2016 දී ජනාධිපතිවරයාට බුද්ධි අංශ නිලධාරීන් විසින් අන්තවාදී පිරිසකගේ සන්නද්ධ වීම් පිළිබඳ හා එකිනෙක කණ්ඩායම් වෙඩි තබා ගැනීම් ගැන වාර්තාවක් ලබ...
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ථවාදය මේ වන විට මහා පරිමාණයෙන් ලංකාව තුළට කඩා වැටී ඇති බැවින් මෙම තත්ත්වය මුළුමනින්ම වළක්වාලීම පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකා ජාතික සභාව විසින් “පංචවිධ ජාතික සැලැස්මක්“ එළිදක්වා තිබේ.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, අගරදගුරු මැල්කම් රංජික් කාදිනල් පියතුමන් ඇතුළු සමාජ සංවිධානවල නියෝජිතයින් රැසක් එක්ව සිටියේය.
වනාතවිල්ලුවේ යම් තැනක පුපුරණ ද්‍රව්‍ය තිබුණු බවත් එයට දේශපාලන සම්බන්ධකම් තිබුණු බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමි වැඩිදුරටත් පැවසීය.
දේශපාලන බලපෑම් මත එයට සම්බන්ධ පිරිස් නිදහස් කළ බව ද පැවසු රතන හිමියන් අන්තවාදී ක්‍රියාකාරකම් 2013 සිට තිබු නමුත් 2015 න් පසුව මෙම තත්ත්වය ආයුධ සන්නද්ධව සිදු කල බවද කියා සිටියේය.
ආයුධ ගැනීම් ගැන වාර්තාව අතේ තිබුණත් ආණ්ඩුව මුස්ලිම් දේශපාලඥයින්ට භයේ කිසිවක් නොකළ බව ද රතන හිමි පැවසීය.
බලයේ සිටින ආණ්ඩු සියල්ල ප්‍රධාන පක්ෂ 2කම සුළු ජාතිවාදීන්ට අවශ්‍ය පරිදි නැටවෙන තත්ත්වයකට පත්ව ඇති බවත් ඔවුන් බහුතර ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානය යොමු නොකර සිටින බවත් රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.
සිදු කිරීමට ඇත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම බවත් පැවසු හිමියන්, කුරානයේ මෙවැනි දෙයක් තියෙනවා ද? යන්න ගැටළුවක් බව ද පැවසීය.
කුරානයේ එවැනි දෙයක් තිබුණත් එළියට පැමිණියේ නැති බවත්, මුස්ලිම් අපි සහජීවනයෙන් ජිවත් වු බව ද කියා සිටි රතන හිමියන් අන්තර් ජාතික දේශපාලනයේ ගන්නා වු තීරණ මත මෙම අසමඟිය ඇතිව තිබෙන නිසා එහි ගන්නා වු තීරණ වැදගත් බවද පැවසීය.

COMMENTS