තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් වතුයායේ නැගෙනහිර කොටසේ වතු නිවාස පේලියක ඊයේ (29) රාත්‍රියේ හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියේ ති...
ඊයේ (29) රාත්‍රි 9.45 ට පමණ එක් නිවාසයකින් හටගත් ගින්න සෙසු නිවාස වලටත් පැතිර ගිය බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා කියා සිටියේය.
ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර ගින්නෙන් එම නිවාස වල පදිංචිව සිටි වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිර ආදිය සහ පාසල් ළමුන්ගේ පෙලපොත් ඇතුළු පාසල් උපකරණ සියල්ලම සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.
පැතිර යමින් තිබු ගින්න නුවරඑලිය මහ නගර සභාවේ සහ තලවකැලේ ලිදුල නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින් තලවකැලේ පොලිසිය , යුධ හමුදා , පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් සහ වතුකම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් විය.
ගින්නෙන් පවුල් 24 කට අයත් සමාජිකයන් 71 දෙනෙකු හොලිරුඩි දමිල මහා විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති අතර ඔහුන්ට අවශ්‍යය ආහාර පාන සහ යටිතල පහසුකම් ලබා දිමට තලවකැලේ ලිදුල නගර සභාව, වතු පාලන අධිකාරිය සහ ආපදා කලමණාකරණ ඒකකය කටයුතු කර ඇත.
දුරකථනයක් චාර්ජ් කිරිමට යාමේදි ඉන් ඇති වු විදුලි කාන්දුවක් ගින්නට හේතුව වි ඇති බවට ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය සැකකරයි.
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගිනිගත් වතු නිවාස පේලිය කඩ වැටිමේ අවධානමක්ද පවති.
ගින්න හේතුවෙන් තලවකැලේ හොලිරුඩ් වතුයායේ වතු නිවාස වලට ලබා දි තිබු විදුලි බලයද තාවකාලිකව විසන්ධි කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
COMMENTS