ස්ථාන කිහිපයක පහරදීම් සිදු වනු ඇතැයි කලින් තොරතුරු වාර්තා වූ නමුත් මේ ආකාරයේ බරපතළ පරිමාණයේ ප්‍රහාරය එල්ල වනු ඇතැයි නොසිතූ බව ආරක්ෂක ලේකම් ...
ඔහු මේ බව කියා සිටි බෝම්බ ප‍්‍රහාරයකට ලක් වූ කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු කරමින් සිටියදී විදේශීය මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.
හෝටල් යනු ව්‍යාපාරයක් බවත් ඒවායින් ලාභ උපයන ඔවුන් එහි ආරක්ෂාව ද සපයා ගත යුතු බවත් පැවසූ ආරක්ෂක ලේකම්වරයා රාජ්‍ය හමුදා පොලිසියේ යොදා ඒවා ආරක්ෂා කර දී නැති බවද ඉදිරියේදී ඉදිරියේ දී ද එසේ නොකරන බවත් කියා සිටියේය.
කතෝලික පල්ලි සඳහා ආරක්ෂාවක් නොදුන්නේ මන්දැයි විදෙස් මාධ්‍යවේදියා විමසූ විට ඔහු කියා සිටියේ රට පුරා ඇති පල්ලි විශාල ප්‍රමාණයකට ආරක්ෂාව දීම ගැටලුකාරී බවයි.
කෙසේ වෙතත් මෙතරම් විශාල ප්‍රහාරයක් බලාපොරොත්තු නොවූ බවද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරමින් කියා සිටියේය.
COMMENTS