නෙ විල් ප‍්‍රනාන්දු රෝහල මේ දක්වාත් රජයට අයත් එකක් නොවන බවත්, තවදුරටත් එය පෞද්ගලික එකක් බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා පවසනව...
නෙවිල් ප්රනාන්දු රෝහල මේ දක්වාත් රජයට අයත් එකක් නොවන බවත්, තවදුරටත් එය පෞද්ගලික එකක් බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා පවසනවා.
ඇය මේ බව පැවසුවේ 2015 ජනවාරි 15වනදා සිට 2018 වසර අවසානය දක්වා රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (30) සාක්ෂි ලබා දෙමින්.
නෙවිල් ප්රනාන්දු රෝහල මේ දක්වාත්, රජයට අයත් නොවූවද වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු විසින් රාජ්‍ය බැංකුවකින් ලබා ගෙන ඇති ණය මුදල රජය විසින් ගෙවනු ලබන බවයි ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 2.5ක් වනවා.
එම රෝහලේ සියලූ වියදම් ද රජය විසින් දරණු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙහිදි පිළිගත්තා.
අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් මගින් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ අයිතිය සයිටම් ආයතනයට පවරා ඇති බවත්, එම රෝහල රජයට පවරා ගන්නේ නම් ඒ සඳහා කටයුතු කළ යුත්තේ වසර 10ක් ඉක්ම යාමෙන් පසුව බවත්, මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මෙහිදී පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති විනිසුරු පෙන්වා දුන්නේ අමාත්‍යවරුන් වැරදි යෝජනා ගෙන ආවත්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඊට විරුද්ධ විය යුතු බවයි.

COMMENTS