පිළිගෙන තියෙනවා. මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණ, ප්රාදේශීය සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි. එතකොට බලාගන්න පුළුවන් ජනතාවගේ මතය. විවිධ හේතු මත අපේ පක්ෂයෙන් ඉවත් කළ අය අපිට නොයෙක් අවලාද නගනවා ඡන්දයක් තිබ්බොත් මේ අයට අත්වන ඉරණම බලාගන්න පුළුවන්. අද ඡන්දය එපා කියලා කෑගහන්නෙත් තම බලය අහිමි වේ යැයි බියෙන් ඉන්න අයයි.

පොහොට්ටුව අද කෑලි කෑලි වලට කැඩිලා ඡන්දයකට මුහුණ දීමේ බියෙන් නොයෙක් දේ කියමින් ඡන්දය පස්සට දාන්න උත්සාහ කරනවා. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට එන්නේ දැවැන්ත සංධානයක් සමගින්. අපි කියන්නේ පුළුවන් ඉක්මනින් මැතිවරණ තියන්න කියලායි. විනය හේතු හා නොයෙක් හේතු මත අප පක්ෂයෙන් ඉවත් වූ සියලු දෙනාට පුළුවන් ඒවා නිවැරදි කරගෙන ඉල්ලීමක් කරලා නැවත අපේ පක්ෂයට එන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයන්ගේ දරුවෝ පවා පක්ෂය දාලා ගියා. වැරදි තේරුම් අරගෙන නැවත ඉල්ලීම් කරලා පක්ෂයට ආවා පක්ෂයක විවිධ මතවාද සාමාන්‍ය දේවල්.” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපය හැර ගිය අය යළි ගන්න ශ්‍රීලනිපය උත්සාහයක!
ශ්‍රීලනිපය හැර ගිය අය යළි ගන්න ශ්‍රීලනිපය උත්සාහයක!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaHU2VBH5ZpK65dOi8m1czkX2K0G-Yk3k6nKeKjYoqdWNuE6qY3miQPJritfhnHTDlg3SEifiQ7hlkuRLFhLprXI3JAqIFqHy4iZQbUULwAs8dmFXsz7R3Frv-HNNFUcwvbU-6WBBcvSuY7vYmyqOpY8ekM9eqBunIzy3y-khEiuw_c-RwF1LV9w/s320/slfp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaHU2VBH5ZpK65dOi8m1czkX2K0G-Yk3k6nKeKjYoqdWNuE6qY3miQPJritfhnHTDlg3SEifiQ7hlkuRLFhLprXI3JAqIFqHy4iZQbUULwAs8dmFXsz7R3Frv-HNNFUcwvbU-6WBBcvSuY7vYmyqOpY8ekM9eqBunIzy3y-khEiuw_c-RwF1LV9w/s72-c/slfp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy