ස ජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා යළි රට ෆෙඩරල් ආකෘතියකට ගෙන යාමේ වැඩපිළිවෙළක් තිබෙන බව රැසක් ඇති වන බව ජනාධිපති නීතිඥ අලි ...
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා යළි රට ෆෙඩරල් ආකෘතියකට ගෙන යාමේ වැඩපිළිවෙළක් තිබෙන බව රැසක් ඇති වන බව ජනාධිපති නීතිඥ අලි ෂබ්රි මහතා පවසයි.
ඊයේ රාත්‍රියේ පැවති දෙරණ 360 වැඩ සටහනට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමා සතුව ඇතැයි පවසමින්, මෙහිදී අදහස් පළ කර සිටියේය.
එම ප්‍රතිපත්තිය අධ්‍යයන කර බැලීමේ දී බරපතළ ගැටළු රැසක් එය සතුව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එහි ශ්‍රී ලංකාව ෆෙඩරල් ආකෘතියකට තිබිය යුතු බවත්, නොබෙඳුණු රටක් යැයි පැවසිය යුතු බවත් එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතැයි කියා සිටි ඒ මහතා, ඒකීය යන වචනය නොයොදා වචන සමඟ හරඹ කරන බවත් පැහැදිලි කර සිටියේය.
ටී.එන්.ඒ සංවිධානය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සියල්ල සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සතුව ඇතැයි ද චෝදනා කර සිටි ෂබ්රි මහතා, සෙනට් සභාවක් හදන බවත්, එහි පළාත් සභා නියෝජිතයින් සිටින බවත්, දක්වා ඇතැයි ද පැවසීය.
ඒ අනුව, අදාළ පාර්ලිමේන්තු යෝජනාව සමඟ සැසඳීමේ දී පළාත් සභා සම්බන්ධයෙන් පනවන යම් පනතක් සෙනට් සභාවේ, පළාත් සභා නියෝජිතයින් විසින් අනුමත කළොත් මිසක එම නීතිය සම්මත කර ගත නොහැකි බවද ෂබ්රි මහතා මෙහිදී කියා සිටියේය.
මෙය සාදනු ලැබුවේ වෙන අයෙක් නොව අගමැතිවරයා හා සුමන්තිරන් මහතා විසින් බව සියලු දෙනා දන්නා බවද කියා සිටි ඒ මහතා, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ටී.එන්.ඒ. සංවිධානයේ යෝජනා ආශ්‍රයෙන් සකස් කළ අතුරු වාර්තාවේ කොටස් එළි දක්වා ඇතැයි ද පැවසීය.
ටී.එන්.ඒ සංවිධානය උතුරේ පළාත් සභාවක් පිහිටුවා ගෙන ලැබෙන මුදලින් සියයට 85ක් නැවත ආපසු හරලා යවන බවත් එවැනි දේශපාලනයක් තුළින් රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් කියා සිටි අලී ෂබ්රි මහතා එනිසා ජාතික ප්‍රවාහයට සෙමින් සෙමින් ජනතාව එක්විය යුතු බවද කියා සිටියේය.
– adaderana

COMMENTS