දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකන් HR මැනේජර් නිසා ගුවන් සේවිකාවෝ ගබ්සා කරන් !
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකන් HR මැනේජර් නිසා ගුවන් සේවිකාවෝ ගබ්සා කරන් !

PropellerAds

ගැ බ් ගැනීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශය තමාට කළ බලපෑම් හමුවේ ස්ථිර කාර්ය මණ්ඩලයෙන් වර්ෂ 2012 දී ඉල්ලා අස්වීමට සිදු වූ බ...

'තරහට ආණ්ඩු පෙරලන්න බෑ' (VIDEO)
කල්පිටිය වෙරළේ අභිරහස් මළ සිරුරක්
පාද යාත්‍රාවේ පැමිණෙන්නන්ට කැළණි ජනතාවගෙන් අපූරු තැග්ගක් (VIDEO)
ගැබ් ගැනීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශය තමාට කළ බලපෑම් හමුවේ ස්ථිර කාර්ය මණ්ඩලයෙන් වර්ෂ 2012 දී ඉල්ලා අස්වීමට සිදු වූ බව එම සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකාවක වන යසන්තා නයෝමි ද අල්විස් මහත්මිය ඊයේ (17) ශ්‍රී ලන්කන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පවසා තිබේ.

එය අසාධාරණ සහ නීතියට පටහැනි කටයුත්තක් බවද ඇය එහිදී පෙන්වාදී ඇත.

මේ සම්බන්ධයෙන් තමා කළ ඉල්ලීම්වලට කන් නොදී එවකට සමාගමේ මානව සම්පත් ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රදීප් කැකුලාවල මහතා තමාගේ කාලය නාස්ති නොකර වහාම ඉල්ලා අස් වී පිටව යන ලෙස දැනුම් දුන් බවත් ඒ අවස්ථාවේ තමා ඉතා අසරණ තත්ත්වයට පත් වූ බවත් පවසා තිබේ.

තමාගේ ඉල්ලා අස්වීම නොදුනහොත් සේවය නතර කිරීමේ ලිපියක් ලබාදීමට සිදුවන බව තමාට ප්‍රකාශ කළ බව ද කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකාරිය සඳහන් කර ඇත.

මානව සම්පත් අංශයේ මේ බලකිරීම නිසා වෙනත් ගුවන් සේවිකාවන් රැකියාව ආරක්‍ෂා කර ගැනීමට ලැබීමට සිටි දරුවන් ගබ්සා කළ අවස්ථා තිබෙන බවත් ඒ අයගේ නම් හෙළි කිරීමට තමා අදහස් නොකරන බවත් සාක්‍ෂිකාරිය මෙහිදී හෙළිකර තිබේ.

තමා ඒ වනවිට කොන්ත්‍රාත් පදනම මත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ වසර තුනක සේවා කාලය සම්පූර්ණ කර සේවය ස්ථිර කර සිටි ගුවන් සේවිකාවක් බව ද ඒ නිසා තමාට ඉල්ලා අස්වීමට කිසිදු කැමැත්තක් නොතිබුණු බව ද අල්විස් මහත්මිය කොමිසමට ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා ඇත.

තමා ගැබ්ගෙන ඇති බව වෛද්‍ය ආනන්ද රණතුංග මහතාගෙන් දැනගත් පසු තමා වහාම ඒ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට දැනුම් දුන් බවත් ගැබ් ගැනීමෙන් පසු ගුවන්ගත වීම දරුවාට අහිතකර බවත් ඇය කොමිසමට පවසා තිබේ.

එසේ තමාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් පසු තමා වැටුප් රහිත වසර දෙකක නිවාඩු ලබාදෙන ලෙස ඉල්ලීමක් කළත් එයට ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශය කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් ඇය පවසා ඇත.

තමා අත්සන් කර ඇති සාමූහික ගිවිසුම අනුව වසර තුනක සේවා කාලය (කොන්ත්‍රාත් පදනම මත) සම්පූර්ණ කළ පසු ගැබ් ගත් අවස්ථාවකදී එසේ ඉල්ලා අස්විය යුතු බවක් සඳහන් නොවන බව ද ඇය සඳහන් කර ඇත.

තමාගෙන් පසු තවත් ගුවන් සේවිකාවක් වසර තුනක කොන්ත්‍රාත් කාලය ගතවීමෙන් පසු ගැබ්ගෙන ඇති බවත් ඇයට ද ඉල්ලා අස්වන ලෙස සමාගමේ මානව සම්පත් අංශය බල කර සිටිය ද ඇය ඉල්ලා අස් වූයේ නැති බව ද සාක්‍ෂිකාරිය කොමිසමට පෙන්වා දී තිබේ.

එම ගුවන් සේවිකාව ඉල්ලා අස් වූයේ නැති වුව ද ඇයගේ සේවය අවසන් කිරීමට සමාගමේ මානව සම්පත් අංශය කටයුතු නොකළ බව ද ඇය සඳහන් කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් සාප්පු හා කාර්යාල පනතට යටත් බව ද ප්‍රදීප් කැකුලාවල මහතා නීතිය හරිහැටි දැන සිටියා නම් තමාට ඒ තත්ත්වයට මුහුණදීමට සිදු නොවන බව ද සාක්‍ෂිකාරිය තවදුරටත් කොමිසමට කියා තිබේ.

තමා 2012 අප්‍රේල් 16 දින තම කැමැත්තෙන් තොරව සමාගමේ මානව සම්පත් අංශයේ බලකිරීම මත තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ෆැක්ස් කර යැවූ බව ද ඇය පවසා ඇත.

පසුව නැවත තමා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට බැඳුණු බවත් දැන් තමා ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකාවක් ලෙස එම සමාගමේ කටයුතු කරන බවත් ඇය තවදුරටත් කොමිසමට කියා තිබේ.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතුව කොමිසම ඊයේ (17) උදේ 10.00 ට පමණ රැස් විය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකන් HR මැනේජර් නිසා ගුවන් සේවිකාවෝ ගබ්සා කරන් !
ශ්‍රී ලංකන් HR මැනේජර් නිසා ගුවන් සේවිකාවෝ ගබ්සා කරන් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDNHDg4d3hFRt_GmTso6wKJlXwz3_BY3W-Hkyc2Li0fd0t7JfzThuWt5fongOdiZ-F6dkfe3zczZ5GHT46HcNlLXGR79rSSvwcU7JmmPD0e86QvV582oflLWQH3yWmlz-o8thSJ98FWcz5/s320/a0594b3f19ead6efb50124d44f72296b_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDNHDg4d3hFRt_GmTso6wKJlXwz3_BY3W-Hkyc2Li0fd0t7JfzThuWt5fongOdiZ-F6dkfe3zczZ5GHT46HcNlLXGR79rSSvwcU7JmmPD0e86QvV582oflLWQH3yWmlz-o8thSJ98FWcz5/s72-c/a0594b3f19ead6efb50124d44f72296b_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/hr.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/hr.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy