පා ස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය බුද්ධි අංශවල දුර්වලතාවක් හෝ බුද්ධි අංශ අඩපන වීමෙන් සිදු වූවක් නොවන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කලමණාකර...
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය බුද්ධි අංශවල දුර්වලතාවක් හෝ බුද්ධි අංශ අඩපන වීමෙන් සිදු වූවක් නොවන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කලමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
මොණරාගල පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
මේ සිදුධිය මම නීතිය හා සාමය අමාත්‍යධුරයේ සිටියදී සිදුවූවානම් මම ඉල්ලා අස්වෙනවා යැයි ද ඒ මහතා කියා සිටියේය.
වත්මන් ආණ්ඩු විසින් බුද්ධි අංශවල දුර්ව කළ බවට පසමින් බුද්ධි අංශ ගැන බිල්ලෙක් මවමින් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පවසයි.
වත්මන් ආණ්ඩුව කිසිදු විටකදි රණවිරුවන්ට අසාධාරණයක් සිදු නොකළ බවත් යුද සමයේ වෘත්තීමට හේතුවක් සම්බනධවද කිසිදු රණවිරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පුවත්පත් කලාවේදීන්ට උපරිම නිදහස ලබා දුන්නේ වත්මන් ආණ්ඩුවෙන් බවත් එසේ ලබා දුන් නිදහස ඇතැම් මාධ්‍ය අයුතු ලෙස පාවිච්චි කරමින් සිටින බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

COMMENTS